කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට
(25.01.2024 – 06:01 +0530 – hirunews.lk/sinhala)
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02:00 ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය ‘සනත් නිශාන්ත’ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම මෙම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ‘පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි’ යන නිලධාරියාද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ R 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස ලක්වූ ජීප් රථය අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අමාත්‍යවරයා, පොලිස් නිලධාරියා සහ රියදුරු රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර සඳහන් කළේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය ‘සනත් නිශාන්ත’ රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.
එමෙන්ම ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එම අනතුරෙහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින් :
+
+++++++++
+++++++++
+++++++++
+++++++++
කවුරුත් නොදුටු සනත් නිශාන්තගේ රහසිගත ජීවිතය එළියට (11.12.2023)
+++++++++
හිස් වුණ මන්ත්‍රී පුටුවට පුත්තලමෙන් ‘පංචායුධයක්’
(25.01.2024 – 08:28 +0530 – hirunews.lk/sinhala)
අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ‘ජගත් ප්‍රියංකර’ පත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5 ක් හිමි වුණා.
එහිදී මනාප 80,082 ලබා ගනිමින් ‘සනත් නිශාන්ත’ එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා (1) වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තා.
මනාප 40,527 ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි (6) ස්ථානය ‘ජගත් ප්‍රියංකර’ට හිමි වුණා.
ඒ අනුව ‘සනත් නිශාන්ත’ මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ‘ජගත් ප්‍රියංකර’යි.
කෙසේ වෙතත් ‘ජගත් ප්‍රියංකර’, ‘විමල් වීරවංශ’ගේ නායකත්වයෙන් යුතු ‘ජාතික නිදහස් පෙරමුණේ’ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ‘ජාතික නිදහස් පෙරමුණ’ මේ වන විට ‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්’ ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටිනවා ෴
+
https://www.facebook.com/JagathPriyankaraOnLine
+
ගවයින් 08 ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් (01) මරුට.. 08 කට බරපතලයි..
(24.01.2024 – 18:20 +0530 – lankacnews.com)
යාපනය මහනුවර A9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු (08) බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
යාපනය සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
ඒහිදී ලංගම බස් රථය අධික වේගයකින් ධාවනය වී වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ නිදා සිටි ගවයින් රංචුවක ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති අතර බස්රථයේ ගැටුනු ගවයින් 08 දෙනකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි යාපනයේ පදිංචි ‘කතිරිනා තිරුචෙල්වම්’ නැමති කාන්තාවක් වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූවන් මේ වන විට කිලිනොච්චිය මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැකපල කරන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
+++++++
+
කොළඹ සරසවියෙන් වයසට යාම වලක්වන පෙත්තක්.. වෙළඳපලට නුදුරේදීම..
(25.01.2024 – 00:02 +0530 – lankacnews.com)
වියපත්වීම පාලනය කිරීම සදහා නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්විද්‍යාලය සමත්ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසයි.
එම ඖෂධයේ පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් තවත් මාස කිහිපයක් ඇතුළත එම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
එම පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවූ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවෙන් යුතු ඖෂධය මේ වන විට සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් තිබෙන ආකාරයද ඔහු පෙන්වා දෙයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴