බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය ‘බූස්සේ හර්ෂ’ මෙහෙයවා ඇති බවට අනාවරණයක්
බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය බූස්සේ හර්ෂ මෙහෙයවා ඇති බවට අනාවරණයක්
(24.01.2024 – 20:28 +0530 – hirunews.lk/sinhala)
බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ‘කොස්ගොඩ සුජී’ගේ උපදෙස් මත ‘බූස්සේ හර්ෂ’ විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අනාවරණ වි තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීමට හේතුව මත්කුඩු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට ද කරුණු වාර්තා වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කෙරෙන අතර, ඝාතකයින් පැමිණි බවට සැකකරන පැජරෝ වර්ගයේ ජීප් රථය ද ගාල්ල ප්‍රදේශයේ පිරිවෙනක තිබී සොයා ගෙන තිබෙනවා.
‘අපේ ජනබල පක්ෂයේ’ සභාපති ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු, තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩවුකට පෙනී සිටීම සඳහා යමින් සිටියදී පසුගිය සඳුදා (22) පෙරවරුවේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියා.
ටී-56 ගිනි අවි යොදාගනිමින් මෙම ඝාතන සිදුකර ඇත්තේ පළපුරුදු වෙඩික්කරුවන් විසින් බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් කණ්ඩායම් 6 ක් යටතේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය වෙඩිතැබීමට අදාළව සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘සමන් කුමාර’ නමැති එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි වෙඩික්කරුවන් පැමිණි පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ නවතා තිබියදී අද (24) පෙරවරුවේ සොයා ගැණුනා.
‘සමන් පෙරේරා’ ඇතුළු පස්දෙනා (5) ඝාතනය කිරීමෙන් පසු එම ඝාතකයින් රැගත් ජීප් රථය බෙලිඅත්ත හක්මන හරහා කඹුරුපිටියට මෙන්ම අකුරැස්සට ද පැමිණ තිබු අතර, අකුරැස්ස බංගම ප්‍රදේශයේ හා යක්කලමුල්ල ප්‍රදේශවලද සැරිසරා ඇති බවට මේ වන විට කරන ලද විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා.
එම මොටර් රථය අකුරැස්ස කැටන්විල හරහා යක්කලමුල්ල මාර්ගයේ මාර්ගයේ ධාවනය කරන අයුරුද ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.
මේ අතර, අත්අඩංගුවට පත් ‘සමන් කුමාර’ නමැති සැකකරුගේ අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් පරික්ෂාවට ලක් කෙරුණා.
එහිදි ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය එම නිවස ආසන්නයේදි සොදා ඇති අතර, එහි තිබි වීදුරු කටු කිහිපයක් ද සොයාගත්තා.
මේ අතර, මෙම වෙඩි තැබීම ‘කොස්ගොඩ සුජි’ගේ උපදෙස් මත ‘බුස්සේ හර්ෂ’ විසින් විදේශයක සිට මෙහෙයවා ඇති බවට මේ වන විට කරුණු අනාවරණකරගෙන තිබෙනවා.
යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක් වන ‘මල්ලව ලංකා හේවාගේ ඉන්දික අසංක කුමාර’ නොහොත් ‘මෝල් අසංක’ ලෙස ප්‍රසිද්ධියට පත් සැකකරු මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසුවා.
අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශයව සිටි මොහු පළපුරුදු වෙඩික්කරුවෙක් බවත්, ‘කෙසෙල්වත්ත දිනුක’, ‘ගනේමුල්ල සංජීව’, ‘කොස්ගොඩ සුජී’ ඇතුළු පාතාල කල්ලි නායකයින් කිහිපදෙනෙකුගේම කුළී වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කර ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ 2008, 2010 යන වසරවලදි කරන ලද මනුෂ්‍ය ඝාතන තුනක් (3) සම්බන්ධයෙන් ඔහුව පොලිසියට අත්‍යාවශ්‍යව සිටින සැකකරුවෙක් බවයි.
පොලිසිය පැවසුවේ මත්කුඩු සම්බන්ධ ගැටුමක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.
මේ අතර මෙම වෙඩි තැබීමෙන් මියගිය ‘අපේ ජනබල පක්ෂයේ’ සභාපති ‘සමන් පෙරේරා’ගේ දේහය කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසට ඊයේ (23) රාත්‍රියේදි රැගෙන එනු ලැබුවා.
වෙඩි වැදීමෙන් මිය ගිය කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිව සිටි ‘බුද්ධික රාජපක්ෂ’ගේ දේහයද ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණා.
මියගිය ‘සමන් පෙරේරා’ගේ සහ ‘බුද්ධික රාජපක්ෂ’ගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ මල්කඩුවාව නාගරික පොදු සුසාන භූමියේදි සිදුකෙරුණා.
මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ ගාල්ල ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි ‘සමීර මධුසංක’, ‘හසිත චංසුක’ සහ ‘නලින් චම්පික’ යන අයගේ සිරුරුද ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා ෴
බෙලිඅත්තේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
(24.01.2024 – 20:13 +0530 – sinhala.adaderana.lk)
බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය මෙහෙයවූ බව කියන සහ ප්‍රහාරය සඳහා පැමිණි පැජෙරෝ රථය පැදවූ පුද්ගලයා අද (24) පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ, අකුරැස්ස බංගමුව ප්‍රදේශයේ දී ය.
ඝාතනය සඳහා සිව් (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි බවත් ඩුබායිහී සිට ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කර තිබේ.
බෙලිඅත්ත ප්‍රදේශයේ දී සිදු වූ පංච (5) පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් කුමාර නමැති 55 හැවිරිදි අයෙක් අකුරැස්ස, බංගම ප්‍රදේශයේ දී අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණි.
ඒ, මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
සැකකරු තම නිවසේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු මෙම අපරාධය සැලසුම් කර ඇති අතර, ඝාතකයන් පැමිණි පැජෙරෝ රථයේ රියදුරු වශයෙන් ද කටයුතු කර ඇත්තේ ඔහු බවට අනාවරණය වී ඇත.
ඩුබායිහි සිට ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සැලසුම් කළ බවත් ඝාතනය සඳහා තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) එක්වූ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
මැනිං වෙළෙඳපොළේ කලක් සේවය කර ඇති සැකකරු, ඝාතන ඇතුළු අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් වසර 15 කට අධික කාලයක් සිරගත ව සිට ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
දිගින් දිගටම අපරාධ ක්‍රියාවන්වල යෙදී ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
ඔහුගේ ප්‍රකාශ අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව පොලීසිය අවධාරණය කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරුගේ නිවස අද (24) පස්වරුවේ පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.
මේ අතර ඝාතනය සිදු වූ දින ඒ සඳහා භාවිත කළ පැජෙරෝ රථය කඹුරුපිටිය නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ ඉන්ධන ලබාගන්නා අයුරු දැක්වෙන සීසීටීවී රූපරාමු පෙළක් ද මාධ්‍යය වෙත නිකුත් වී ඇත.
කඹුරුපිටිය බස්නැවතුම්පොළත් අදාළ ඉන්ධන පිරවුම්හලත් අතරමැද පිහිටි හෝටලයක් අසලට පැජෙරෝ රථය පැමිණෙන අයුරු එම දර්ශනවල සටහන් ව තිබේ.
එම අවස්ථාවේ දී එහි සිටි අයෙක් ඉන් බැස අදාළ හෝටලය තුළට පැමිණ වතුර බෝතලයක් සහ කෙටි ආහාර මිල දී ගන්නා අයුරු ද සීසීටීවී කැමරාවල සටහන් ව ඇත.
අනතුරුව ආහාර මිල දී ගත් පුද්ගලයා එම ස්ථානයෙන් පිට ව ගොස් පැජෙරෝ රථයට නැග පිට ව යන අතර, එලෙස පිට ව යන පැජෙරෝ රථය කඹුරුපිටිය – කිරින්ද මාර්ගය ඔස්සේ බෙලිඅත්ත දෙසට යන ආකාරය ද සටහන් ව තිබිණි.
ඉන්පසුව ඔවුන් වෙඩි තැබීම සිදු කර ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
මේ අතර, බෙලිඅත්තේ දී වෙඩි වැදීමෙන් මිය ගිය අයගේ දේහයන් ඊයේ (23) සහ අද (24) ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙනවිත් තිබේ.
වෙඩික්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වූ ‘සමන් පෙරේරා’ හෙවත් ‘රෝයල් බීච් සමන්’ගේ දේහය ඊයේ (23) රාත්‍රියේ කුරුණෑගල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් ඇත.
එමෙන්ම ‘බුද්ධික රාජපක්ෂ’ගේ සිරුර ද කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ.
‘සමීර මදුසංඛ’ හෙවත් ‘සුරතලා’, ‘හසිත චින්සුක’, හා ‘නලීන් චම්පික ජයතිලක’ යන තිදෙනො (3) ගේ සිරුර ද ඉඳුරුවේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙනවිත් තිබිණි.
+
+++++++++
+
‘මහින්ද කොඩිතුවක්කු’ ගැන මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව
(24.01.2024 – 19:14 +0530 – sinhala.adaderana.lk)
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියම කළේ ය.
‘අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව’ නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තෙකු අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක් වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල විය.
පසු ව පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු, ජනවාරි 16 වැනි දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව සැකකරු ඊයේ (23) අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය 03 කට ආසන්න කාලයක් වෛද්‍යවරුන් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේ ය.
“ස්වාමීනී… මෙම සැකකරු පවත්වාගෙන යන ‘180 දේශනා’ නමැති වෙබ් අඩවිය තුළින් දේශන 1,200 ක් පමණ සමාජගත කර තිබෙනවා. ‘180 කෙටි දේශනා’ වෙබ් අඩවිය තුළින් දේශන 479 ක් පමණ සමාජගත කර තිබෙනවා. ඒ තුළින් සතියකට ඇමරිකානු ඩොලර් 350 ක පමණ මුදලක් ඔහු උපයාගෙන තිබෙන බව අනාවරණය වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රියදුරකු වශයෙන් සේවය කරන ‘මදුවන්ත ජයවර්ධන’ නමැති පුද්ගලයා තමයි රුපියල් 25,000 ක මුදලක් ගෙවා මෙම සැකකරුට ගුවන් තොටුපොළේ සිට කැලණියට පැමිණීම සඳහා ‘ලිමොසින්’ වර්ගයේ වාහනයක් කුලියට ගෙන දී තිබෙන්නේ. එසේම මෙම සැකකරුගේ ආරක්ෂාව සඳහා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක සමාගමකට රුපියල් 85,000 ක මුදලක් ගෙවා පෞද්ගලික ප්‍රභූ ආරක්ෂකයින් 10 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මේ සියල්ල තුළින් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ රංගනයක නිරත වූ බව තහවුරු වෙනවා” යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.
අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයාගෙන් විමසා සිටියේ, මෙම සැකකරුට අදාළ මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී තිබේ ද යන්නයි.
එම විමසීමට මහේස්ත්‍රාත්වරයා මෙලෙස පිළිතුරු ලබා දී ඇත :
“මෙම සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය මගින් කෙටි වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව තුළින් මෙම සැකකරු සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුකරයේ මුල් බී වාර්තාව අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව නිර්දේශ කරන බවත් බන්ධනාගාර අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥවරයා සදහන් කර තිබෙනවා.”
එහි දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරු ඇප මත මුදාහැරීමෙන් පසුවද ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකි බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.
කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීම කෙරෙහි විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ, මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඔහුගේ ඉදිරි ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැලඹීම් ඇති විය හැකි බවයි.
අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.
“සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය මගින් නිර්දේශ කර තිබෙනවා. මෙම තත්ත්වය යටතේ සැකකරු මෙම අවස්ථාවේ දී ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු යළි සමාජයට ගොස් ආන්දෝලනාත්මක දේශන ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ තුළින් භික්ෂූන් වහන්සේ ඇතුළු සමාජය තුළ යළි කැලඹීම් තත්ත්වයක් ඇති වීමටත් අවකාශය තිබෙනවා. එබැවින් නිසි ප්‍රතිකාර ලබා දීමකින් තොරව මෙම සැකකරු සමාජගත කිරීම අනතුරුදායක බව අධිකරණයේ මතයයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස මා නියෝග කරනවා.”
ඒ අනුව සැකකරු පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.
+
පිළියන්දලින් මතු වූ අලුත්ම බෝධිසත්වයා – Free food for everyone | Ayubowan Restaurant (22.01.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴