අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම්

අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම්


අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම්

(04.02.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450 ක් ලෙස තිබිය යුතු බවයි.

ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05 ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 225 ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09 ක් බව එහි සදහන්.

කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අදාල ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඊයේ (03) ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, පාන් වල නියමිත බර සදහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාන් අලෙවි කරන්නේද නැද්ද යන්න සොයාබැලීම සදහා අවශ්‍ය කටයුතු හෙට සිට ක්‍රියාත්මක කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

+


දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 106 ක්

(04.02.2024 – 12:06 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව මෙරටින් අලුතින් පිළිකා රෝගීන් 106 දෙනෙකු විනිශ්චයට ලක්වන බව පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානය මේ බව සඳහන් කළේ අදට (04) යෙදී ඇති ‘ලෝක පිළිකා දිනය’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

එමෙන්ම මේ වසර තුළ පමණක් දරුවන් දහසකට (1000) වඩා පිළිකාවට ගොදුරු වී ඇති අතර, 2021 වසරේ සංඛ්‍යාලේඛණවලට අනුව එක් වසරක් තුළ මෙරටින් වාර්තාවූ එම රෝගීන් සංඛ්‍යාව 37,753 ක්.

එමෙන්ම ලොව පුරා අවුරුදු 50 ට අඩු පුද්ගලයන් අතර අලුතින් වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශක 3 ක කාලසීමාව තුළ සියයට 80 කින් වර්ධනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴


මිනී පෙට්ටියක් රැගෙන මර්වින් සිල්වා බොරැල්ල කනත්තට යයි

(04.02.2024 – 19:19 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන අද (04) සවස බොරැල්ල කනත්තට ගොස් තිබුණි.

ඒ, ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත’ට විරෝධය පළ කරමිනි.

එම පිරිස බොරැල්ල කනත්තට ඇතුළු වීමට උත්සාහ කිරීමේදි එහි ආරක්ෂක නිලධාරින් ඊට එරෙහිවී ඇති අතර එහිදී දෙපිරිස අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැදම හිටපු අමාත්‍යවරයා ඇතුළු විරෝධතාකරුවන් ඊට ඇතුළු වී තිබේ.

+++++++++

+


කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළායයි

(04.02.2024 – 16:16 +0530 – sinhala.adaderana.lk)

කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් තිබේ.

සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර ඔහු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි.

පොලිස් ජීප් රථයෙන් සැකකරු අධිකරණ භූමියට රැගෙන විත් එහි දොර විවෘත කරන අවස්ථාවේ ඔහු සමග විලංගු ලා සිටි අනෙකු සැකකරුගේ මුහුණට ගසා දෑත් විලංගු ගලවාගෙන එම සැකකරු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි.

වැඩිදුරටත් වාර්තාවන්නේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ සැකකරු අධිකරණ භූමියට රැගෙන ආ නිලධාරීන් පසුපස හඹා ගියද සැකකරු ඔවුන් මගහැර පළායාමට සමත්ව ඇති බවටය.

සැකකරු සොයා අලුත්ගම පොලීසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත ෴


නිදහස යනු කුමක් දැයි කාදිනල් හිමි අසයි

(04.02.2024 – 12:47 +0530 – sinhala.adaderana.lk)

පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියෝ එම අදහස් පළ කළහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් :

“දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටිලා. නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? පාලකයන්ගේ නිදහසද? ජනතාවගේ නිදහසද? පිටරට නියෝජිතයින් ගෙන්වා, රටේ ප්‍රභූවරුන් ඉදිරියේ බඩගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම නිදහසද? සුන්දර අපේ මව්බිම අවාසනාවන්තයි. පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදාගත යුතුයි. නිවැරදි නායකයෙක් රටට පත්කරගත යුතුයි”

++++++++

+


මරණීය තර්ජන එල්ල කර කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(04.02.2024 – 09:49 +0530 – sinhala.adaderana.lk)

මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස්රථයක රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු රුපියල් 20,000 ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව ඔවුන් පිටකොටුව බස් නැවතුමට පැමිණ රථය නවතා තිබිය දී බස් රථයට නැගි පුද්ගලයෙකු රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන තිබේ.

ඒ පිළිබඳ සැක සිතූ රියදුරු ඇතුළු පුද්ගලයින් අදාළ පුද්ගලයා අල්ලා දුරකථනය පරීක්ෂා කිරීමේ දී රියදුරුගෙන් ලබාගත් ඡායාරූපය වට්ස්ඇප් ඔස්සේ විදේශීය දුරකථන අංකයට යොමු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

පසුව විදේශීය දුරකථන අංකයකින් අදාළ රියදුරුට රුපියල් 25,000 ක කප්පමක් ගෙවන ලෙසට තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දින 07 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

+++++++++

+


ඇමති කෙනෙක් ඇතුලට දාපු පළමුවෙනි නඩුව මේක. මේ ‘ගේමේ’ ඉන්නේ කෙහෙළිය විතරක් නොවෙයි. (04.02.2024)

+


යුධ හමුදාවේ 1450 කට උසස්වීම්

(04.02.2024 – 20:29 +0530 – hirunews.lk/sinhala)

76 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යුද හමුදා නිලධාරීන් 211 දෙනෙකු සහ සෙසු නිලයන් 1,239 කට උසස්වීම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා බල සේනාවන් හි බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු (2) මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත් ඒ අනුව උසස් කෙරුණා.

එමෙන්ම මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයට මෙන්ම කපිතාන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලය දක්වා උසස්වීම් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴


පස් (5) නිවුන් දරුවන් රෝහලෙන් පිටව යයි

(04.02.2024 – 20:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී එක වගේ මල් කැකුළු 6 ක් මෙලොව එළිය දැකීම කාටත් සතුට දැනවූ සිදුවීමක් වුණා.

නමුත් අවාසනාවකට එහිදී එක් (1) දරුවෙක් මිය ගිය අතර අනෙක් දරුවන් පස්දෙනා (5) මේ වන තෙක්ම කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඒ අනුව මාස 03 කටත් වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙම බිළිඳුන් පස්දෙනා (5) නිදහස් දිනය යෙදුණ අද (04) දිනයේ මව්පියන් සමඟ සිය නිවස වෙත පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පස් (5) නිවුන් දරුවන් සියල්ලන්ම ඉතාමත් හොඳ සෞඛ්‍ය මට්ටමක සිටින බවයි රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ.

+


කන්දකාඩුවේ ගුටි ඇනගත් පිරිසක් රෝහලේ

(04.02.2024 – 21:18 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

එමෙන්ම පළා ගිය රැඳවියන් 14 ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අද (04) අලුයම රැදවියන් 16 දෙනෙකු පළා ගොස් තිබෙනවා.

එහිදී පළාගිය රැදවියන්ගෙන් කිහිපදෙනෙකු සෝමාවතිය පුදබිම පරිශ්‍රයේ රැදී සිටි පුද්ගලයෙකුට පහරදී ඔහුගේ මුදල් සහ ජංගම දුරකතන ද පැහැරගෙන ගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර ද අවස්ථා දෙකක (2) දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැදවියන් පළා ගොස් තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *