ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ?

ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ?


ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ?

(03.02.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala)

තමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් එම වගකීම භාරගැනීමට සූදානම් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය ‘රොෂාන් රණසිංහ’ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එම ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඔහු මීට පෙර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවා තිබූ අතර, ඉන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙම නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබුණේ.

+


‘හරක්කටා’ මුදාගැනීමේ මෙහෙයුමට සහය දුන් කොස්තාපල්වරයෙකු අල්ලයි

(03.02.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවල සටහන් සහ ලේඛණ බාහිර පාර්ශවයක් වෙත ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

‘හරක්කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘හරක්කටා’ මුදාගැනීම සඳහා වරින් වර සැලසුම් ද ක්‍රියාත්මක කර තිබුණා.

එම සැලසුම් සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහයද හිමි වූ බවයි වාර්තා වුණේ.

‘හරක්කටා’ මුදාගැනීමේ මෙහෙයුම සඳහා එලෙස සහය පළ කළ පොලිස් කොස්තාපල්වරයෙකු මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් සැඟව සිටිනවා.

මේ අතර, මෙම මෙහෙයුම සඳහා සහය පළ කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබුණේ.

‘හරක්කටා’ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල සටහන් සහ ලේඛණ සිය පෞද්ගලික ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකර බාහිර පාර්ශවයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ලවනවා.

+


පාන් බර ගැසට්ටුවේ අඩුපාඩු ඇතැයි බේකරි හිමියන්ගෙන් චෝදනා

(03.02.2024 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පාන් ගෙඩියක සහ පාන් භාගයක තිබිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අඩු බරට පාන් අලෙවි කිරීමට තම සංගමයද විරුද්ධ බවයි.

පෙරේදා (01) නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයට අනුව, පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක් ලෙස දක්වා ඇති අතර ඉන් අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05 ක්.

එමෙන්ම පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් විය යුතු අතර, අඩු විය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09 ක් බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී බොහෝ වෙළඳසැල්වල පාන් ගෙඩියක නියමිත බව දක්නට ලැබුණේ නැහැ.

බේකරි හිමියෙකු කියා සිටියේ ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් නිපදවීම සඳහා පිටි ග්‍රෑම් 500 ක් පමණ භාවිත කළ යුතු බවයි.

+


සීතා­වක ඒ.එස්.පී. නාඹර වෙළෙ­න්දි­ය­කට අඹ ගෙඩි­ව­ලින් ගහලා – හංවැල්ල පොලි­සි­යට පැමි­ණි­ල්ලක්

(03.02.2024 – dinamina.lk)

පොලිස් නිල ඇඳු­මින් සැරසී අඹ මිල දී ගැනීම සඳහා පැමිණි සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු අඹ ගෙඩි­ව­ලින් සහ මිල දර්ශන පුව­රු­වෙන් තමාට පහර දුන් බව පව­ස­මින් 21 හැවි­රිදි ව්‍යාපා­රික කාන්තා­වක හංවැ­ල්ල‍ ­පො­ලි­සිය වෙත පැමි­ණි­ල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

ප්‍රහා­ර­යට ලක් වූ බව කියන මොන­රා­ගල දොඹ­ග­හ­වෙල ඇළේ­ලන්ද පදිංචි ආර්.ටී. උද්දිකා නමැ­ත්තිය ප්‍රති­කාර සඳහා සාලාව රෝහ­ලට ඇතු­ළත්ව ඇත.

අවි­ස්සා­වේල්ල කොළඹ මාර්ගයේ වන­හ­ගොඩ ප්‍රදේ­ශයේ පිහිටි පල­තුරු වෙළෙ­ඳ­ස­ල­කට අඹ මිල දී ගැනී­මට පැමිණි අව­ස්ථාවේ එහි මිල සම්බ­න්ධ­යෙන් ඇති වූ කතා­බහ දුර­දිග යෑමෙන් අන­තු­රුව සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ව්‍යාපා­රික කාන්තා­වට අඹ ගෙඩි­ව­ලින් හා මිල දර්ශන පුව­රු­වෙන් පහර දී අන­තු­රුව තරා­දි­යද ඇය දෙසට තල්ලු කර දැමූ බව එම කාන්තාව හංවැල්ල පොලි­සිය වෙත පෙරේදා (01) කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ. ඒ අනුව පොලි­සිය ඇය වෙත 12/2024 අධි­ක­රණ වෛද්‍ය පෝර­ම­යක්ද නිකුත් කර ඇත. සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී ව්‍යාපා­රික කාන්තා­වට මෙලෙස පහර දී ඇත්තේ සීතා­වක පොලිස් කොට්ඨා­ස­යට අනු­යුක්ත සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු බව පොලිස් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි. හංවැල්ල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි ෴


අනුරාධපුර පොලිසියේදී මියගිය තරුණයාගේ උදරය තුළ කැඩීගිය ප්ලාස්ටික්

(03.02.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඥාතීන් සහ ගම්වාසීහු චෝදනා එල්ල කළ 22 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ශරීරයේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල කිසිවක් නොතිබූ බවත් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෘතශරීරයේ, උදරය තුළ කැඩීගිය ප්ලාස්ටික් පැකට්ටුවක් තිබූ බවත්, මරණකරුගේ මුත්‍රා සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේදී එම මුත්‍රාවල අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බවත් හඳුනා ගෙන තිබෙනවා.

මරණයට හේතු විය හැකි හෝ ඊට දායක විය හැකි අභ්‍යන්තර තුවාල කිසිවක් නිරීක්ෂණය නොවුණු බවද සඳහන්.

අනුරාධපුර දෙවැනි පියවරේ පදිංචි 22 හැවිරිදි ‘සනුක ගිහාන් මාරඹගේ’ නමැති තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ බව පවසමින් ඥාතීන් හා ගම්වාසීහු පිරිසක් ඉකුත් 30 දා රාත්‍රී අනුරාධපුර පොලිසිය අසලදී සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන්නා.

කෙසේ වෙතත් පොලිසිය සැක පළ කරන්නේ වැටලීම සිදු කරන අවස්ථාවේදී බියට පත් වූ මෙම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ගිල දමන්නට ඇති බවයි ෴


මතුගම දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරයි

(03.02.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)

මතුගම ප්‍රදේශයේ අද (03) අලුයම තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඝාතනයට ලක් ව ඇත්තේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

+


අල්ලස් ගැනීමට තැත් කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(03.02.2024 – 10:11 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබා ගැනීමට තැත් කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් රථ වාහන නඩුවකට අදාළ දඩ මුදල අඩු කර ගැනීම සඳහා ඊයේ (02) මෙම මුදල් ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් මාතලේ මහවෙල පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) බවයි සඳහන් වන්නේ.

+


අපිට ඉන්න එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

(03.02.2024 – 21:36 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ‘අප්‍රිකානු ඇතා’ නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි.

එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති ‘කණ්ඩුල’ සහ ‘කලණ’ යන හස්තීන් දෙදෙනා (2) ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.

+


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

(03.02.2024 – 19:04 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 24 කට මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණවූ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් එම පුද්ගලයා දැනටමත් දිවයිනෙන් පළා ගොස් ඇතැයි සැක මතුවී තිබේ.

මේ අතර ඝාතනයට සම්බන්ධවූ වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

අපේ ජනබල පක්ෂයේ සභාපති ‘සමන් පෙරේරා’ හෙවත් ‘රෝයල් බීච් සමන්’ ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු (5) පසුගිය 22 වනදා බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකළ අතර එහිදී අනාවරණ කරගෙන තිබුණේ ප්‍රහාරය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් අයෙක් ‘චම්පික ප්‍රසන්න කුමාර’ නම් නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් බවය.

ඔහු ඝාතනයෙන් අනතුරුව කඹුරුපිටිය බස්නැවතුම්පොළ අසලින් පැජෙරෝ රථයෙන් බැස යන පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් පසුව අනාවරණ කරගත්තේය.

ඝාතනයෙන් අනතුරුව ඔහු විවිධ ප්‍රදේශවලට ගොස් ඇති අතර පසුගිය 29 වනදා උදෑසන 08:11 ට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව අබුඩාබි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔහු විදෙස්ගතවී ඇත්තේ තමන්ගේ සැබෑ විස්තර ඇතුළත් විදෙස්ගමන් බලපත්‍රය භාවිත කර බවද වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ, ඊට අදාළ දර්ශන සීසීටීවී කැමරාවල ද සටහන්වී තිබෙන බවය.

මේ අතර ඝාතකයන් පැමිණි පැජෙරෝ රථය නුවරින් රුපියල් ලක්ෂ 24 ක පමණ මුදලකට මිලදීගෙන ඇත්තේ මංකොල්ලයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නමින් බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර අනතුරුව ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති බව සඳහන් ය.

‘මහේෂ් සිල්වා’ නම් අදාළ පුද්ගලයා කොල්ලුපිටියේ පිහිටි මූල්‍ය ආයතනයකද සේවය කර ඇති අතර ඔහු ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට සැඟව සිටින අතර ආරක්ෂක අංශ සැක කරන්නේ ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළාගොස් ඇති බවය.

මේ අතර අදාළ පැජෙරෝ රථය ඝාතනය වූ දින පදවා ඇත්තේ යුද හමුදාවෙන් ඉවත් කරන ලද හිටපු මේජර්වරයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයාත් මේ වනවිට අතුරුදන් ය.

කෙසේවෙතත් ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

https://www.youtube.com/watch?v=NLK0uJjxdzc#t=5

+


කෙහෙළිය ‘ගේම්’ එක ‘ප්ලේ’ කළ හැටි දිගහරී…”මෙයා තමයි ඖෂධයක් කීමටත් නුසුදුසු ද්‍රාවණයක් රටේ පුරවැසියන්ට දීමට වගකිවයුත්තේ” (03.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *