තවත් රට රැකියා ජාවාරමක් කුරුණෑගල නගරයේ

තවත් රට රැකියා ජාවාරමක් කුරුණෑගල නගරයේ


තවත් රට රැකියා ජාවාරමක් කුරුණෑගල නගරයේ

(28.11.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)

අඟහිඟකම්වලින් පීඩා විදින බොහෝ පිරිසක් රට රැකියා සිහිනය සැබෑ කර ගැනීම සඳහා උත්සහ කරන්නේ අතමිට සරු හෙටක් අපේක්ෂාවෙන්.

නමුත් විවිධ ජාවාරම්කරුවන්ට හසුව එම සිහින බොඳකරගත් පිරිස් සම්බන්ධයෙන්ද මේ වනවිට බහුලව අසන්නට, දකින්නට ලැබෙනවා.

කුරුණෑගල නගරයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන රට රැකියා ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

රුසියාවේ සහ ඕමානයේ රැකියා සඳහා පිටත්කරන බවට පවසා මෙහි නියෝජිතයින් විසින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ ගණනින්.

එහෙත් තමන්ව රැකියා සඳහා පිටත් කර නොයැවීම හේතුවෙන් අදාළ රැකියා අපේක්ෂකයින් මේ සම්බන්ධව කුරුණැගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම ජාවාරම්කරුවන්ට හසුවූ පිරිස් පවසන්නේ මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළද ඵලක් නොවූ බවයි.

+


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා උපදෙස්

(28.11.2023 – 20:09 +0530 – sinhala.adaderana.lk)

2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ අභියාචනා සඳහා 2023.11.27 සිට 2023.12.04 දින දක්වා කාලය ලබාදී තිබේ.

අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර
https://onlineexams.gov.lk/eic/index.php/clogin/
දරන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය ෴


නව ක්‍රීඩා ඇමතිට අධිකරණයෙන් නියෝගයක්

(28.11.2023 – 19:35 +0530 – sinhala.adaderana.lk)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කිකට් අත්තර් පාලක මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව ක්‍රිඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

ඊට අදාළ පෙත්සම හයවන (6) දිනට අද (28) කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (28) පෙරවරුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

“ස්වාමිනි මාගේ සේවාදායකයා ගොනුකරන ලද මෙම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව මම අධිකරණයට දැනුම් දෙන්න කැමතියි. ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බැවින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවය.

මෙහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා පෙනී සිටි අතර සිය සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීම සඳහා ඔහු අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම නඩුව මීළඟ දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව තම සේවාදායකයා කිසිඳු පියවරක් නොගන්නා බව අධිකරණයට දැනුම් දුන් නීතිඥවරයා නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවය.

අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් මතුකළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය ෴


අගමැති කාර්යාලයේ නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

(28.11.2023 – 19:30 +0530 – sinhala.adaderana.lk)

අගමැති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ රාජකාරියේ නිරතව සිටින කළමනාකරන නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව කොටුව තිළිණ ගමගේ මහතා හමුවේ කොල්ලුපිටිය පොලීසිය අද කරුණු වාර්තාකර ඇත.

ඒ අනුව විමර්ශනයට අදාළව ඇය සේවය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලෝටස් ජෙම් ගොඩනැගිල්ලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සහ පැමිණිලිකාරියගේ දුරකථන පරීක්ෂා කිරීමටත් පොලීසිය සිදුකළ ඉල්ලීමට අද අවසර ලබාදී තිබේ.

පසුගිය 24 වනදා පෙරවරුවේ සේවයට පැමිණි ඇය එම කාර්යාලයේ රාත්‍රී 08 වනතුරු සේවයේ නිරතව සිට ඇත.

සේවය නිමකිරීමෙන් අනතුරුව තම ඇත් බෑගය පරීක්ෂා කරන විට රන් භාණ්ඩ එහි නොතිබූ බව පැමිණිල්ල මගින් එම නිලධාරිනිය පොලීසිය වෙත දැනුම්දී ඇත.

මෙලෙස අස්ථාන ගතවී ඇත්තේ පවුම් හතරක් (4) බරැති වළල්ලක්, පවුම් දෙක හමාරක් (2½) බරැති මාලයක්, පවුම් එක හමාරක් (1½) බරැති වළල්ලක්, පවුම් දෙකක් (2) බරැති මුද්දක් හා පෙන්ඩන්ට් දෙකක් (2), පවුම් භාගයක (½) කරාඹු ජෝඩුවක් බවට තොරතුරු වාර්තාවෙයි ෴


ලංකාවෙන් තවත් මුත්තයියා කෙනෙක් – ඉරියව් 6 කට පන්දු යවන රිෂියුධන්

+


මුළු පාර්ලිමේන්තුවම විරුද්ධ වෙද්දී ජනපති, සාගල එක්ව ශම්මිව රැක්කා… – ජාතික නිදහස් පෙරමුණ

(29.11.2023 – 00:01 +0530 – lankacnews.com)

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා ‘ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට’ එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

28 පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.

තම අපකීර්තිමත් දේශපාලන ඉතිහාසය නිසා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බවත් පසුව ඊනියා ගෝල්ෆේස් අරගලයේ පිහිටෙන් හා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කර මතින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ බවත් ඔහුට අද වන විට අමතකව ඇතැයි ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

කෝප් කමිටුව මගින් ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු (2) වෙන වෙනම සිදු කළ විමර්ශනවලින් අනතුරුව නිකුත් කළ ස්වාධීන වාර්තා දෙකක් (2) මගින් ද පෙන්වා දී තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවකි!’ යන නිර්දේශය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘සුද්ද කිරීමට’ නිර්භීතව, එඩිතරව පියවර ගනිමින් සිටි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, අද තම විධායක බලතල යොදා ගනිමින් ‘පේළි දෙකේ ලිපියකින්’ ගෙදර යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ‘හොරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා! එහෙම වුණොත් දොට්ට දමනවා!’ යන්න යැයි සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාව සුද්ද කළ යුතු බවට’ ගත් තීරණය මුළුමහත් පාර්ලිමේන්තුවම ඒකච්ඡන්දයෙන් අනුමත කර තිබියදී එයට පයින් ගසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද ‘ශම්මි සිල්වා හුරතල් කිරීම’ ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බව ද සමරවීර මහතා මෙහිදී කීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+


ක්‍රිකට් බෝඩ් එක විධායකයටත් උඩින් ඉන්නේ – එතකොට ක්‍රීඩා ඇමති තෝරන්න ඕන ශම්මිද? – චරිත හේරත් (28.11.2023)

+


රුපියල් ලක්ෂ 15 ක් දෙනවැයි වකුගඩු අරන් රුපියල් ලක්ෂ 2 ක් දී රවටලා

(28.11.2023 – gossiplankanews.com)

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දිළිඳු පවුල් ඉලක්ක කර වකුගඩු ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජාතික බුද්ධි තොරතුරු සේවාවට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂෂණ කැකුණවෙල මහතා ඉදිරියේ ඊයේ (27) කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම ජාවාරම කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් හතරකට (4) අදාළව රෝගීන්ගේ වකුගඩු සැත්කම් කළ ලැයිස්තුවක් කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙසට එම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කෙරිණි. ජාතික බුද්ධි තොරතුරු සේවාව පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ තොරතුරකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට බාරදෙනු ලැබූ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා මහතා අධිකරණයට වාර්තා හතරක් (4) මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ තොරතුරට අනුව කළ විමර්ශනයේදී කොළඹ 15, සමිත්පුර සහ කජීමාවත්ත යන ප්‍රදේශවල පදිංචි මාපලගම ආරච්චිගේ තරංග, ත්‍යාගරාජා සුභාෂිණී, කොස්ගොඩ ආරච්චිලාගේ මංජුලා පෙරේරා සහ උදයකුමාර් චන්ද්‍රකුමාර් යන අයවලුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. තැරැව්කරුවන් මගින් රුපියල් ලක්ෂ 15 ක මුදලකට වකුගඩු ලබාදීමට කැමැත්ත පළ කර ඇති මෙම පුද්ගලයන්ට අදාළ පෞද්ගලික රෝහල්වලදී සැත්කම් සිදුකර ඇති බවත් පසුව පොරොන්දු වූ මුදල වෙනුවට රුපියල් ලක්ෂ දෙකක (2) පමණ මුදලක් ලබාදී ඔවුන් රවටා ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහල්වල කළ සැත්කම් සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට නියෝග දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරමින් නඩුව කල් තැබීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *