‘එට්කා’ ඉක්මනින්ම අත්සන් කරනවා.. අනුර කැඳවලා කට වැහුවා.. දැන් ඔවුන් සද්ද නෑ.. තවත් පක්‍ෂ කැදවනවා..

‘එට්කා’ ඉක්මනින්ම අත්සන් කරනවා.. අනුර කැඳවලා කට වැහුවා.. දැන් ඔවුන් සද්ද නෑ.. තවත් පක්‍ෂ කැදවනවා..


‘එට්කා’ ඉක්මනින්ම අත්සන් කරනවා.. අනුර කැඳවලා කට වැහුවා.. දැන් ඔවුන් සද්ද නෑ.. තවත් පක්‍ෂ කැදවනවා..

(07.02.2024 – 15:50 +0530 – lankacnews.com)

ඉන්දියාවේ වුවමනාව, අප පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන ‘එට්කා ගිවිසුම’ ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ තම දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්‍ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්‍ෂය ද අද නිහඬව සිටින්නේ, මේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බවට වීරවංශ මහතා චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය :

කඩිනමින් එන එට්කා

“මේ වන විට ලංකාව සහ ඉන්දියාව අතර ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීම සඳහා කඩිනම් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් විවිධ රටවල් අතර දේශපාලන – ආර්ථික ගිවිසුම් අත්සන් තැබීම් පිළිබඳ නිලධාරියෙකු පත් කිරීමට හා ඒ වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. දැන් ඒ ඉහත කී නිලධාරියා සහ ඉන්දියානු නියෝජිතයන් අතර ‘එට්කා’ පිළිබඳ සාකච්ඡා ඇරඹිලා තිබෙනවා. අපට වාර්තා වන ආකාරයට ඉතාම කඩිනමින් ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

අතීත උත්සාහය

මෙම ගිවිසුම මීට ඉහතදී අත්සන් කිරීමට සූදානම් වූ ගිවිසුමක්. අප ඇතුළු මහජනයාගේ විරෝධය හේතු කරගෙන එවකට පැවැති මහින්ද රාජපක්ෂ පාලනය එම ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකුණා. වරක් එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටියදී ඔහුගේ වැඩසටහනේ තිබූ ප්‍රධානතම අංගයක් වූයේ ‘එට්කා ගිවිසුම’ට අත්සන් තැබීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් සහ ප්‍රගතිශීලී බලවේගවලට එම ප්‍රයත්නයත් අවසන් මොහොතේ වළක්වා ගැනීමට පුළුවන් වුණා.

ඉන්දියානුවන්ට සම අයිතියක්!

‘එට්කා ගිවිසුම’ අත්සන් කළොත් ශ්‍රී ලංකාවට අත්වන ඉරණම කෙබඳුද? මේ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සහ සාමාන්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයකුට තිබෙන අවස්ථාවන් ඉන්දියානුවකුට ද අත්පත් කර දෙනවා. ගිවිසුම තුළ ව්‍යාජ ලෙස සඳහන් වෙනවා, ‘ශ්‍රී ලාංකිකයන්ට ද ඉන්දීය රැකියා වෙළඳපළ සහ සාමාන්‍ය වෙළඳපොළ තුළ සමාන අවස්ථාවන් ලැබෙනවා’ කියා. නමුත් ඒක කිසිසේත්ම ඉන්දියාවෙන් ප්‍රායෝගිකව ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ තිබෙන යම් ආයතනයක් විදේශයකින් යම් ශ්‍රමිකයකු ගෙන්වනවා නම් ඒකට කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතිය ගන්න ඕනෑ කියා. වාර්ෂිකව ඒ අනුමැතිය අලුත් කරගන්න ඕනේ. එසේ අනුමැතිය දීමේදී කර්මාන්ත අමාත්‍යාංශය බලනවා, ‘එම විදේශයකින් ගෙන්වීමට නියමිත ශ්‍රමිකයා සතු සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉන්නවාද’ කියලා. ශ්‍රී ලාංකිකයන් ඉන්නවා නම් විදේශ ශ්‍රමිකයන්ට පැමිණීමට අනුමැතිය දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නොමැති පුහුණු මානව සම්පතක් නම් ගෙන්වන්න යන්නේ, ඒකට අනුමැතිය දෙනවා. ඒක තමයි විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථාවක් ලබා ගැනීමට තිබුණු ක්‍රමවේදය. නමුත් ‘එට්කා ගිවිසුම’ ආවාම එවැනි ක්‍රමවේදයක් තවදුරටත් ඉතිරි වෙන්නේ නැහැ; ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ ඉන්දියානුවන්ට සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා.

ආර්ථිකමය වශයෙන් ඉන්දියානු කොලනියක්!

මේක රැකියා වෙළඳපොළට පමණක් සීමා වෙන්නේ නැහැ. තොග හා සිල්ලර වෙළඳාමටත් ඉන්දියානුවන්ට සමාන ඉඩක් ලැබෙනවා. මෙතැන තිබෙන වඩා භයානක දේ තමයි ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය ඇතුළු විකුණා දැමීමට නියමිත රාජ්‍ය ව්‍යවසායන් මිලදී ගැනීමට පෙරමුණේ සිටින්නේ අදානි, ටාටා ඇතුළු දැවැන්ත ඉන්දියන් සමාගම් වීම. ඒවා ඔවුන් අතට යාවි. එවැනි ආර්ථික මර්මස්ථාන පමණක් නොවෙයි, ආර්ථික අර්බුදය හේතුවෙන් විකුණා දැමෙන දේශීය පෞද්ගලික ආයතන බොහොමයක් ඉන්දියන් සමාගම් සතු වේවි. ඒ නිසා ටික කලකින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉන්දියානු කොලනියක් බවට පත්වීම වළක්වන්න බැහැ.

මාලදිවයිනට විරුද්ධව කියපු එකක්!

‘ඔබට නිවාඩුවක් තිබෙනවා නම් එය ශ්‍රී ලංකාවේ ගත කරන්න’ කියා ඉන්දියානු විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් ඉන්දියානුවන්ට කිව්වේ අපිට තිබෙන ආදරේට කියා සමහරු හිතනවා. නැහැ! ඒක ලංකාවට ආදරෙන් කියපු එකක් නොවෙයි, මාලදිවයිනට විරුද්ධව කියපු එකක්. වත්මන් මාලදිවයින් ජනාධිපතිවරයා චීනයට හිතවත් කියා ඉන්දියාව ඔහු සමග දැඩි ලෙස උරණ වී සිටිනවා. ඒ නිසා දැන් ‘Boycott Maldives’ කියා විරෝධතා ව්‍යාපාරයක් ද ඉන්දියාව තුළ ව්‍යාප්තව තිබෙනවා. මාලදිවයිනට යාම වළක්වා ගැනීමටයි දැන් ඉන්දියානු බලධාරීන්ට වුවමනා.

ඉන්දියානු රුපියලෙනුත් බඩු ගන්න

‘මේක තමයි ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිත කොලනියක් බවට පත් කර ගැනීමට හොඳම අවස්ථාව’ කියලයි ඉන්දියාව හිතන්නේ. ‘එට්කා ගිවිසුම’ අත්සන් කරලා ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපළ සහ වෙළඳාම ඉන්දියානුවන්ට විවෘත කර දීමටයි ඔවුන් හදන්නේ. ඊළඟට කියයි ‘මේ වෙළඳාම් කරලා උපයන මුදල, ඩොලර් බවට පරිවර්තනය කරලා ලංකාවෙන් රැගෙන යන්නේ නැතිව ඉන්දියානු රුපියල්වලින් රැගෙන යාමට, ලංකාව ඇතුළේ ලංකාවේ රුපියල සමග ඉන්දියානු රුපියලටත් භාවිතයට ඉඩ සලස්වමු’ කියා. ඒ අනුව ඊළඟට අපට කඩෙන් බඩු ගන්න කොට මෙහේ රුපියලෙන් වගේම ඉන්දියානු රුපියලෙනුත් බඩු ගන්න පුළුවන් වේවි.

‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ගැන ලංකාවට උගන්වපු මිනිස්සු අද කට වහගෙන

අද තමන්ට කියා වරායවල් නොමැති නේපාලය ඉන්දියාවේ දැඩි බලපෑමකට නතුව සිටින ආකාරය ඉතා ඛේදනීයයි. ශ්‍රී ලංකාවේ අද පවතින තීව්‍ර ආර්ථික අර්බුදය පාවිච්චි කරලා, ‘එට්කා ගිවිසුමත්’ අත්සන් කරවාගෙන, ඉන්දියානු ආධිපත්‍යය ආර්ථික සහ දේශපාලනමය වශයෙන් පතුරුවා ගැනීමයි ඔවුන්ගේ වුවමනාව. ඒකට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගැතිකම් කරනවා. මේ අනතුර, ඇත්ත අවදානම කිසිවකුත් පෙන්වා නොදෙන්නේ ඒ නිසයි. ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ගැන ලංකාවට උගන්වපු මිනිස්සුත් අද කට වහගෙන ඉන්නේ ඒ නිසයි. මේ ගොදුරු කරගැනීමේ, අත්පත් කරගැනීමේ ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතාම ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටිනවා.

‘එට්කා ගිවිසුම’ අත්සන් තැබුවහොත් මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට පැවැත්මක් නැතුව යනවා. ඡායාරූප ශිල්පීන්, මංගල උත්සව සංවිධායකයන්, රූපලාවන්‍ය ශිල්පීන් වැනි ඕනෑම රැකියාවක නිරත ඉන්දියානුවන්ට මේ රටේ රැකියා අවස්ථාවන් අත්පත් කරගන්න පුළුවන්. ඔවුන්ගේ මිල අඩුයි. අපේ අයට ඔවුන් සමග තරග කරන්න බැරුව යනවා. ඒ නිසා රැකියා වෙළඳපොළ සහ සාමාන්‍ය වෙළඳපොළ යන සියලු තැන්වල ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව අහිමිවීම නියත ලෙස සිදුවේවි. අපට තිබෙන අවස්ථා කොල්ලකන්න ඉඩ සලසන ගිවිසුමකට යන්න ආණ්ඩුවට ඉඩ දීලා නිහඬව සිටිය හැකි ද? ඒ නිසා මුළු වෙර යොදා ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමේ උත්සාහය පැරදවිය යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+

+++++++++++

ඉන්දියාවට අවශ්‍ය “පඟරනැට්ටන්ට” විතරක් ලංකාවේ පාලන සුක්කානම අතට දෙන්න හදන සැලසුම් විමල් හෙළිකරයි! (04.02.2024)

+


ජාතික ජන බලවේගය (මාලිමාව) නීති විරෝධියි (07.02.2024)

+


තාඹුගලගේ මැර ප්‍රහාරය ගැන කියලා ආනන්ද සාගර හිමි එස්.එම්. ගෙත් ඇඳුම් ගලවයි | තාඹුගලගේ මැර වැඩකිඩත් එළියට (07.02.2024)

+

+


කෙහෙළිය ඇතුලේ. දුම්රියේ ඩොලර් මිලියන 22 ක හොරකම් කරපු උන් නිදැල්ලේ. @ChamudithaNewsBrief (07.02.2024)

+


අනුරට මිහින්තලේ හිමිගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න | අනුර මේවට උත්තර දෙන්නම ඕනේ | මෙන්න අහපු ප්‍රශ්න (07.02.2024)

+


රනිල් කරපු කතාව චරිත නැතිම කරයි | මහාචාර්ය චරිත හේරත් මුළු පාර්ලිමේන්තුවම නිහඬ කරයි | චරිත රනිල්ගේ චරිතය නැතිමකරයි (08.02.2024)

+


මෙරටින් හමුවූ විශාලතම සෙල්ලිපියේ කොටා තිබූ දේ

(08.02.2024 – 17:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ජූලි මස 10 වනදා දිඹුලාගලින් හමුවූ මෙරට විශාලතම සෙල්ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (08) එළිදැක්වූවා.

මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය ක්‍රිස්තුපූර්ව දෙවන (2) සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට සාධක හමු වූ බවයි එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10 ක් සහ ඇති බවත්, මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 06 ක් ද එම සෙල්ලිපියේ තිබී හමුවී ඇති බව සඳහන් කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ අදාළ සෙල්ලිපියේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත්, එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස 60% ක් පමණ වන බවත්, ඉතිරි 40% ක කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව මෙම සෙල්ලිපියෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් දළ අදහසක් ලබා ගැනීමට හැකි වූ බවයි.

එහිදී භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බවත්, ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත්, දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළා.

එමෙන්ම එම සෙල්ලිපිය බ්‍රාහ්මීය අකුරු 24 ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති බවත්, ශිලා ලිපියේම අකුරු දහසකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් ඔහු සඳහන් කළා.

මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

එමෙන්ම ‘බරජය’ නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන්ව තිබෙනවා.

එකළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැනත් මෙම සෙල්ලිපියෙහි සඳහන් ව ඇති බවත්, සිව්වැනි (4) පේළියේ ‘ගම්පාලක කෝලිත’ නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා එහිදී සඳහන් කළා.

එහිදී ‘ගම්පාලක කෝලිත’ නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර, ‘සූරතිස්ස, තිස්ස, විශාකා’ නමැති කුමාරවරු තිදෙනෙකු (3) සම්බන්ධයෙන්ද එම ශිලා ලේඛනයෙහි සටහන්ව ඇති බවයි ඔහු පැවසුවේ.

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *