කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක්


කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක්

(24.12.2023 – dasathalankanews.com)

කුරුණෑගල පෞරාණික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා ඊට වරදකරු වී දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව හා නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න රජයේ ඉඩම් අවිධිමත්ව තම ඥාතීන් හා හිතවතුන් අතර බෙදාගෙන ඇති බව ‘දසත නිවුස්’ වෙත තොරතුරු අනාවරණය වනවා.

ජාතික විගණන කාර්යාල තොරතුරු අනුව හිටපු නගරාධිපතිවරයා ඔහුගේ බිරිඳට ද ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර 2050 වසර දක්වා බදු පදනම මත ඉඩම් නිදහස් කර ඇති බව හෙළිව තිබෙනවා.

‘දසත නිවුස්’ කළ විමර්ශනයේදී හෙළිවුයේ කුරුණෑගල ආයුර්වේද රෝහල පිටුපස ඇති රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් කැබලි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද සහයෝගයෙන් හිටපු නගරාධිපති හා නාගරික කොමසාරිස් බලහත්කාරයෙන් 2021 වසරේදී අත්පත් කරගෙන ඇති බවයි.

ජාතික විගණන කාර්යාලය මගින් කුරුණෑගල මහ නගර සභාව හා රජය සතු ඉහළ වටිනාකමක් සහිත ඉඩම් කුරුණෑගල මහ නගර සභාව විසින් අවිධිමත් ලෙස පෞද්ගලික පාර්ශවයන් වෙත බැහැර කිරීම සම්බන්ධයෙන් කළ විගණන විමසුමේ දී හිටපු නගරාධිපති කළ තවත් වංචා රැසක් හෙළිව තිබෙනවා.

කලකට ඉහත කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති දැනට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති මෙම ඉඩමේ තිබී ඇත්තේ නගරයට පැමිණෙන සියලු ජනතාවට පාවිච්චි කිරීම සදහා වූ පොදු වැසිකිළියයි.

මෙහි බිම්මහලේ පොදු වැසිකිළිය ඉදිකරන බව දන්වා ඉඩම බදු පදනම මත ලබාගෙන ඇතත්, විගණන පරීක්ෂාවේ දී හෙළිව ඇත්තේ ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති මෙම ඉඩමේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි.

විගණන විමසුම අනුව හිටපු නගරාධිපතිවරයා තමාගේ බිරිඳට 2050 වසර දක්වා අවිධිමත් ලෙස රජයේ ඉඩමක් ලබා දී ඇති බව හෙළිව තිබෙනවා.

ඒ අනුව ‘ඉනෝෂිකා දිල්රුක්ෂි’ නැමැති අයට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර‌ අවිධිමත්ව තෝරාගෙන ඉඩම ලබාදී 2020 නොවැම්බර් 19 සිට 2050 දක්වා බදු ගිවිසුමක් අත්සන් කර ඇතැයි සටහන් කර තිබෙනවා.

‘ඉනෝෂිකා දිල්රුක්ෂි’ නැමැති අය කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ භාර්යාව බැවින් ‘සම්බන්ධිත පාර්ශව ගණුදෙනුවක්’ බව නිරීක්ෂණය කර ඇතැයි විගණන විමසුමේ සදහන්.

මෙපමණක් නොවේ කුරුණෑගල නගරය තම පෞද්ගලික බූදලයක් බව සිතාගෙන කුරුණෑගල හිටපු නගරාධිපති සිදුකළ තවත් වංචා රැසක් ‘දසත නිවුස්’ ඉදිරියේ දී හෙළි කිරීමට සුදානම්.

+


කෙහෙළියගේ සමයේ සිදු වූ බව පැවසෙන ඖෂධ වංචාවක් ගැන හෙළිදරව්වක්

(24.12.2023 – 21:09 +0530 – sinhala.adaderana.lk)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ තවත් ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (24) අනාවරණයක් කළේය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ, තවත් තත්ත්වයෙන් බාල ඖෂධ 38 කට ආසන්න ප්‍රමාණයක් ගුණාත්මක බව පරීක්ෂා නොකොට ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් මෙරටට ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රඳවා තිබෙන බවයි.

“මේ වන විට කරුණු අනාවරණය වෙනවා තවත් තත්ත්වයෙන් බාල ඖෂධ 38 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි ගුණාත්මක බව පරීක්ෂා නොකර ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් ලංකාවට ගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රඳවා තිබෙනවා. අදාළ ටෙන්ඩරය ලබාදීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලිවම ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ මූලික කොන්දේසි උල්ලංඝනය කරනවා. ඒ කියන්නේ ඔහු ඉල්ලා සිටිනවා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ලැබෙන අරමුදල් සහ නැතිනම් වෙනත් ක්‍රමයක් භාවිතා කරමින් මේ සමාගමට ඖෂධ 38 ක් ගෙන ඒම සඳහා අවසර ලබා දෙන්න කියලා.

පසුගිය අවුරුද්දේ නොවැම්බර් 30 වනදා එවකට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ එස්.ඒ.ටී. සුදර්ශන ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකරට ලිපියක් ලියනවා මේ සමාගම සඳහා අදාළ ඖෂධ 38 නිදහස් කර ගැනීමට අවශ්‍ය ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය ලබාදෙන්න කියලා. දැන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මතක් කරලා දෙන්න කැමති මේ ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලින්’ පිලිකා ඖෂධ ගනුදෙනුවේ දී මේ සමාගම්වලින් ඖෂධ ගෙන්වීමට මේ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රකාවට අනුමැතිය ලබා නොදුන්න බව”

+


‘මන්න රොෂාන්’ සහ ඔහුගේ සගයකු වෙඩි ප්‍රහාරයකින් මරුට

(25.12.2023 – 06:30 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක, තුන්තාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මළ සිරුරු දෙක (2) පාතාල නායක ‘දොන් ඉන්දික’ නොහොත් ‘මන්න රොෂාන්’ සහ ඔහුගේ සගයකුගේ බවට හඳුනා ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴

‘මන්නා රොෂාන්’ සහ සගයා ඝාතනයට හේතුව අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක්

(25.12.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක – තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් (2) අතර කළක් තිස්සේ පවතින ගැටුමක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට ද තොරතුරු හෙළිවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ ‘මන්නා රොෂාන්’ට සහ ඔහුගේ සමීපතමයා වූ ‘සුපුන්’ට දුරකතන ඇමතුමක් ලබා දී ගෙන්වා ගෙන ඝාතනය සිදු කර ඇති බවට හෙළිවී තිබෙනවා.

ඔවුන් පැමිණි කැබ්රථය තුළ දී මෙලස ඝාතනයට ලක්ව තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 18 කට අධික ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

‘මන්නා රොෂාන්’ පසුගිය සමයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අතර බන්ධනාගාර ගතව සිට පැමිණ තිබූනේ මෑතක දීයි.

මියගිය ‘සුපුන්’ නැමති අනෙක් පුද්ගලයා ද ‘රොෂාන්’ගේ කටයුතු වලට සහය දක්වා ඇති බව සදහන්.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එල්ලකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (24) දිනයේ හම්බෙගමුව පොලිස් කොට්ඨාසයේ පමණක් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා ෴


අද රෑ දේව මෙහෙය ‘අඟර දඟර මැල්කම් රංජිත්’ගෙන් – විනූ සිරිවර්ධන නිවේදනය කරයි

(24.12.2023 – gossiplankanews.com)

අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ දේව මෙහෙයක් අද (24) රාත්‍රී පැවැත්වෙන බවට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ එහි වැඩසටහනකදී නිවේදනය කළ විනූ සිරිවර්ධන නමැති නිවේදිකාව අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ නාමය දෝෂ සහගතව උච්චාරණය කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබේ.

අද (24) උදෑසන11.53 ට පමණ මෙම නිවේදනය ප්‍රචාරය වූ අතර ඇය සිය ගීත ඉදිරිපත් කරන වැඩසටහන අතරතුර පණිවිඩය සඳහන් දුරකථන තිරය අපහසුවෙන් කියවමින් මෙම වැරදි උච්චාරණය සිදු කළාය.

ඇය මෙසේ කීවාය :
“ඔබට ආරාධනා කරනවා අද රාත්‍රියේදී සජීවීව එකතුවෙන්නට හැකියාවක් තියනවා නත්තල් දේව මෙහෙයක් සමගින්.
අගර දඟර වූ අතිඋතුම් මැල්කම් රජ්.. අ..අතිගුරු.. අතිඋතුම් මැල්කම්..රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්”

මෙම දෝෂය සම්බන්ධ එම මොහොතේ ඇය සමාව භජනය නොකළ නමුත් දෙතුන් වර කියවා අවසානයේ අගරදගුරු වචනය නොමැතිව දේවගැතිතුමන්ගේ නම නිවැරදිව උච්චාරණය කර දෝෂය සැකසුවාය.

ටෙලිනාට්‍ය නිළියකද වන විනූ සිරිවර්ධන දිගු කලක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ ගීත ඉල්ලීම් වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින්නියකි.

වීඩීයෝව පහතින් :

+++++++++


දින 24 ක් අතුරුදන්ව සිටි කුරුණෑගල සිසුවියන් හමුවෙයි

(25.12.2023 – 12:43 +0530 – hirunews.lk/sinhala)

දින 24 ක් අතුරුදන්ව සිටි කුරුණෑගල – ගලගෙදර සහ මාවතගම ප්‍රදේශවල පදිංචි සිසුවියන් දෙදෙනා (2) මාතර – උයන්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදි සොයාගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ, මෙම සිසුවියන් දෙදෙනා අතුරුදන්ව සිටින බවට හිරු ප්‍රවෘත්ති තුලින් ඊයේ (24) අනාවරණය කිරිමෙන් පසු ලැබුණු තොරතුරක් මත ඔවුන් දෙදෙනා සොයාගැනීමට හැකි වු බවයි.

18 සහ 19 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවියන් දෙදෙනා පසුගිය 01 වනදා නිවසින් පිටව ගොස් ඇත්තේ උපකාරක පංතියකට සහභාගී වන බව පවසමින්.

කෙසේ වෙතත්, එදින ඔවුන් නිවෙස් වෙත නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.

එක් සිසුවියෙකුගේ මවක් විදෙස්ගතව සිටි යළි මෙරට පැමිණ ඇත්තේ සිය දියණියගේ අතුරුදන්වීමේ පුවත සැළවීමත් සමගයි.

මෙම සිසුවියන් දෙදෙනා මාතර – උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිට ඇති අතර, එහිදී පෞද්ගලික වෙළඳසැළක සේවය කර තිබෙනවා.

අනතුරුව ඒ පිළිබඳ ලද තොරතුරු මත මාතර පොලිසිය විසින් සිසුවියන් දෙදෙනා සොයාගැනීමෙන් අනතුරුව අද (25) දිනයේ ඔවුන් කුරුණෑගල සිටින දෙමාපියන් වෙත භාරදීමට නියමිතයි ෴


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 කට අධි චෝදනා

(25.12.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

රජයට බදු මුදල් අහිමි කිරීමට කටයුතු කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙකුට අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

ත්‍රීරෝද රථයක් ලියාපදිංචියට අදාළ දත්ත වෙනස් කර ඒ වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථයක දත්ත ඇතුළත් කර එම රථය ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචි කිරීමෙන් රජයට බදු මුදල් අහිමි කර ඇති බවට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම නිලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක, සංවර්ධන හා පර්යේෂණ කොමසාරිස් සහ විමර්ශන සහකාරවරුන් ඇතුළු පස් දෙනෙකුකට (5) බව‍ සඳහන් වෙනවා ෴


හිරු සෙනෙහසේ නත්තලෙන් ආර්ථික අපහසුතා සහිත දරුවන්ට ඉගෙනීමට සවියක්

(25.12.2023 – 20:15 +0530 – hirunews.lk/sinhala)

නත්තල් සැමරුම ප්‍රියසාදවලට පමණක් සීමා නොකර, එහි සැබෑ අරුත විදහාපාමින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සහ පූර්ණ මගපෙන්වීම යටතේ දියත් කෙරෙන ‘හිරු සෙනෙහසේ නත්තල’ රැගෙන හිරු පිරිවර අද (25) මාතර – දෙනියාය ප්‍රදේශයට ගියා.

ඒ ආර්ථික දුෂ්කරතා නිසා මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමේ අපහසුතාවට ලක්ව ඇති පුංචි දූදරුවන්ට සුබ සිහින දැකීම සඳහා ශක්තියක් වීමේ අරමුණින්.

ඒ අනුව දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් විශාල පිරිසකට පොත්පත්, ලිපිද්‍රව්‍ය, පාසල් බෑග්, සපත්තු ඇතුළු පාසල් උපකරණ රැසක් බෙදාදීම ගැටබරුව සහන සේවා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට පැමිණි සියලු දූ දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමටත් කටයුතු කළා.

මේ කරුණාවන්ත නත්තලේ සැබෑ අරුත විදහාපාමින් පුංචි සිත් සතුටින් පුරවන දිව්‍යමය සෙනෙහස තෑගි කරන්නට හිරු හැමදාමත් සූදානම්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *