රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි..

රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි..


රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි..

(04.02.2024 – 22:02 +0530 – lankacnews.com)

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් නාරාහේන්පිට පිහිටි ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 21 වැනිදාට අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (02) නියෝග කළාය.

ඒ එම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ මහතා මෝසම මාර්ගයෙන් අද (04) කරන ලද කරුණු දැක්වීමට අනුවය.

මේ නඩුවේදී පුදුම සහගත දේ සිදුවී ඇති බවත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොසිටි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ පැමිණිලි පාර්ශවය නොසිටි පසුගිය ජනවාරි 17 වැනිදා රෝහලේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මේ නඩුව කැඳවා මෙහි තීන්දුව ලබාගෙන ඇති බවත් එය නීතියට පටහැනි බවත්, එය නඩුව සොරා පැහැරගෙන යාමක් බඳු යැයි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙය අපරාධ නඩුවක් බවත්, පෙන්වාදුන් නීතීඥවරයා එම නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේ බලය ලත් නියෝජිතයා යැයි ලිපියක් ඉදිරිපත් කරමින් නැමැත්තෙකු නඩුවේ විත්තිකරුවන් වන රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් වරද පිළිගෙන ඇති බවත්, එසේ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් වෙනත් අයකුට පෙනී සිටිය නොහැකි බවද අධිකරණයට දැන්වීය.

අදාළ විත්තිකරුවන් අතර විශාල ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ඇතුළු රටේ ප්‍රභූන් සිටින බවත්, අපරාධ නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් අයකුට පෙනීසිටීමට අවස්ථාව සැලැසීම නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ද නීතීඥ මහතා අධිකරණයට කියා සිටියේය.

නීතීඥ මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් බලයලත් නියෝජිතයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 25,000 ක දඬ මුදලක් නියම කර ඇති බවත්, එසේවුවද, මෙවැනි වරදක් පිළිගත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ජනතාව‍ගෙන් සමාව ඉල්ලා සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන පුවත්පත්වල අඟල් 10 X 10 ප්‍රමාණයෙන් දැන්වීමක් පලකළ යුතුබවත්, ඒ සඳහා නියෝගයක් මෙහි නැතැයි ඔහු ‍අධිකරණයට දැන්වීය.

මේ තොරතුරු දැනගැනීමෙන් තමාත් පුදුමයට පත්වූ බවත්, කිසිම අවස්ථාවක වැඩබලන මහේස්ත්‍රාත්වරයකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ ‍නොහැකි බවත්, මේ නඩුවේ යම්කිසි ගැටලුවක් සිදුව ඇති බව නීරීක්ෂණය වන බවත්, මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විවෘත අධිකරණයේ කියා සිටියාය.

‍අදාළ විත්තිකරුවන්ට දඬුවම් නියම කර ඇති ආකාරය පිළිබඳව ද ගැටලුවක් ඇතැයි ද, විත්තිකරුවන්ට චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළ යුතුබවත්, එසේම මෙවැනි සුළු දඬ මුදලකුත් නියම කළ නොහැකි බවද ඇය පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ නඩුවේ විත්තකරුවන් ලෙස නම්කර ඇති ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් පිරිසට ලබන 21 වැනිදාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස නියෝග කළාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ද එදිනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළාය ෴


බන්ධනාගාර වෛද්‍යවරිය මුදලට, කෙහෙලිය රෝහලට | Talk with Sudaththa (05.02.2024)

+


මහා ඖෂධ වංචාවේ සුලමුල A to Z මෙන්න | කෙහෙළියට අවුරුදු 15 කට විතර හිරේ යන්න වෙනවා | පාම ‍‍‍‍‍‍‍‍වෛද්‍ය කාවින්ද ජයවර්ධන (05.02.2024)

++++++++++

සංජයගේ අත කැඩුවේ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව උපවාස කර නිසා? (05.02.2024)

+


‘පුන්නක්කු මෙතඩ්’ කරන්න ගිහින් අපේ මිනිස්සු නැති ලෙඩ හදාගන්නවා. @ChamudithaNewsBrief (22.01.2024)

+


ගසක් කඩා වැටීමෙන් ගම්පොල පාසල් සිසුවෙකු (1) මරුට

(05.02.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ගසක් කඩාවැටීමෙන් ගම්පොල නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට අයත් පෙර පාසලක පස් (5) හැවිරිදි දරුවෙකු අද (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙර පාසල් පරිශ්‍රයේ දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී ඒ අසල ඉඩමේ තිබූ ගසක් මෙලෙස ඔවුන් මතට කඩාවැටී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් දරුවන් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට ගම්පොල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

+++++++++

+


හිටපු සෞඛ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ වෛද්‍ය චමල් සංජීව ඇපමත මුදාහරී

(05.02.2024 – 14:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය චමල් සංජීව අද (5) අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ ඔහුගේ නීත්‍යානුකූල නියෝජිතයා මාර්ගයෙන්.

එහිදී වෛද්‍ය චමල් සංජීව රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


‘පයාගල මකා’ අත්අඩංගුවට

(05.02.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කළුතර සහ අවට ප්‍රදේශවල කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කොල්ලකෑ ‘පයාගල මකා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට මාසයකට (1) පමණ පෙර පයාගල මැටිමුල්ල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර එමගින් තවත් පුද්ගලයෙකු හා එක්ව කාන්තාවන්ගේ රන් මාල කොල්ලකා ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 ක්ද සොයාගෙන තිබෙනවා.

පසුගියදා පානදුර නගරයේ කාන්තාවකගේ රන් මාලයක් පැහැරගත් සිද්ධියේ සැකකරු වන්නේ ද මොහු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද (05) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


පාන් අලෙවියේදී තරාදිය අනිවාර්ය කරයි

(05.02.2024 – 16:51 +0530 – hirunews.lk/sinhala)

නිශ්චිත බර සඳහන් කරමින් පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා අද (05) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම පාරිභෝගිකයාට බර මැනිය හැකි පරිදි ප්‍රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාන් ගෙඩියක තිබිය යුතු බර ග්‍රෑම් 450 ක් ලෙසත්, ඉන් අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.5 ක් ලෙසත් දක්වා තිබෙනවා.

එමෙන්ම පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් විය යුතු අතර අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 9 ක් බව එහි සඳහන්.

ගැසට් නිවේදනය අනුව නියමිත බරින් යුතුව පාන් අලෙවි කරන්නේද යන්න සොයා බැලීම සඳහා අද සිට නිලධාරීන් යොදවා තිබෙනවා.

තවමත් ඇතැම් වෙළෙඳසැල්වල නියමිත බරින් යුත් පාන් අලෙවි නොකරන බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ.

+


ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

(05.02.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴


උසස් පෙළ පාසල් 3000 ක් ඩිජිටල්කරණයට

(05.02.2024 – 18:00 +0530 – hirunews.lk/sinhala)

ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් 3000 ක් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

යාපනය හින්දු විද්‍යාලයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රටේ සියලු දරුවන්ට අධ්‍යාපන සමාන අවස්ථා ලබා දීම අරමුණ බවයි.

අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන (Smart Interactive Board) බවත් මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ෴


‘කන්චිපානි ඉම්රාන්’ ගෙන් මිහිජය සෙවණ ඕ.අයි.සී. ට මරණ තර්ජන

(05.02.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ඉන්දියාවට පළා ගොස් ඇති බවට පැවසෙන ‘මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්’ හෙවත් ‘කංජිපාණි ඉම්රාන්’ විසින් මට්ටක්කුලිය ‘මිහිජය සෙවණ’ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබෙනවා.

ඒ ‘බඩා රංජි’ නැමැති පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

පසුගිය මස 15 වෙනිදා ‘මිහිජය සෙවණ’ පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති මෝදර ‘රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ’ දී ‘බඩා රංජි’ට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) ‘මිහිජය සෙවණ’ පොලිසිය විසින් අද (05) අලු‍යම අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ බව සැලවීමත් සමගයි ‘කංජිපාණි ඉම්රාන්’ විසින් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මෙලෙස මරණ තර්ජන එල්ල කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *