‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි


‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි

(01.02.2024 – 23:26 +0530 – hirunews.lk/sinhala)

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව පසුගිය දොළොස් වෙනිදා (12) දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමනට එක්ව තිබූ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පසුගිය 07 වෙනිදා සවස එම යාත්‍රාව පැහැරගෙන තිබුණා.

එම යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් හය දෙනා (6) සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බලකාය විසින් පසුගිය විසිනව (29) වෙනිදා නිරුපද්‍රතව මුදා ගැනුණා.

යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වරායකට රැගෙන විත් ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.

මේ අතර ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් එම යාත්‍රාවේ නියමුවා අප වෙත මෙලෙස අදහස් පළ කළා :

+


මෙරට තුළ පවතින්නේ පොලිස් රාජ්‍යයක් – සජිත් ප්‍රේමදාස

(01.02.2024 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට වර්තමානයේ මෙරට තුළ පවතින්නේ පොලිස් රාජ්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

‘සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ’ 75 වැනි අදියර යටතේ මාතර අතුරලියේ ජේ.ආර්.එස්. අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර කට්ටලයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

+


සෞඛ්‍ය වෘත්තිය සමිති අදත් (02) ලෙඩ වේ

(02.02.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අදත් (02) ක්‍රියාත්මකයි. ඊයේ (01) පෙරවරුවේ ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා අඩාල වූ අතර, ඒවා පවත්වාගෙන යෑම සඳහා යුද හමුදාව කැඳවීමට සිදුවුණා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා වර්ජනයක නිරතවූ අතර, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමග එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමටයි ඔවුන් කටයුතු කළේ.

එහෙත් සති දෙකකට (2) අධික කාලයක් ගතවුවත් තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඊයේ (01) පෙරවරුවේ සිට යළිත් ඒකාබද්ධ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම වර්ජනයට ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සභාපතිත්වය දරණ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයද එක්ව සිටි අතර, අනෙකුත් හෙද සංගම් වර්ජනයට සහය දැක්වූයේ නැහැ.

වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සත්කාර සේවා අඩාල වූ අතර, රෝගී ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි. රෝහල්වල අරක්කැමියන්ද වර්ජනයට එක්වීම හේතුවෙන් නේවාසික රෝගීන්ද දැඩි අසීරුතාවකට පත්වුණා.

මේ අතර ළමා, මාතෘ, වකුගඩු සහ පිළිකා රෝහල්වල මෙන්ම ලේ බැංකුවේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළද ගාල්ල – මහමෝදර රෝහලේ සේවක පිරිස් කෑම පැයේදී වර්ජනයට සහය දක්වමින් විරෝධතාවයේ නිරත වුණා.

මහරගම අපේක්ෂා රෝහලේ සේවකයින්ද ඊයේ (01) දහවල් කෑම පැයේදී විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත් සේවා පවත්වාගෙන යාම සඳහා රෝහල්වලට යුද හමුදාව කැඳවීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුලු රෝහල් 32 ක සේවාවක් පවත්වාගෙන යෑමට 800 කට ආසන්න භට පිරිසක් යෙදවූ බව යුද හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර තම ඉල්ලීම් සඳහා රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජනය අදත් (02) ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ ඊයේ (01) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ චෝදනා කළේ පටු අරමුණු වෙනුවෙන් ඇතැම් වෘත්තීය සමිති නායකයින් කටයුතු කරමින් සිටින බවටයි ෴


බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට

(02.02.2024 – 08:16 +0530 – sinhala.adaderana.lk)

‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි එම සිද්ධියේ සැකකාර වෙඩික්කරු ‘දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙකි’.

2024.01.22 දින බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම පංච (5) පුද්ගල ඝාතනය සිදු කෙරුණි.

කලක් නාවික හමුදාවේ සේවය කර මේ වනවිට විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු වන මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ වයස අවුරුදු 39 ක් වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72 ක් වන පියා ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 21 යි මිලි ග්‍රෑම් 350 ක් සමග පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම සැඟවී සිටියදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා ජනවාරි මස 21 වන දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට පිටව ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවටත් පවසා ඇත.

ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින ‘නිපුන’ නමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසාදී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘හරේන්ද්‍ර ගුණතිලක’ නොහොත් ‘හර්ෂ’ නමැත්තාගේ මෙහෙයවීමෙන් මෙය සිදුවී ඇති බවට සැකකෙරෙන බවද පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන්ගෙන් සිදු කරනු ලබන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පසුගිය වසරේ සීනිගම දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කරනු ලබන පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්ගම විදුර’ගේ මස්සිනා වන රත්ගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන ‘දුලාජ් තරංග’ යන අය ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 23 ක් වන අදාළ සැකකාරිය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 580 ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායේ ගෝණහේන කඳවුරේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේෂප්‍රිය ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

+


ගතවු පැය 24 තුළ මෙහෙයුම් වලින් අපරාධකරුවන් 703 ක් අත්අඩංගුවට

(02.02.2024 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 703 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 525 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 178 ක් මෙලස අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


‘දෙමටගොඩ රුවන්’ගේ පැටිකිරිය පොලිසිය එළියට දායි (01.02.2024)

+


ණය නොගෙව්වොත් විදේශ ආයෝජන නෑ – සජිත් ප්‍රේමදාස

(02.02.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ණය නොගෙවා සිටියහොත් හෝ ණය නොගෙවන බවට ප්‍රකාශ කළහොත් සෘජු විදේශ ආයෝජන කිසිවක් රටට නොඑන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහන යටතේ යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම විපක්ෂ නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

+


පාන්වලට නියමිත බරක් ලබා දෙමින් ගැසට් නිවේදනයක්

(02.02.2024 – 11:52 +0530 – hirunews.lk/sinhala)

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450 ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5 ක් විය හැකි බව සඳහන්.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225 ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09 කට නොවැඩි විය යුතුයි.

විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ෴


ගෑස් මිල වෙනස් වන්නේ නැහැ

(02.02.2024 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල පෙබරවාරි මාසය සඳහා වෙනස් නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව, කිලෝ ග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4250 ක් වෙනවා.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1707 ක් ලෙස සටහන් වී තිබෙනවා.

තවද කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 795 ක් ලෙස දැක්වෙනු ඇති ෴

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *