ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්

ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්


ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්

(06.02.2024 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට අනුබද්ධ පෙර පාසලක දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සඳහන් කළේ මේ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිලධාරීන් දැනුවත් කළ බවයි.

අදාළ පාසලට යාබඳව පිහිටි ඉඩමේ තිබූ ගසක අත්තක් ඊයේ (05) පෙරවරුවේ මෙලෙස කඩා වැටී තිබූ අතර පෙර පාසලේ දරුවන් 4 දෙනෙකු ඊට යට වීමෙන් තුවාල ලැබුවා.

ඔවුන් කඩිනමින් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ගම්පොළ – ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි ‘මොහොමඩ් සෙයම් අස්වී’ නමැති 5 හැවිරිදි දරුවා මියගියා.

බරපතල තත්ත්වයේ පසුවූ තවත් දරුවෙකු ගම්පොළ රෝහලෙන් මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුණු අතර ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම තවත් දෙදෙනෙකු (2) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය ‘මොහොමඩ් සෙයම් අස්වී’ දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වෙනවා.

මොහු ඉගෙනුම් කටයුතු සඳහා මීට සති තුනකට (3) පමණ පෙරයි පෙර පාසලට ඇතුලත් වී තිබුණේ. අනතුර සම්බන්ධයෙන් අදාළ පෙර පාසල අයත් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකු සහ ප්‍රදේශවාසීන් අදහස් දක්වා සිටියා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ අත්ත කඩා වැටුණු ගස පිහිටි ඉඩමට ඉදිරියෙන් තවත් පෙර පාසලක් පිහිටා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මියගිය සිසුවා ඉගෙනුම ලබන පෙර පාසල අයත් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන්ද අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අදාළ ගස කඩා වැටීමේ අවධානමක නොතිබූ බැවින් ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු නොකළ බවයි.

+


දඹුල්ලේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

(06.02.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාර හංදිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අනතුරෙන් තුවාල ලැබූ මාස 9 ක් වයසැති ඔවුන්ගේ කුඩා බිළිඳිය දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මොවුන් මාර්ගය අසල රැදීසිටියදී හප්පා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ, බණ්ඩරාගම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් ෴


9 වන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය විවෘත කිරීම හෙට (07)

(06.02.2024 – 07:40 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ පස්වන (5) සභාවාරය විවෘත කිරීම හෙට (07) චාම් අයුරින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති අතර ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව සභා වාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සීමිත ආරාධිතයින් පිරිසකට පමණක් ඇරයුම් කර තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුවේ 4 වන සභා වාරය ඉකුත් 26 වනදා අවසන් කළ අතර හෙට (07) 9 වන පාර්ලිමේන්තුවේ පස්වන (5) සභා වාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

එදින පෙරවරු 10:30 ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අනතුරුව එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන අතර එය ලබන අනිද්දා (08) සහ සිකුරාදා (09) පැවැත්වීමටයි පක්ෂ නායකයින් පසුගියදා එකඟතාවය පළ කළේ ෴


වන විනාශයක් ගැන හොයන්න ගිය පරිසරවේදීන්ට සහ හාමුදුරුවන්ට ප්‍රහාරයක් – විරංජිත් තාබුගලගෙත් සම්බන්ධයක්

(06.02.2024 – 20:46 +0530 – hirunews.lk/sinhala)

‘විරංජිත් තාබුගල’ට අයත් බව කියන කෝමාරිකා වගාවක් වෙනුවෙන් විල්පත්තු රක්ෂිතයේ ප්‍රේරණ කලාපයේ කොටසක් එළිපෙහෙළි කිරීම ගැන සොයා බැලීමට ගිය ‘පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි’ ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන්ගෙන් අද (06) විරෝධයක් එල්ල වුණා.

එහිදී උන්වහන්සේ ඇතුළු පිරිස පැමිණි මෝටර් රථයට ද පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසක් රාජාංගනය යාය 18 ප්‍රදේශයට ගොස් තිබුණේ විරංජිත් තාබුගල විසින් කෝමාරිකා වගාවක් සඳහා රාජාංගනය විල්පත්තු රක්ෂිතයට අයත් ප්‍රේරණ කලාපයේ භූමියක් එළිපෙහෙළි කරන බවට ලද තොරතුරු මතයි.

එහිදී ප්‍රදේශවාසීන් ඊට බාධා කර තිබූ අතර මේ හේතුවෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස පැමිණි මෝටර් රථයෙන්ම එම ස්ථානයෙන් පලා යාමට පියවර ගත්තා.

එම අවස්ථාවේ පුද්ගලයෙකු විසින් එම රථයට හිස් ආවරණයකින් පහර දෙනු ලැබුවා.

එම මෝටර් රථය තමන්ව අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් මෝටර් රථය පසුපසින් පැමිණි කැබ් රථය නවතා විරෝධය පළ කළා.

එහිදී පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි සමග පැමිණ සිටි පිරිසේ අයෙකුට ප්‍රදේශවාසීන් පහරදීමක් සිදුකර තිබෙනවා.

පසුව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කර තත්ත්වය සමතයකට පත්කර එම ස්ථානයෙන් පිටව ගියා.

කෙසේවෙතත් මෝටර් රථයට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස මිහින්තලය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

+++++++++

+


කෙනෙක් යද්දී තව කෙනෙක් | දහම විකෘති කරන තව හිමි නමක් එළියට |කස්සප හිමි ජනාධිපති ලේකම් කාර්යාලයටම යයි (06.02.2024)

+


සෞඛ්‍ය අමාත්‍යංශය ගිය CID නිලධාරීන් – සියලුම ලිපි ලේඛන හොයාගෙන – Hiru News

+++++++

News Center සංජය මහවත්ත සමග 06.02.2024 දින පැවැත්වූ සාකච්ජාව

++++++++

07.02.2024

++++++++

කෙහෙළිය කළේ මිනී මැරුමක්. මේකට මරණ දඬුවම දිය යුතුයි. @TruthwithChamuditha (06.02.2024)

++++++++

බාර ගනින් මේක – ඇඟ කිළිපොලා ගිය විධානයක් | Dr Rukshan Bellana | @MeeMassooTV

++++++++

ඇමති රමේෂ් පතිරණ ඖෂධ සමාගම්වල නියෝජිතයෙක් – ඉස්පිරිතාලවල වැඩ කරලා නෑ. ආන්දෝලාත්මක හෙළිදරව්ව (07.02.2024)

++++++++

මචං පරිස්සමින් හිටපන් උඹලත් – ජනපති මාධ්‍යයට උපදෙසක් ජනපතිටත් අවවාදයක් – නීතීඥ මනෝජ්ගෙන් (05.02.2024)

+++++++++

කෙහෙළිය රඹුක්වැල්ල නමින් පාසලක් – ජෝසප් ස්ටාලින් (07.02.2024)

+

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි. ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴ (07.02.2024)

+

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ෴ (07.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *