මත්ද්‍රව්‍ය 300Kg සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ලේදී නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය 300Kg සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ලේදී නාවික හමුදා භාරයට


මත්ද්‍රව්‍ය 300Kg සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ලේදී නාවික හමුදා භාරයට

(05.01.2024 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය විශාල තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි හයදෙනෙකු (6) ද සිය හමුදා භාරයට ගත් බවයි.

අද (05) අලුයම ගාල්ල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින යාත්‍රාව මේ වනවිට වරායට රැගෙනවිත් තිබෙනවා.

එම බහුදින යාත්‍රාවේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින ‘රත්ගම විදුර’ගේ මත්ද්‍රව්‍ය හසුරුවන පුද්ගලයෙකු ‘අයිස්’ සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (04) බූස්ස – පිටිවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

+


දේශීය වෙදකම VAT බද්දෙන් නිදහස්

(05.01.2024 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත VAT බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසා තිබෙනවා.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ෴


ගතවූ දින තුනේ (3) තුන් ලක්ෂ තිස් පන්දහසක් TIN අංකය අරන්

(05.01.2024 – 07:04 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින තුනේ (3) තුන් ලක්ෂ තිස් පන්දහසක් (3,35,000) TIN අංක ලබා ගෙන තිබෙනවා.

ගෙවුණු දින 03 ඇතුළත පමණක් TIN අංකය හෙවත් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් ලියාපදිංචි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත සඳහන් කළේ ගතවූ වසර තුළ TIN අංක තුන් ලක්ෂ තිස් පන්දහසක් නිකුත් කර ඇති බවයි.

TIN අංකයක් පුද්ගලයෙකුට ලබාගැනීම තුළින් ඉදිරියේදී වාහනයක් මිලදී ගැනීම, ලියාපදිංචිය ඇතුලු කටයුතු රැසක් සඳහා පහසුකම් සැළසෙන බවට සඳහන් ෴


ලක්ෂ 8 කගේ විදුලිය කැපෙද්දි ලංවිම රුපියල් මිලියන 52,000 ක් ලාභ ලබලා

(05.01.2024 – 20:16 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8 කගේ විදුලිය විසන්ධි කර ඇති නමුත් ප්‍රධාන කරුණු 2 ක් නිසා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 52,000 ක ලාභයක් උපයා ඇති බවත් එයට හේතුව ජල විදුලිය තුළින් අපේක්ෂිත ඉලක්කයට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකිවීම සහ විදුලි ඉල්ලුම අඩුවීම නිසා බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඇස්තමේන්තු කළ ආකාරයට ගිගාවොට් පැය 3750 ක ජල විදුලි නිෂ්පාදනයක් වුවත් ගිගාවොට් පැය 4510 ක් නිපදවා ඇති බවත් එවැනි තත්ත්වයක් තිබුණත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400 කින් අඩුවීම නිසා රුපියල් මිලියන 26,000 ක ලාභයක් ලබා ඇති බවත්ය.

එසේම සියයට 18 කින් විදුලි බිල වැඩි කිරිම නිසා තවත් රුපියල් මිලියන 26,000 ක ලාභයක් ලබා ඇති බවත් මෙසේ රුපියල් මිලියන 52,000 ක් ලාභ ලැබුවත් විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුවට හැගීමක් නැති බවත් කරුණාකර මනුෂ්‍යත්වයේ නාමයෙන් විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ සක්වල වැඩසටහනට එක්වෙමින් ෴


සහල් ආනයනයට ඇමති විරුද්ධ වෙයි

(05.01.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ ‘කීරි සම්බා’ හිඟයට විසදුමක් ලෙස ඊට ආදේශක සහල් ආනයනයට ආහාර කමිටුව පසුගියදා ගත් තීරණයට විරෝධය පළ කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

‘කීරි සම්බා’ සහල් විශේෂය ලොව කිසිඳු රටක වගා නොකරන දේශීය සහල් විශේෂයක් බැවින් ‘කීරි සම්බා’ සහල් ලෙස දක්වමින් වෙනත් සහල් තොගයක් ගෙන්වන බවටයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මෙවර හෙක්ටර්යාර 80,000 ක කීරි සම්බා වගා කර ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 350,000 ක අස්වැන්නක් ලබා ගත හැකි බවද අමාත්‍යවරයා එමඟින් පෙන්වා දී තිබෙනවා.

මීට පෙර සහල් ගෙන්වීමට තමා එකඟ වූයේ උත්සව සමයේ පැවති හිඟය පියවීමට අවශ්‍ය වූ බැවින් වන අතර, මහ කන්නයේ අස්වනු නෙළන අවස්ථාවක සහල් ආනයනයට ගත් තීරණයෙන් ගොවීන් පීඩාවට පත් වන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් අහාර කමිටුව විසින් ගත් තීරණය අදූරදර්ශී තීරණයක් බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් ඊට විරෝධය පළ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴


විදුලිබල මණ්ඩලයේ සේවකයින් සිදුකළ විරෝධතා මාලාව අවසන්

(05.01.2024 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව එහි සේවකයින් සිදු කරන විරෝධතා මාලාවේ අවසන් දිනය වූ අදත් (05) එහි සේවකයන් විදුලබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

එහිදී ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළත් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.

අදත් විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොරට ඇතුලුවීම වළක්වාලමින් සහ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා.

මේ අතර, විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලි බිල සංශෝධනය කරන බවත් විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

++++++++

+

+


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

(05.01.2024 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සැකකාර සැපයුම්කරු වන ‘සුදත් ජානක ප්‍රනාන්දු’ යන අය සහ ‘රිෆොක්සිමැබ්’ නම් පිළිකා එන්නත් සැපයීම සදහා මුදල් ගෙවීමට අනුමැතිය දීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ‘වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත්’ යන අය ලබන ජනවාරි 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (05) අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන්ව ව අද (05) පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ෴

++++++++

+


රැකියා ලබා දෙන බව පවසා කළ මුදල් ජාවාරමක තොරතුරු එළියට

(05.01.2024 – 22:31 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම අමාත්‍යාංශයේ සහ විදේශවල ද රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගන්නා ජාවාරම්කරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

හංවැල්ල, නාරම්මල, ඇඹිලිපිටිය, මහබාගේ ආදි ප්‍රදේශවලින් මේ වන විට මොහු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන අතර, ඔහු සොයාගන්නට පොලීසිය තවමත් සමත් වී නැති බව සඳහන්ය.

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා අවස්ථා ලබාදෙන බවත් අධිකරණ අමාත්‍යංශයේ වෙන්දේසි කරන ලද වාහන ලබා දෙන බවත් කියමින් සැකකරු විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගන්නා බව වාර්තා වී ඇත.

එමෙන්ම පුද්ගලයින් විදෙස්ගත කරවන බව ද පවසා මොහු විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ජාවාරම්කරු අධිකරණ අමාත්‍යාංශයේ බව දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පතක් ද මීට යොදාගෙන ඇති බව සඳහන්ය.

රෝහල, බස් නැවතුම්පොළ ආදි සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරමින් මොහු විවිධ පිරිස් සමඟ සුහද කථාබහක් ඇති කරගන්නේ විශ්වාසය ඇතිකරගැනීම සඳහායි.

අනතුරුව ජාවාරම්කරු සූක්ෂ්ම ලෙස ඔවුන් රවටා මුදල් ලබාගන්නා බවට වංචාවට හසුවූවන් චෝදනා කර ඇත.

+


කීරි සම්බා වැටලීම් දවස පුරා

(05.01.2024 – 15:58 +0530 – sinhala.adaderana.lk)

පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා අද (05) සිට දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කීරි සම්බා කිලෝග්‍රෑම් 01 ක පාලන මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 260 කි.

2023 වසරේ සිදුකරන ලද වැටලීම්වලදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳුන්ගෙන් ලබාගත් දඩ මුදල රුපියල් 27,84,00,000 කි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ (වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ මහතා :

“වෙළෙඳපොළ තුළ කීරි සම්බා රුපියල් 320 ක මිලටත් අලෙවි කෙරෙනවා. කීරි සම්බා කිලෝ 01 ක් රුපියල් 260 ට වඩා වැඩියෙන් විකුණලා හසු වුණොත් ‘සාමාන්‍ය වෙළෙන්දෙක්’ නම් රුපියල් ලක්ෂයේ (1) සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩයක් පනවන්න පුළුවන්. ‘කම්පැනි ලිමිටඩ්’ නම් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා දඩ පැනවිය හැකියි. පොඩි ලාභයක් නිසා අමාරුවේ වැටෙන්න එපා.”

වෙළෙඳසැල් තුළ මේ ආකාරයෙන් මිල වැඩියෙන් සහල් විකුණනවා නම් ජනතාවට පුළුවන් 1977 අංකයට දැනුම් දෙන්න.

ඒ අනුව නව වසරේ සහල් වැටලීම් දැඩි කර ඇති අතර ගැසට් නිවේදනයට අනුව සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රු. 260/- ක්, සම්බා රු. 230/- ක්, නාඩු රු. 220/- ක්, රතු කැකුළු රු. 210/- ක් ලෙස ය ෴


ඇඟිලි සලකුණු වේලා සටහන් ක්‍රමයට එරෙහිව රේගුවේ විරෝධතාවයක්

(05.01.2024 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ඇඟිලි සලකුණු වේලා සටහන් ක්‍රමයට එරෙහිව රේගුවේ සේවකයින් අද (05) දිවා ආහාර පැයේ විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් පවසන්නේ ඇඟිලි සලකුණු වේලා සටහන් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

+


මගේ හෝටලය කැඩුවේ යුක්තියේ මෙහෙයුමෙන් නෙවෙයි, ඉරිසියාව නිසා ගහපු ගේමක් (05.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *