පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සමග ‘සාමික’ අත්අඩංගුවට
පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සමග ‘සාමික’ අත්අඩංගුවට
(09.02.2024 – 16:37 +0530 – sinhala.adaderana.lk)
බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිනිඅවියක් සමග පුද්ගලයෙකු (1) කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඝාතනය මෙහෙයවූ ‘කොස්ගොඩ සුජී’ගේ සමීපතමයෙක් වන ‘සාමික’ නැමැත්තෙක් බව පොලීසිය පැවසුවේය.
ගිනිඅවිය සමග මැගසීනයක් හා ජීව උණ්ඩ 32 ක්ද සැකකරුගේ නිවස පසුපස කුරුඳු ඉඩමක සඟවා තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ‘කොස්ගොඩ සුජී’ විසින් අදාළ ගිනිඅවිය ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.
සැකකරු 2008 වසරේ දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයට බැදී 2009 වසරේ සිට ඉන් පළාවිත් ඇති බවට අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ අදාළ සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් හා ‘කොස්ගොඩ සුජී’ නැමැත්තාගේ කණ්ඩායම විසින් පසුගිය කාලයේ දී සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට අදාළව මෙම ගිනිඅවිය යොදාගෙන ඇත්දැයි පිළිබඳව අනාවරණය කරගැනීමට හා සැකකරු විසින් ස්වයංක්‍රීය ගිනිඅවි භාවිත කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතට ගැනෙන වැරදි සිදුකර ඇත්දැයි සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවාගෙන විමර්ශන සිදුකෙරේ.
මේ අතර බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ සැකකරුවන් ප්‍රවාහනය කළ බව පැවසෙන මෝටර් රථයක් දුම්මලසූරිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.
එමෙන්ම ඝාතකයන් ගමන් කළ පෙජරෝ ජීප් රථයට ව්‍යාජ අංක තහඩු සකස් කළ පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත ෴
+++++++++
+
+++++++++
බෙලිඅත්තේ ඝාතනවලට සැක තවත් දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(09.02.2024 – 20:50 +0530 – sinhala.adaderana.lk)
ව්‍යාජ වාහන අංක තහඩු හා ව්‍යාජ ලේඛන සකස් කරනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නිත්‍යානූකූල බලපත්‍රයක් හෝ ලියවිල්ලක් හා අංක තහඩු නොමැතිව වාහනයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 56 ක් වූ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතන සිද්ධියේ වෙඩිතැබීමට පැමිණි ජිප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් බවට සැක කරන, දැනට පළාගොස් සැඟව සිටින සැකකරු සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, මීට මාස කිහිපයකට පෙර පළාගොස් සැඟව සිටින සැකකරුට මොහු විසින් යතුරුපැදි දෙකකට (2) ව්‍යාජ බලපත්‍ර මුදලට සාදා දී ඇති බවත් දැනට සිදුකළ විමර්ශවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිත්‍යානුකූල බලපත්‍රයක් හෝ ලියකියවිල්ලක් හෝ අංක තහඩු නොමැති ත්‍රීරෝද රථයක් හා ජංගම දුරකථනයක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මේ අතර විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බෙලිඅත්තේ ඝාතන සිද්ධියේ ජිප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන දැනට පළා ගොස් සැඟව සිටින සැකකරු සමග දුරකථන සබඳතා පවත්වන ලද නාරාහේන්පිට පුද්ගලයෙකුව ද ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරුගේ නිවස පරීක්ෂා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන ආදායම් බලපත්‍ර හා ලියකියවිලි, රබර් මුද්‍රා 3 ක් හා ජංගම දුරකථන දෙකක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
ඉහත ඝාතනයට යොදා ගත් ජීප් රථයට අංක තහඩු හා ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සැක කෙරේ.
මේ අතර බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ සැකකරුවන් ප්‍රවාහනය කළ බව පැවසෙන මෝටර් රථයක් දුම්මලසූරිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.
+
ව්‍යාපාරිකයාට අමතක වූ මැණික් මල්ල බස් රියදුරු සොරකම් කරලා
(08.02.2024 – 09:58 +0530 – sinhala.adaderana.lk)
රුපියල් ලක්ෂ 25 ක වටිනාකමින් යුත් මැණික් ගල් තොගයක් සොරකම් කළ බස් රථ රියදුරෙකු අවිස්සාවේල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැණික් ව්‍යාපාරිකයෙකු මැණික් ගල් 13 ක් සහිත බෑගයක් රැගෙන අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයට බස් රථයකින් පැමිණ ඇති අතර එහිදි ඔහු විසින් එම බෑගය අතපසුවීමකින් බස් රථයේ අසුන මත තබා ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
පසුව ඔහු යළි බස් රථයට ගොඩවී බෑගය සොයා බැලීමේ දී මැණික් ගල් අස්ථාන ගත වී ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ බස් රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සතුව තිබී එම මැණික් ගල් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු එරත්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
තාඹුගලගේ මැරවරකම් සේරම එළියට | තාඹුගල හදපු කෝමාරිකා කෝ ? (08.02.2024)
+
අනුර පක්ෂය බබළවද්දී වෛද්‍යවරයෙක් NPP පක්ෂයම විනාශ කරයි | වෛද්‍යවරියකට අතවර කරලා මාට්ටු (08.02.2024)
+
අනුර ලංකාවට – අපි පැලවත්තට – ෆයිල් ටික අපිට – බලය නැතුව හොරු හිරගෙට – ජාමුණි කමන්ත කියයි මෙහෙම (08.02.2024)
+
පොල්හේන්ගොඩ කඳවුරේ තිබී අතුරුදන් වූ උණ්ඩ සහිත මැගසිනය හමුවේ
(09.02.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala)
පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස්හේවා බලකා කඳවුරේ තිබී අතුරුදන් වූ බවට වාර්තා වූ, ටී 56 උණ්ඩ 30 ක් සහිත මැගසිනය සොයා ගෙන තිබෙනවා.
යුද හමුදා මූලස්ථානය සදහන් කළේ අදාළ කඳවුරේ ජලය බැසයන කාණුවක තිබී මෙම මැගසිනය හමුවූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය සහ කිරුළපන පොලීසිය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරනවා.
+
අපරාධකරුවන්ගේ ලැයිස්තුවෙන් 7494 ක් අත්අඩංගුවට
(09.02.2024 – 16:14 +0530 – hirunews.lk/sinhala)
‘යුක්තිය මෙහෙයුම’ට සමගාමීව පොලිස් අපරාධ අංශ වෙත යොමුකළ අපරාධකරුවන් 44,794 දෙනාගේ ලැයිස්තුවෙන් 7494 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි 4088 න් 1192 දෙනෙකු ඒ අතර සිටින බවයි.
එමෙන්ම, මත්ද්‍රව්‍ය නොවන වැරදිවලට සම්බන්ධ 33,936 දෙනාගෙන් 5708 දෙනෙකු ද මෙම අත්අඩංගුවට ගත් පිරිසට අයත්.
මීට අමතරව, ඇඟිලි සටහන් හඳුනා ගෙන අත්අඩංගුවට නොගෙන සිටින සැකකරුවන් 4258 දෙනා අතරින් 266 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
ජින්තුපිටියේ වෙඩි තැබීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
(09.02.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala)
ආදුරුප්පුවීදීය පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී පුද්ගලයෙකු ලබාදුන් කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව සයනයිඩ් ශරීරගතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැකකරුවන් දෙදෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අද (09) රෝහලට පැමිණ ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ ප්‍රතිකාර ලැබීමෙන් පසු මොවුන් බන්ධනාගාර ගත කරන ලෙසටයි.
පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් මොවුන් දෙදෙනා ආදුරුප්පුවීදීය පොලිස් සිර මැදිරිය තුළ රදවා සිටින කාලය තුලදීයි පුද්ගලයෙකු විසින් මොවුන්ට සයිනයිඩ් මිශ්‍ර කිරි පැකට් ලබාදී තිබුණේ ෴
‘අස්වැසුම’ නව ප්‍රතිලාභීන්ගේ අයදුම්පත් කැඳවීම හෙට (10)
(09.02.2024 – 15:48 +0530 – hirunews.lk/sinhala)
අස්වැසුම නව ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ කිරීමට නියමිතයි.
මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළ නංවා ඇති අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස 01 වනදා සිට ලබාදීමට නියමිතව තිබෙනවා ෴
ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල
(09.02.2024 – 15:19 +0530 – hirunews.lk/sinhala)
ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.
අද (09) පෙරවරුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයාට අයත් එම ගිනි අවිය බැරැක්කය තුළදී පිරිසිදු කරමින් සිටියදී එය හදිසියේ ක්‍රියාත්මක වී ඇති බව සඳහන්.
එම අවස්ථාවේ වෙඩි වැදී ඇත්තේ ඔහු අසළ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුටයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මොණරාගල රෝහලට ඇතුළත කෙරුණු අතර, තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ ෴
බේකරි 232 කට නඩු
(09.02.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala)
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ නියමිත බර ප්‍රමාණය සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ පසුගිය 05 වැනිදා සිට ඊයේ (08) දක්වා සිදුකළ වැටලීම්වලදීයි.
දිවයින පුරා අඛන්ඩව මෙම වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා ෴
රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පුද්ගලයෙකු වැසිකිළි පිරිසිදුකාර පානය කර මියයයි
(09.02.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 12 ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනක් කිරීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙක් වැසිකිළි පිරිසිදුකාරකයක් පානය කිරීමෙන් මියගොස් තිබෙනවා.
අදාළ සැකකරු පසුගිය 07 වැනිදා උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව දින 14 ක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබුණා.
සැකකරු බන්ධනාගාර වැසිකිළියේ තිබූ වැසිකිළි පිරිසිදුකාරකයක් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ පසුව රෝහල්ගත කෙරුණු සැකකරු ඊයේ (08) සවස ජීවිතක්ෂයට පත් වූ බවයි.
මියගිය පුද්ගලයා උඩුගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙක් බවයි සඳහන් වන්නේ ෴
“දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ” – විපක්ෂ නායක කියයි
(09.02.2024 – 14:01 +0530 – hirunews.lk/sinhala)
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුව අය කරන්නේ ශ්‍රී ලංකාවේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී.
එමෙන්ම, විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් යොමුකර සිටියේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ෴
මරදානට නොදෙවෙනි තවත් කසළ නිවසක් ග්‍රෑන්ඩ්පාස් ඩිමෙල් වත්ත ප්‍රදේශයෙන්
(09.02.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)
මරදාන, මවුලානවත්ත ප්‍රදේශයේ නිවසක කැළිකසල එකතු කරන කාන්තාවන් දෙදෙනෙකු (2) පිළිබඳ අප වාර්තා කළේ පසුගිය 02 වෙනිදායි.
‘හිරු’ කළ අනාවරණයෙන් පසු එම කැළි කසළ ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පියවර ගත් අයුරු ද ‘හිරු’ වාර්තා කළා.
මෙවැනිම සිද්ධියක් අද (09) ‘හිරු’ට වාර්තාවුණේ ග්‍රෑන්ඩ්පාස් ඉසිපතනාරාම, පන්සල පාර, ඩිමෙල් වත්ත ප්‍රදේශයෙන්.
මෙම කාන්තාව ද සිය දෙමහල් නිවස තුළ ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් ඉවතලන ඇඳුම් ගොඩ ගසා ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවට පවා තම නිවස තුළ සිටිය නොහැකිවන සේ ඉවතලන ඇඳුම් ගොඩ ගසා තිබූ අතර, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
අනතුරුව ප්‍රදේශවාසීන් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධනට කළ දැනුම් දීමකට අනුව නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණ අදාළ ස්ථානය පරීක්ෂා කළා.
එහිදී නිලධාරීන් අදාළ කාන්තාවට උපදෙස් දුන්නේ දින තුනක් (3) තුළ එම කැළි කසළ එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවටයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴