බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක්

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක්


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක්

(02.02.2024 – dinamina.lk)

  • ඔහු වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් අයෙක්
  • රටින් පැන්න වෙඩික්කරු නාවික හමුදාවෙන් පැන ගිය ගම්පහ පුද්ගලයෙක්

‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු පස් දෙනෙක් (5) බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් (1) වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති අතර ඔහු නාවික හමුදාවෙන් පැනගිය ගම්පහ අයෙකි. මෙසේ රටින් පලා ගොස් ඇත්තේ යැයි කියවෙන්නේ පංච (5) පුද්ගල ඝාතනයෙන් පසු කඹුරුපිටිය නගරයෙන් ජීප් රථයෙන් බැස මාතර බලා ගමන් කරන බස් රථයකින් පලා ගිය පුද්ගලයා ය.

ඔහු රටින් පලා ගොස් ඇතැයි පැවසෙන්නේ ගුවන්තොටුපල හරහා එම වෙඩි ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව යැයිද විමර්ශන තොරතුරු අනාවරණය කළේය.

දැනට මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන දෙවැනි (2) වෙඩික්කරු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා ‘කොස්ගොඩ සුජී’ සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයා මෙම පස් (5) පුද්ගල ඝාතනයේ මෙරට සිටින මහ මොළකරු ලෙස විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව පංච (5) පුද්ගල ඝාතනයේ මහා මොළකරු මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රහාරයට ගමන් ගත් ජිප් රථයද පදවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් මෙම වෙඩික්කරුව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

1983 උපත ලද මොහු නමින් ‘රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා’ ය. මෙම පුද්ගලයා ඌරගස්මන්හන්දිය පුවක්ගහවත්ත, මාකන්දන, ප්‍රදේශයේ පදිංචිකරුවකු බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.

මෙම පුද්ගලයා පොලිස් සේවයට බැඳී ඇත්තේ 2007 වර්ෂයේ දීය. ඒ උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිණි.

‘කොස්ගොඩ සුජී’ සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘ඌරගහ මයිකල්’ නමැත්තන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති මිනිස් ඝාතන, වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට ආධාර හා අනුබල දුන් අයෙක් ලෙස ද මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ. වැඩ තහනමකට ලක්ව ඇත්තේ එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවල නිරත වූ අයෙක් වූ බැවිනි.

මෙම පුද්ගලයා මෑතකදී ඔහු සමඟ පොලිස් සේවයේ සිටි සමකාලීන නිලධාරියකු මුණගැසී මානසික පීඩනයකින් සිටින බව සඳහන් කරමින් එම නිලධාරියා නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි පොලිස් නිල නිවසක ද රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. එම නිලධාරියා රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකි. මෙම සැකකරු කොළඹ එම නිලධාරියාගේ නිල නිවසේ නවාතැන් ගෙන සිට ඇති බව අනාවරණය වී ඇත්තේ දුරකථන ජාල විශ්ලේෂණයකදී එම නිලධාරියාගේ දුරකථනය හා ඔහුගේ දුරකථනය සම්බන්ධ වී ඇති බව හෙළිවීමෙන් පසු ඒ ගැන අදාළ නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

මේ අතර පොලීසිය ඊයේ (01) මාධ්‍යට ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ආන්දෝලනාත්මක ඝාතන විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවය.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් තොරතුරු ලබාදීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියකුට අයත් ජංගම දුරකථන තුනක් (3) ද ප්‍රසිද්ධ කර තිබුණි. එම දුරකථන අංක වන්නේ :
074 222 6022 / 071 859 1492 / 071 859 4455

+++++++++

++++++++++

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහමොළකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(02.02.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කාරිය වන විශ්‍රාමික නාවික සෙබලාගේ බිරිඳ හා පියා දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ මහ මොළකාරිය වේයන්ගොඩ පල්ලේවෙල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගත්තා.

ඇගේ සැමියා මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වන ඔහු ඩුබායි රාජ්‍ය වෙත පළා ගොස් තිබෙනවා.

තංගල්ල අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා යමින් සිටියදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ පසුගිය 22 වැනිදායි.

එම වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථය සහ එහි ගමන්ගත් පුද්ගලයින්ට අදාළ CCTV දර්ශන ද, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පරීක්ෂාවට ලක් කළා.

විමර්ශන අතරතුරදී පුද්ගලයින් 08 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමේ සිද්ධියේ මහ මොළකරුවන් හඳුනා ගැනීටම පොලිසියට හැකි වුණා.

+++++++++

https://www.youtube.com/watch?v=clb5CsHW_BQ

+


සුළු සේවකයන්ට DAT ගෙවුවොත් අපි වර්ජනයේ.. – විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට දන්වති..

(02.02.2024 – 15:00 +0530 – lankacnews.com)

තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම් පවතින වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ටද සමානුපාත මුදලක් ගෙවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද එම සංගමය කියා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව දැනුම් දී තිබේ.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේ ය :

අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති සහ මුදල් අමාත්‍ය,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපති තුමනි,

දිගුකාලීනව වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාවේ විෂමතාව නිවැරදි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ බහුවිධ වෘත්තීය සමිතිවල වත්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

2024/01/01 දින සිට වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන බාධා කිරීම් සහ ප්‍රවාහන (DAT) දීමනාවෙහි දිගුකාලීන විෂමතාව නිවැරදි කිරීමට ඔබතුමා ගත් දූරදර්ශී සහ ධෛර්ය සම්පන්න තීරණයට වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) වශයෙන් ඔබට අපගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු.

මෙය මෙම විෂමතාවයේ අර්ධ නිවැරදි කිරීමක් පමණක් වුවද, එය නිවැරදි දිශාවට ගත් තීරණයකි. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු. 35,000 කින් වෑඩි කරන ලද්දේ සමාන්තර වෛද්‍ය නොවන රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට දැනට ලෑබෙන ප්‍රවාහන දීමනා පමණක් (වාහන, රියදුරු සහ ඉන්ධන) රුපියල් 90,000 අගයක් ඉක්මවන බැවින් සහ අර්ධ වශයෙන් පමනක් බද්දට යටත් වන බැවිනි. (DAT දීමනාව සම්පූර්ණයෙන්ම බද්දට යටත් වේ)

DAT දීමනාව යනු වෛද්‍යවරුන්ට විශේෂිත, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන දීමනාවක් වන අතර සුදුසු සමාන්තර ප්‍රවාහන දීමනාවක් නොමැතිවීම නිසා වෛද්‍යවරුන් සදහා එය අර්ධ වශයෙන් හො නිවෑරදි කිරීම ඉතා වැදගත් පියවරකි. එබැවින් DAT හෝ ඒ හා සමාන දීමනා ලබා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩ ඉදිරිපත් කරන ඉල්ලීම අතිශය අසාධාරණ ය.

මේ වන විට ‘ඩැට්’ දීමනාව හිමි නොවන සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති මෙම සේවකයින්ට කිසිසේත්ම හිමි නොවන ‘ඩැට්’ දීමනාව ලෙස අඩු මුදලක් හො ලබා ගැනීම සඳහා ඉතා අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

එය සිදුවුවහොත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය (හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින් යනාදී) සහ වෛද්‍ය විශේෂඥයින් අතර දැනටමත් පවතින පිළිගත නොහැකි පටු වැටුප් පරතරය විශේෂඥ වෛද්‍යවරයාගේ රැකියාවට අදාළ සුදුසුකම් සහ වගකීම් පිළිබඳ මූලධර්ම උල්ලංඝනය වන තරමට තවදුරටත් අඩු වනු ඇත.

දැනට වෘත්තීය ක්‍රියාවන්හි නියැලී සිටින මෙම කාණ්ඩවලට දෑනට නොපවතින අදාල නොමෑති දීමනාවක් ලැබෙන්නේ නම්, දැනටමත් පවතින පටු වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන් වෙත සමානුපාතික මුදලක් ගෙවන්නේ නම් මිස, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීම හැර වෙනත් විකල්පයක් අප සංගමයට නොමැති බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍ය ඒ ඩී කේ එස් එන් යසවර්ධන
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

+++++++++++

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06:30 ට අවසන්

(02.02.2024 – 17:05 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06:30 න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව අවධාරණය කර ඇත.

අද (02) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බව අද (02) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා (06) දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා (07) දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව ද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසති ෴

+++++++++

වර්ජනය සාර්ථකයි | දොස්තරලට මොංගල් | රවී කුමුදේෂ් | SUDAA STUDIO | 02.02.2024

+


සඳුදා (05) රජයේ නිවාඩු දිනයක් නෙමේ

(02.02.2024 – 19:23 +0530 – hirunews.lk/sinhala)

76 වැනි නිදහස් දිනය ලබන ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, ලබන සඳුදා (05) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

(02.02.2024 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත තත්ත්වයට පත්වීමෙන් වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත ගෙවීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

හමුදා සමාජිකයා ජීවත්ව සිටියේ නම් වයස අවුරුදු 55 පිරෙන විට හිමිවෙන සියලු වැටුප්, විද්‍රාම වැටුම් හා දීමනා නොවෙනස්ව වැන්දඹුවගේ ජීවිතාන්තය දක්වා ලැබෙන බව සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *