අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ


අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

(31.01.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ), ලංකා IOC සහ සිනොපෙක් සමාගම් සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

දිවයිනටම බලපාන පරිදි පහත මිල ගණන් යටතේ ඉන්ධන මිල සශෝධනය කර තිබෙන බවයි එම සමාගම් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කර තිබෙනවා :

  • ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 366 ක්ව පැවති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 371 ක්.
  • ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 08 කින් පහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 464 ක්ව පැවති ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 456 ක්.
  • ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 358 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 363 ක්.
  • ලංකා සුපර් ඩීසල් ඉන්ධන ලීරටයක මිල රුපියල් 07 කින් පහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 475 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 468 ක්.
  • භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 26 කින් ඉහළ දමා තිබෙනවා.
    ඒ අනුව 236 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 ක්.

එමෙන්ම, සිනොපෙක් සමාගමේ ඉන්ධන මිලද පහත පරිදි එම සමාගම විසින් සංශෝධනය කර තිබෙනවා :

  • ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 363 ක්ව පැවති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 368 ක්.
  • ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 08 කින් පහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 464 ක්ව පැවති ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 456 ක්.
  • සුදු ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 355 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 360 ක්.
  • සුපර් ඩීසල් ඉන්ධන ලීරටයක මිල රුපියල් 07 කින් පහළ දමා තිබෙනවා.
    ඒ අනුව රුපියල් 475 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 468 ක්.

+


මිහින්තලා විහාරාධිපති හිමි ජනපති හමුවට

(31.01.2024 – 21:04 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාවගේ පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන මස 14 වනදා ජනධිපතිවරයා හමුවට පැමිණෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.

ඒ විහාරස්ථානයේ අද (31) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 14 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

+


විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළට

(31.01.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මකවන පරිදි 100% කින් ඉහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ රු. 5000 ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බවයි.

එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම ‘මාර්ගගත’ සහ ‘මාර්ගගත නොවන’ සේවාවන් දෙකම සඳහා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන් ෴


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පැය 9 කට පසු CIDයෙන් පිටව යයි

(31.01.2024 – 19:31 +0530 – hirunews.lk/sinhala)

බාල එන්නත් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශයක් ලබා දීමට අද (31) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පස්වරු 7 ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම්දීමකට අනුව පෙරවරු 10 එහි පැමිණි වෛද්‍ය සමන් රත්නායක පැය 9 අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වෛද්‍ය සමන් රත්නායකගෙන් හෙට (01) ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි අපරාධ දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴


Ada Derana BIG FOCUS | රාජ්‍ය දේපල විකිණීම තුළින් රටකට එල්ලවන බලපෑම (31.01.2024)

+


‘ලොරෙන්සෝ පුතා’ බේරගන්න නියමුවා ගහපු සුපිරි ප්ලෑන් එක මෙන්න – “එකපාරටම තුන්දෙනෙක් පැනලා පහරදුන්නා” (31.01.2024)

++++++++

+


‘නිදහස ජනතා සභාව’ මාධ්‍ය හමුව (01.02.2024)

+


නමගිය පෞද්ගලික රෝහලක (දරදන්ස්) ලෙඩාට දුන්නු කෑම එකේ විශාල පණුවෙක් | කාර්ය මණ්ඩලයට උත්තර නෑ (01.02.2024)

+


මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු රෝහලේ දී මියයයි

(01.02.2024 – 19:09 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලිසියට රැගෙන යනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටි ඔහුගේ මරණය සැක සහිත බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

21 හැවිරිදි සනුක ගිහාන් අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සනුකගේ මව විදෙස්ගතව සිටින අතර පියා කොළඹ රැකියාවක නිරත වන නිසා සනුක සිය නැන්දනිය භාරයේ සිට ඇති බවයි සඳහන් වන්නේ.

පෙරේදා (30) උදෑසන 09:15 ට පමණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට සනුක සමඟ තවත් තරුණයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව පස්වරු 03:00 ට පමණ පොලිසිය ඥාතීන්ට පවසා ඇත්තේ සනුක මියගිය බවයි.

අනුරාධපුර පොලිසිය පවසන්නේ සිරමැදිරිය තුළ සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මියගිය බවයි.

කෙසේ වෙතත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ මෙම හදිසි මරණය සැක සහිත බවයි ෴


බස් ගාස්තු ගැන ගත් තීරණය

(01.02.2024 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ඔටෝ ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ නැංවුවද බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රයට අනුව ගැලපූ විට එය 2.61% ක වැඩි වීමක් බවයි.

කෙසේ වෙතත් මෙලෙස ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ හැක්කේ සමස්ත කිලෝමීටරයක ධාවන පිරිවැය 4% ක ප්‍රමාණයකින් වැඩි වීමට දායක වුවහොත් පමණක් බව සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් තමන්ට ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව බස් සංගම් පවසනවා.

අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ දැමිය යුතු බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියා.

මේ අතර පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමිය යුතු බවයි සමස්ත ලංකා සහ අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *