මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක්
(22.12.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන් 240 ක් යොදවා තිබෙනවා.
ඒ අනුව, මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛයන් 70 ක්, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා පුහුණුව ලත් සුනඛයන් 80 ක්, අපරාධ පරීක්ෂා කිරීමේ නිල සුනඛයන් 90 ක් මෙම මෙහෙයුම්වලට එක්කර ඇති බවයි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුර සඳහන් කළේ.
මේ අතර පොලිස් නිල සුනඛයන් යොදවා කුරුදුවත්ත පොලිසිය සහ යුද හමුදාව එක්ව කොළඹ 07 කුරුදුවත්ත – හැටේවත්ත සහ පිඩැලිවත්ත යන ප්‍රදේශවල සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය බවට සැළකිය හැකි ද්‍රව්‍ය සහ වාලම්පුරි කිහිපයක් සොයාගෙන තිබෙනවා.
යුක්තිය මෙහෙයුම පස්වන දිනටත් අද (22) ක්‍රියාත්මක අතර, පසුගිය 17 වනදා සිට මේ දක්වා සැකකරුවන් 10,456 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළා.
මේ අතර, බම්බලපිටිය පොලිසිය සහ කොළඹ දකුණ කොටේඨාශ අපරාධ විමර්ශන අංශය එක්ව කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ඔහු විසින් සොරාගන්නා ලද රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) පමණ වටිනා යතුරුපැදි 19 ක් සොයාගෙන තිබෙනවා ෴
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ නිවුන් දියණියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(22.12.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට සැකපිට මවක් සහ නිවුන් දියණියන් දෙදෙනෙකු (2) වව්නියාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වව්නියාව පොලිසියට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදි අණාවරණ වු තොරතුරු අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරත වු තරුණියන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් එකම පවුලේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු (2) බව හෙලිව ඇති අතර මෙම ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කාරිය වන ඔවුන්ගේ මවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇය විසින් පවත්වාගෙන යන ටයර් වෙළෙදසැලකදියි.
24 පැය පුරා විවෘතව ඇති එම ටයර් වෙළෙදසැලේ සිට ඇය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ ෴
‘මිනී ඔළුවා’ අත්අඩංගුවට
(22.12.2023 – 20:11 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන ‘මිනී ඔළුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ‘තිලිණ මදුරංග’ නමැත්තා අද (22) පෙරවරුවේ ගොතටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක මෙම ‘යුක්තිය’ මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන් 240 ක් යොදා ඇති බව සඳහන්.
එසේම, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරුවන් ළග තිබී දුම්වැටි, ඈෂ් මත්ද්‍රව්‍ය සහ බීඩි මෙන්ම, රැඳවියෙකුට ලබාදීමට රැගෙන ගිය ජංගම දුරකථනයක් ද නිලධාරින් භාරයට ගෙන තිබුණා ෴
කඳානේ ඝාතනයක්
(22.12.2023 – 07:29 +0530 – sinhala.adaderana.lk)
කඳාන සෙබස්තියන් මාවතේ නිවසකදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම පුද්ගලයා මියගොස් සිටි නිවසේ කිසිවෙකුත් පදිංචිව සිට නොමැති බව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
ඒ අනුව නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් නිවසේ ජනේලවලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබූ බවය.
මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘතශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
නිවසේ හිමිකරු, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
ව්‍යාජ වීසා සකස් කළ ජාවාරමක් වටලයි
(22.12.2023 – 09:50 +0530 – sinhala.adaderana.lk)
පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී නීතිවීරෝධී ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර ඇතුළු ලේඛන මහා පරිමාණයෙන් මුද්‍රණය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
ඔවුන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් සතුව තිබි ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 03 ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 08 ක්, විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 24 ක්, නිල මුද්‍රා ඇතුළු ලිපිලේඛන රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
අවුරුදු 22 ත් 23 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි ෴
ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා චීනයෙන් හොඳ ඉල්ලුමක්
(22.12.2023 – 12:52 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටිති.
චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42 ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.
50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමග මෙරට නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනී කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියහ.
එම චීන සමාගම් දැනට වසර දෙකක (2) කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන මණ්ඩලය විසින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වේ.
මෙම කටයුතු සඳහා වසර දෙකක් (2) සපිරීම නිමිත්තෙන් අපේ රටේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමේ දී අපේ රටේ කුළුබඩු සම්බන්ධව අදහස් පළ කළ එම පිරිස ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බව සඳහන් කළේය.
විශේෂයෙන් අපේ රටේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බවත් ඔවුහු කියා සිටියහ ෴
රුපියල් කෝටි 12 ක රත්‍රං සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට
(22.12.2023 – 14:46 +0530 – sinhala.adaderana.lk)
නීතීවිරෝධී ලෙස රුපියල් කෝටි 12 ක පමණ වටිනාකමින් යුත් රත්‍රං තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායිහි සිට පැමිණි සැකකාර කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.
සැකකාරිය සතු ව තිබී රත්‍රං කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක තොගයක් රේගු භාරයට ගෙන ඇත ෴
නීතිවිරෝධී වයින් නිෂ්පාදනාගාරයක් වටලයි
(22.12.2023 – 15:37 +0530 – sinhala.adaderana.lk)
මොරටුව, උයන ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු සමඟ වයින් තොගයක් සිය භාරයට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
වයින් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර අන්තර් ජාලය හරහා ඇණවුම් ලබාගනිමින් කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර තිබේ.
පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කීර්ති ආරියපාල මහතාට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් නිවසක පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධී වයින් නිෂ්පාදනාගාරයට ඇතුළු වී වැටලීම සිදුකර තිබිණි.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙනත් කාලවලට වඩා වැඩියෙන් වයින් නිෂ්පාදනය සිදුකර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා කිව් ආර් (QR) සංකේත භාවිතා කරමින් ඉතා ඉහළ මිල ගණන්වලට මෙම වයින් නිෂ්පාදන අලෙවි කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
එසේම මෙම නීතිවිරෝධී බලපත්‍ර රහිත වයින් නිෂ්පාදනාගාරය සඳහා වයින් නිෂ්පාදනය සඳහා වෙළෙඳ බලපත්‍රයක් නිකුත් කිරීමට මොරටුව මහ නගර සභාව කටයුතු කර ඇති බවත් මෙම නීතිවිරෝධී නිෂ්පාදකයින් ‘බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ’ පැවති අලෙවි ප්‍රදර්ශන සඳහා ද මෙම නීතිවිරෝධී වයින් අලෙවි කර ඇතැයිද සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
මෙම නිෂ්පාදනාගාරයේ තිබී එළවළු සහ පළතුරු යොදා ගෙන සකස් කළ රුපියල් ලක්ෂ පහක් (5) පමණ වටිනා වයින් බෝතල් 58 ක් සහ වයින් මත්පැන් තොගයක් බෝතල් මූඩි මුද්‍රා තබන යන්ත්‍ර දෙකක් (2), හිස් බෝතල්, මූඩි තොගයක් ප්රචාරක බැනර් ආදිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මොරටුව උයන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන 59 හැවිරිදි සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
++++
මේක නවත්වන්න – කතෝලික සභාව ටිරාන් ගෙන් ඉල්ලයි
(22.12.2023 – 15:50 +0530 – sinhala.adaderana.lk)
රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ එම චෝදනාවට අද (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව පැවසීය.
ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයාචනා කළ සිද්ධිය සම්පූර්ණයෙන් බොරුවක් බවය.
අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව :
+
මිනිස්සු ලෙඩ කරන පිටකොටුවේ කිරිපිටි කඩේ
(22.12.2023 – 16:32 +0530 – sinhala.adaderana.lk)
පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්ව තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද (22) පිටකොටුව ප්‍රදේශයේ තොග අලෙවිසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබිණි.
එහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්‍රෑම් 825 ක තොගයක් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රසකැවිලි වෙළෙන්දන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට අදාළ තොග වෙලෙදසැල් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
+
මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකිකයන් ගැන දැනුම්දීමක්
(22.12.2023 – 19:17 +0530 – sinhala.adaderana.lk)
මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ ‘සයිබර් අපරාධ කලාපයේ’ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම පහසු කාර්යයක් නොවන බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.
‘අද දෙරණ’ සමඟ තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසු වන බවය.
සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 25 කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක ග්‍රහණයට නතු ව ඇතැයි පසුගිය දින කිහිපයේ ‘අද දෙරණ’ තොරතුරු වාර්තා කළේය.
ඔවුන්, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩිහි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බව හෙළි වී ඇත.
එහි දී එම ශ්‍රී ලාංකිකයන්ට දැඩි වධ හිංසනයට ලක් වීමට සිදු ව ඇති අතර, එහි සිර ව සිටින තරුණයෙකු ‘අද දෙරණ’ අමතමින් ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් ද විස්තර කළේය.
‘අද දෙරණ’ මේ ඔස්සේ සිදු කළ සොයාබැලීමේ දී අපට අනාවරණ වූ තවත් කරුණක් වූයේ, මියන්මාරයට ආසන්නයේ පිහිටි රාජ්‍යයක් වන ලාඕසය වෙතට ද මේ ආකාරයෙන්ම තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමට යොදාගෙන ඇති බවයි.
තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථාවක් දෙන බව පවසා වංචනික ලෙස තායිලන්තයට යවා පසු ව ලාඕසයේ මෙවැනි සයිබර් අපරාධ කඳවුරක් වෙත යොමු කෙරුණු තරුණයෙකු පිළිබඳව ද අපට හෙළි විය.
එම තරුණයා ඉන් මිදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු ලැබූ කටුක අත්දැකීම් අප වෙත පැවසුවේ මෙලෙසිනි :
“අපිට තායිලන්තයේ IT ක්ෂේත්‍රෙය් රැකියා දෙනවා කියලා අම්බලන්තොට කෙනෙක්ම අපිව තායිලන්තයට යවන්න කටයුතු කළා. අපිට කිව්වේ ඔයාලා යන්නේ ‘විසිට් වීසා’ වලින්; සති දෙකක් (2) යන්නත් කලින් ජොබ් වීසා ගහනවා කියලා. රුපියල් 3,55,000 ක මුදලක් අපෙන් ගත්තා. තායිලන්තයේ ඉදලා අපිව ගුවන්යානයකින් නැවතත් චින්රායි කියන ප්‍රදේශයට අරන් ගිහින් එතනින් ලාඕසයට දේශසීමාව හරහා යැව්වා. ඊට පස්සේ අපිව කම්පැනියට එක්කන් ගියා. ඒක සම්පූර්ණයෙන්ම බලකොටුවක් වගේ තිබුණේ. කම්පැනියෙන් අපි අයින් වෙනවානම් අපි එක්කෙනෙක් රුපියල් ලක්ෂ 50 ක් කම්පැනියට ගෙවලා තමයි අයින් වෙන්න ඕනේ කිව්වා. එයාලා කියන්නේ අපිට ‘බොරු සමාජ මාධ්‍ය ගිණුම්’ හරහා අමෙරිකාව වගේ යුරෝපා රටවල් ‘ටාගට්’ කරලා ඒ රටවල ධනවත් මිනිස්සු අල්ලගන්න කියලා. එයාලා එක්ක ගොඩක් සමීප වෙලා මෙහෙම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකට සල්ලි දාන්න. ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියලා ඉන්වෙස්ට් කරන්න කියලා කියන්නේ. ඉන්වෙස්ට් කරන මුදල අනුව තමයි පඩි තීරණය කරන්නේ. ලංකාවේ අපිව යවපු කෙනාව අපි දැනුවත් කළා. එයා හරි උත්තරයක් දුන්නේ නැහැ. පස්සේ මේගොල්ලෝ අපිට ගොඩක් වද දෙන්න පටන් ගත්තා. මුලින් දණ ගැස්සුවා. පඩි කපනවා කිව්වා. ග්‍රවුන්ඩ් එකක් වටේ දුවවන්න වගේ දේවල් තමයි අපිට කළේ.”
මේ අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ, මෙම ශ්‍රී ලාංකිකයන් සිටින්නේ ත්‍රස්ත ග්‍රහණයේ බැවින් කලබල නොවී සුපරික්ෂාකාරීව ක්‍රියාකළ යුතු බවයි.
මේ අතර, මෙම වසරේ අගෝස්තු මාසයේ දී පමණක් පුද්ගලයන් 1,20,000 ක් මිනිස් ජාවාරම් සඳහා මියන්මාරයට යවා ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවල සඳහන් වේ.
ඉන් බොහොමයක් සිදු කර ඇත්තේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමිනි ෴
+
Rescue and Repatriation of Sri Lankan victims of human trafficking in Myanmar (22.12.2023)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴