සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත්

සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත්


සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත්

(02.02.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (02) දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

මෙම වර්ජනය ඊයේ (01) දිනයේ ආරම්භ කළ අතර, අද (02) දිනයේත් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වුණා.

මේ නිසා ඊයේ (01) මෙන්ම අදත් (02) රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා වර්ජනයක නිරත වූ අතර, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමටයි ඔවුන් කටයුතු කළේ.

එහෙත් සති දෙකකට (2) අධික කාලයක් ගතවුවත් තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඊයේ (01) පෙරවරුවේ සිට යළිත් ඒකාබද්ධ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම වර්ජනයට ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂවරයා සභාපතිත්වය දරණ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයද එක්ව සිටි අතර, අනෙකුත් හෙද සංගම් වර්ජනයට සහය දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ රෝහල්වලට කටයුතු පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදා කැදවූ අතර, කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රෝහල් 52 ක සේවාවක් පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1022 කට ආසන්න පිරිසක් අද දිනයෙත් යොදවා තිබෙනවා.

++++++++

++++++++

+++++++++

+


ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(02.02.2024 – 11:49 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.

පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්
https://moe.gov.lk/ ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට
https://g6application.moe.gov.lk/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැකි බවයි සඳහන් වන්නේ.

පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු සඳහා [මෙතනින් බලන්න]


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල CIDයට එයි

(02.02.2024 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (02) හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ ඊයේ (01) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

මතබේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ‘ඉමිනොග්ලොබියුලීන්’ එන්නත් කුප්පි 22,500 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැහැ.

ඊයේ (01) දින ප්‍රශ්න සහගත ‘ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් වු නඩුව කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අද (02) පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත පැමිණ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අද (02) පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත පැමිණියා.

මේ වනවිටත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

මේ අතර අද (02) උදෑසන කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් කෙහෙළිය රඹුක්වැල්ලට විරෝධය පළ කළා.

එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබුණා.

+++++++++

++++++++

+++++++++

+


උඩුමහලක කෙටි තාප්පයක් පෙරළගෙන බිමට වැටුණු දරුවා මරුට

(02.02.2024 – 15:00 +0530 – sinhala.adaderana.lk)

නිවසක අනාරක්ෂිත උඩුමහලකින් බිමට වැටී 15 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (01) සවස කුරුණෑගල හිඳගොල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

වයස අවුරුදු 15 ක් වන සුදේශ් මධුශංක නම් එම දරුවා මිතුරන් සමග නිවස අසල හැංගිමුත්තං සෙල්ලම් කිරීමේදී මෙම අනතුරට මුහුණදී තිබේ.

අසල නිවසක ඉදිකර තිබූ ‘කොන්ක්‍රීට් ස්ලැබ්’ එකකින් බිමට වැටී ඇති දරුවා ව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සුදේශ් මධුශංක හිඳගොල්ල දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මෙවර 10 වන වසරට සමත්වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

++++++++

+


ඔන්ලයින් පනතේ ගැසට්ටුව එළියට

(02.02.2024 – 14:45 +0530 – sinhala.adaderana.lk)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර තිබේ.

පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි.

ඉකුත් 24 වැනි දා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

09/2024 | 2024-02-01 |
Online Safety Act, No. 9 of 2024 (pdf file) :

+++++++++

+


අමෙරිකානු තරුණියකට අතවර කිරීමේ සිද්ධියකට දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.02.2024 – 13:15 +0530 – sinhala.adaderana.lk)

මෙරට සංචාරය කිරීමට පැමිණි 25 හැවිරිදි අමෙරිකානු තරුණියකට අතරවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබූ අමෙරිකානු ඩොලර් 6,000 ක් පමණ වටිනා රන් ආභරණ ද සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවද වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක මඟ පෙන්වන්නෙකු ‍ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සහ තවත් අයෙකු බව මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

පසුගිය 30 වනදා මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ සිටි විදේශීය කාන්තාවක් හඬමින් සිටින බව දුටු මඟීන් පිරිසක් ඇයගෙන් ඒ බව විමසා ඇයව නානුඔය පොලීසිය වෙත යොමුකර ඇත.

ඒ අනුව නානුඔය පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම තරුණිය පවසා ඇත්තේ පසුගිය 29 වනදා මහනුවර නවාතැන් පොළකදී තමන්ට අතවරයක් සිදුවූ බවය.

ඇය වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කර ඇත්තේ සැකකරුවන් විසින් තමන් සතුව තිබූ අමෙරිකානු ඩොලර් 2,400 ක් වටිනා රන් අත්පළඳනාවක්, අමෙරිකානු ඩොලර් 3,600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු යුගළක් සැකකරුවන් සොරාගෙන ඇති බවය.

මෙම තරුණිය පොලීසියට පවසා ඇත්තේ අදාළ සැකකරුවන් දෙදෙනා (2) සමඟ මහනුවර නවාතැන් පොළකදී තමන් මත්පැන් පානය කළ බවත් ඉන් පසුව තමන්ට සිදුවූ දේ පිළිබඳව මතකයක් නොමැති බවත්ය.

යළි සිහිය එනවිට තමන් අඩනිරුවත්ව ඇඳක් මත සිටි බවත් ඇය පොලීසියට පවසා තිබේ.

සැකකරුවන් දෙදෙනා (2) අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන ඇති අතර අදාළ විදෙස් තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සාහ කළ ද ඇය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයුතු සිදුකරයි ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *