බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක්

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක්


බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක්

(03.02.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්තේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරටදී සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ ‘මේජර් නිශාන්ත ඩයස්’ නමැති පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

‘නිශාන්ත ඩයස්’ නමැති මෙම පුද්ගලයා යුද හමුදාවේ සිටියදී විෂමාචාර ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඉන් නෙරපූ අයෙකු බවයි බුද්ධි අංශ තොරතුරුවලින් වැඩිදුරටත් සනාථ වී ඇත්තේ.

එමෙන්ම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළා වූ 45 හැවිරිදි ‘අජිත් ඉන්ද්‍රසිරි’, ඝාතනය සිදුකර දින 7 කට පසු ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බව නවතම පොලිස් විමර්ශනවලින් හෙළිවුණා.

තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 22 වැනිදායි.

වෙඩි තැබීමට පැමිණි ජීප් රථය සහ එක් වෙඩික්කරුවෙකු වෙඩි තැබීම සිදුවූ දිනම කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන ආකාරයද පොලිසිය CCTV දර්ශන ඔස්සේ තහවුරු කර ගත්තා.

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතරතුරයි සිද්ධියට සම්බන්ධ මහමොළකාරිය සහ ප්‍රධාන වෙඩික්කරු පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරේදා (01) රාත්‍රියේ වේයන්ගොඩ පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක් වටළා බෙලිඅත්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ‘ගංගා නිරෝෂිනි’ නමැති 39 හැවිරිදි කාන්තාවක් ඇයගේ පියා ද සමඟ අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූණේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘හරේන්ද්‍ර ගුණතිලක’ හෙවත් ‘බූස්සේ හර්ෂ’ නමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි.

වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී එම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම ප්‍රධාන සැකකාරියගේ සැමියා බවද තහවුරු වුණා.

මොහු වේයන්ගොඩ පල්ලෙවෙල සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ඝාතනයට පෙරදින (21) පස්වරු 06:00 ට පමණයි.

පසුදින (22) වෙඩි තැබීමෙන් පසු මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසැරූ ප්‍රධාන වෙඩික්කරු ඉන් අනතුරුව මාතරට පැමිණ බස් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කඩවතට පැමිණ ඉන් පසු වේයන්ගොඩ පල්ලෙවෙල පිහිටි සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

මොහු ඝාතනය සිදු කළ දිනට පසුදින (23) ඔලු‍විල් ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් එහි සැඟව ඇත්තේ ආරක්ෂක අංග මඟහැරීමටයි.

එම නිවසේ දින 4 ක් රැඳි සිටි වෙඩික්කරු පසුගිය 27 වැනිදා මාදම්පේ ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලකින් නව දුරකථනයක් සහ සිම් කාඩ් පතක් මිලදී ගෙන ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

28 වැනිදා සැකකරු වේයන්ගොඩ පල්ලෙවෙල ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර බිරිඳ, දරුවන් දෙදෙනා (2) සහ බිරිඳගේ සහෝදරයා සමඟ රාත්‍රී ආහාර ගැනීමට නිවසින් බැහැරට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 29 වැනිදා අලු‍යම එකට (01:00) පමණ වෙඩික්කරු සිය නිවසේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එදින පෙරවරු 09:40 ට ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සහ ඇයගේ පියා ඊයේ (02) අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා ෴


දූරියන් ගසක ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට

(03.02.2024 – 08:07 +0530 – sinhala.adaderana.lk)

බටහිර පත්බේරිය – වටප්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මිය ගොස් සිටි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී හමු ව ඇත.

ඇහැලියගොඩ පොලීසියට ලද දැනුම්දීමක් මත ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව හෙළි වී ඇත්තේ, මිය ගිය පුද්ගලයා අවුරුදු 27 ක වටප්පිටිය – පරකඩුව ප්‍රදේශයේ පදිංචි ව සිටි පුද්ගලයෙකු බවයි.

මිය ගිය පුද්ගලයා එක් පාදයක පිළිස්සුම් තුවාල සහිත ව එම ඉඩමේ දූරියන් ගසක් ආසන්නයේ වැටී සිට තිබේ.

ඉඩමේ හිමිකරු විසින් දූරියන් ආරක්ෂා කරගැනීමට ඉඩමට විදුලි රැහැන් ඇද තිබී ඇති අතර, මෙම පුද්ගලයා විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලීසිය සිදු කළ විමර්ශන අනුව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වූ 51 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

(03.02.2024 – 09:31 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (02) පෙරවරු 09:00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (01) ලබාදුන් නියෝගයට අනුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් විදෙස් ගමන් තහනමක්ද එහිදී පනවනු ලැබුවා.

ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පසුගිය 30 වැනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට කැඳවීමක් කර තිබුණත් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණේ කොළඹ මහාධිකරණයේ නඩු කටයුත්තක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බව පවසමින්.

කෙසේ වෙතත්, ඊට අදාළව ඊයේ (02) අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගි වී නොමැති බව විමර්ශනවලදී හෙළි වූ බවයි.

ඊයේ (02) පෙරවරු 09:00 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම දෙපාර්තමේන්තුවට ඇතුලු වී තිබුණේ පිටුපස දොරටුවෙන්.

ඒ අනුව, පැය 9 කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 6 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළා.

නඩුවේ පස්වෙනි (5) සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා ඇප මත මුදා හැරීමටයි එහිදී අධිකරණය නියෝග කළේ.

+

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ්

(03.02.2024 – 15:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (02) පෙරවරු 09:00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (01) ලබාදුන් නියෝගයට අනුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් විදෙස් ගමන් තහනමක්ද එහිදී පනවනු ලැබුවා.

++++++++++

+

අමාත්‍ය කෙහෙළිය බන්ධනාගාර රෝහලට

(03.02.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (වත්මන් පරිසර අමාත්‍ය) වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+

සංජය මහවත්ත පොලිස් පහර කෑමෙන් රෝහල් ගත වූ පසු (කෙහෙළියගේ බෙහෙත් මගඩිය එළිදරව් කිරීම නිසා) (03.02.2024)

+

කෙහෙළිය ඇතුලට ගිය හැටි | නාගන්නන්ද Car එකේ ඉදන් ලයිව් ඇවිත් කිව්ව දේ | Nagananada Kodituwakku (03.02.2024)

+


පාසල් තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර ආරම්භය අනිද්දා (05)

(03.02.2024 – 19:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර අනිද්දා (05) සිට ආරම්භ කෙරෙනවා.

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වූණා.

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 01 වනදා විභාගය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ.

ඒ අනුව පෙබරවාරි 01 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරය අනිද්දා (05) දක්වා කල් දැමුණා ෴


ඔන්ලයින් පනත මගින් අගතියක් වන්නේ නම් නීති සහාය ලබාදීමට සජිත් සූදානමින්

(03.02.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත මගින් ජනතාවට අගතියක් සිදුවන්නේ නම් ඒ සියලුදෙනාට නීති සහාය ලබාදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින්.

+


තරුණයෙකුට කැලෑවකදී දස වධ දීලා වීඩියොත් කරලා

(03.02.2024 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පැහැරගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක රඳවාගෙන තියුණු ආයුධවලින් කපා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය මැදිහත්ව කළ මෙහෙයුමකදි එම පහරකෑමට ලක් වු තරුණයා බේරාගෙන රෝහල් ගතකිරීමට පියවර ගත්තා.

එම තරුණයාට අදාළ සැකකරුවන් පහරදෙන අයුරු ඔවුන් විසින්ම සමාජ මාධ්‍යවෙත ද මුදාහැර තිබුණා.

පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති අතර, පොලිසියෙන් මිදි පලා ගිය සෙසු සැකකරුවන් සොයා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *