තම දරුවන් දෙදෙනාට (2) අමානුෂික ලෙස පහර දී විඩියෝගත කර සමාජ මාධ්‍යට එක් කළ පියා අත්අඩංගුවට

තම දරුවන් දෙදෙනාට (2) අමානුෂික ලෙස පහර දී විඩියෝගත කර සමාජ මාධ්‍යට එක් කළ පියා අත්අඩංගුවට


තම දරුවන් දෙදෙනාට (2) අමානුෂික ලෙස පහර දී විඩියෝගත කර සමාජ මාධ්‍යට එක් කළ පියා අත්අඩංගුවට

(07.02.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

තම දරුවන් දෙදෙනාට (2) අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය සඳහන් කරනවා.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිදගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේ නිවසේදි අවු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට (2) පහර දි ඇති අතර සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගත වී ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති අතර සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවයි වාර්තා වන්නේ.

දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමඟ රැඳී සිටියදි අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


‘අවලෝකේතීශ්වරයා’ට මානසික රෝගී තත්ත්වයක්

(07.02.2024 – 11:05 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘අවලෝකේතීශ්වර බෝධිසත්වයින්’ වශයෙන් පෙනී සිටි ‘මහින්ද කොඩිතුවක්කු’ නමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය (10) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික වෛද්‍ය සායනය සඳහා ඉදිරිපත් විය යුතු බවටද පෙත්සම්කරුට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.


යුක්තියෙන් තවත් 785 ක් අත්අඩංගුවට

(07.02.2024 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්තිය මෙහෙයුම් වලින් සැකකරුවන් 785 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++

පාසල් 4983 අවට මත්ද්‍රව්‍ය ගැවසෙන බවට තොරතුරු

(07.02.2024 – 08:47 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පාසල් 10,221 ක් අතුරින් පාසැල් 4,983 ක් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

ඒ අනුව එම පාසල් ආශ්‍රිතව පසුගිය මාස කිහිපයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 85 ක්, අයිස් ග්‍රෑම් 48 ක්, මත්පෙති 1561 ක්, ගංජා කිලෝවකට අධික ප්‍රමාණයක්, මාවා කිලෝ 3 ක්, මදන මෝදක කිලෝ 2 කට අධික ප්‍රමාණයක් මෙන්ම නීතිවිරෝධී දුම්වැටි 1285 ක් පොලිස් භාරයට ගනු ලැබු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය සංසරණයක් සිදුවන බවට හදුනාගත් සෑම පාසලක් ආශ්‍රිතව පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගී කරවා ගනිමින් පවුර නමින් සංසද කමිටු 5,133 ක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ හරහා මෙම පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයේ අඩුවක් දක්නට ලැබෙන නමුත් තවදුරටත් එවැනි අවධානමක් සහිත පාසල් 107 ක් ආශ්‍රිතව මෙහෙයුම් සිදු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම දරුවන් නොමග යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හදුනාගෙන ඇති පාසල් 434 ක් ආශ්‍රිතවද මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙසට අදාළ පොලිස් කොට්ඨාස භාර නිළධාරීන් වෙත වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා ෴


පංච (5) පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට

(07.02.2024 – 07:22 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට සහාය වූ තවත් පුද්ගලයෙකු (1) පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

‘අපේ ජන බල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුණේ පසුගිය මස 22 වැනිදායි.

ටී-56 ගිනි අවි යොදාගනිමින් මෙම ඝාතනය සිදුකර ඇත්තේ පළපුරුදු වෙඩික්කරුවන් විසින් බව පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු (1) නීතිඥයෙකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිසියට භාරවීමෙන් අනතුරුව ඊයේ (06) අත්අඩංගුවට ගැනුණා.

ඔහු අකුරැස්ස – ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය මිත්තනියගේ නිවසේ සඟවා තබා පසුව ඒවා කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට මොහු සහාය වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු අද (07) පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන ඇති ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 12 ක්.

මෙම සැකකරුවන් හඳුනා ගැනුණේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳගේ දුරකථන දත්ත විශ්ලේෂණය මගින් අනාවරණය කරගත් කරුණු හරහායි.

+

මේ අතර යාපනය පුත්තූර් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට කන්කසන්තුරේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.

පාසල් දරුවන් මාර්ගයේ ගමන් ගන්නා උදෑසන කාලයේ පලෛයි ප්‍රදේශයේ සිට පුත්තූර් දක්වා වැලි ප්‍රවාහනය කළ මෙම ටිපර් රථය අධික වේගයෙන් ගමන් කිරීමත් සමගයි පොලිස් නිලධාරීන් රථය නැවැත්වීමට අණ කර ඇත්තේ.

කෙසේවෙතත් අණ නොතකා ටිපර් රථය ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වෙඩි තැබීමත් සමග රථය මෙලෙස මාර්ගයේ පෙරළී ගොස් තිබුණා.

මෙය නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් බවට හඳුනා ගැනුණු අතර ටිපර් රථයේ සිටි තිදෙනෙකු (3) අච්චුවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


මාරක අනතුරකින් පාසල් සිසුවෙක් (1) ජීවිතක්ෂයට

(07.02.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මිද්දෙණිය වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.

යතුරු පැදියක් මාර්ගය අසල ඇති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල ඕලුආර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක සිසුවෙක්.

ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු (2) සමඟ යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

තවත් ‍යතුරු පැදියක් සමඟ තරගයට ධාවනය කිරීමට යෑමේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා (2) ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ඇම්බර් 4kg ග්‍රෑම් 450g ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(07.02.2024 – 22:01 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව රුපියල් කෝටි 2 හමාරකට ආසන්න මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ‘තල්මස් වමනය’ හෙවත් ‘ඇම්බර්’ 4 kg ග්‍රෑම් 450gක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) මාතර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ඇම්බර්’ ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

‘ඇම්බර්’ සඳහා විශාල ඉල්ලුමක් පවතින්නේ ලොව මිල අධිකතම සුවඳ විලවුන් සහ ඖෂධ නිෂ්පාදනයට එය භාවිත කිරීම හේතුවෙන් ෴


අරණායක දිසාරෝහලේ වෛද්‍යවරියගේ රහස් පෙදෙස බලහත්කාරයෙන් අතගෑ වෛද්‍යවරයා සොයා විමර්ශන

(07.02.2024 – 21:55 +0530 – sinhala.adaderana.lk)

= වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන =

වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් අරණායක දිසාරෝහලේ ‍රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ ම රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීම පිළිබඳ මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 07 වැනි දින පස්වරුවේ ලද පැමිණිල්ලක් මත අරණායක පොලීසිය මෙම විමර්ශනය ආරම්භ තිබේ.

රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියගේ රහස් පෙදෙස බලහත්කාරයෙන් අතගෑම සම්බන්ධයෙන් සිය මව්පියන් දැනුම්වත් කිරීමෙන් අනතුරු ව කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත අදාළ වෛද්‍යවරිය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත ෴


කඩුවෙන් අතට කොටලා වාහනේ පැහැරගෙන | පොලීසියෙන් පන්නද්දී පනින්න හදලා | ප්‍රදේශවාසීන් නිසා චණ්ඩි නොණ්ඩි වෙලා | මෙන්න බිහිසුණු පැහැරගැනීමේ සිද්ධිය (07.02.2024)

+


‘රශ්මි ප්‍රියංජලා’ගේ ‘පිරිමි + කාන්තා’ කටහඬ දෙකෙන්ම ගැයූ ගීය (21.01.2024)

+

+


නිලන්ත සිරි පතිරණ | Chat & Music (16.10.2023)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *