ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි

ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි


ක්‍රිකට් නඩුව ලබන සඳුදා (27) තෙක් යළි කල් යයි

(24.11.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව එම ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනුකළ පෙත්සම සළකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළා.

ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අද (24) තවදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් පසුවයි වැඩිදුර කරුණු සළකා බැලීම සඳහා පෙත්සම ලබන සඳුදා (27) දක්වා කල් තැබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලය පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කලේ පසුගිය 06 වන දායි.

ඊට පසු දිනම (07) අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අධිකරණය වෙත මෙම රීට් පෙත්සම ඉදිරිපත් කළා.

මේ අතර, ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව පවසමින් කැබිනට් මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේශන්ට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අතුරු කමිටු පත් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ කිහිපයක් ද දක්වමින්.

ඒ අනුව, ජාතික ක්‍රීඩා සංගමය වෙනුවට තාවකාලික අතුරු කමිටුවක් පත් කිරීමේ දී පළමුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා ගැනීම, නීතිපතිවරයාගෙන් ඒ පිලිබඳ උපදෙස් ලබා ගැනීම සහ අතුරු කමිටුව පත් කිරීමට අදාල ක්‍රීඩා සංගමය අයත් අන්තර්ජාතික සම්මේලනය දැනුවත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය වනු ඇති.

එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කල ඇත්තේ නව ක්‍රීඩා පනතක් හදුන්වා දෙන තුරු මෙම නියමයන් ක්‍රියාත්මක වන බවයි ෴


සාගලට එරෙහිව කොළඹ විරෝධතාවක්

(24.11.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 12, වේල්ල වීදිය ආසන්නයේ ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැමිණීමට නියමිත බව සැලවීමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ ඔහු පැමිණෙන බවට පුවත සැලවීමත් සමඟ ප්‍රදේශවාසී ක්‍රීඩාලෝලීන් සාගල රත්නායකට විරෝධය පළ කිරීම සඳහා එම ස්ථානයට එක් රැස් වීම හේතුවෙන්.

එම නිසාවෙන් එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර, ජල ප්‍රහාරක බවුසර් ද කැඳවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

++++++++

+


අතුරුදන් වූ කොස්තාපල්වරයාගේ මළ සිරුර හමුවෙයි

(24.11.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ජා – ඇල නගරය අසලින් ගලා බසින ඇළට පැන පලායෑමට තැත්කල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයා දියේ ගිලීමෙන් ඊයේ (23) අතුරුදන් වූ අතර, අද (24) ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජා-ඇල පොලිස් ස්ථානයේ සේවය කළ ‘ක්‍රිෂ්ණ මුර්ති පිරදාපන්’ නමැති අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙක්.

පැය ගණනක දැඩි පරිශ්‍රමයකින් පසු නිලධාරියාගේ සිරුර මළ සිරුර සේදවත්ත ඇළ ආසන්නයේ දී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොස්තාපල්වරයා 26 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන්.

නීති විරෝධි ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත ජා-ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා මංචු දමා පොලිසියේ රඳවා සිටිය දී පොලිසිය ආසන්නයේම ඇලට පැන පලා යෑමට උත්සහ කිරිමේ දී ඔහු අල්ලා ගැනීමටයි මෙම කොස්තාපල්වරයා ඇලට පැන ඇත්තේ ෴

+++++++

+


රුපියල් 100 ක මුදලක් ලබාදී 11 හැවිරිදි දැරියක් රවටා අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(24.11.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 100 ක මුදලක් ලබාදී, රවටා 11 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 67 ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ අතර අතවරයට ලක්වූ දැරියගේ නිවසට නිවෙස් කිහිපයක් නුදුරින් වූ සිය දෙමාපියන්ගේ නිවසේ මේ දිනවල තාවකාලිකව වෙසෙන බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් දැරියට රුපියල් සියයක් (100) ලබා දී ඇය රවටා නිවෙසින් පිටතට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දැරිය විසින් සැකකරු දුන් මුදල ලබා නොගෙන ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පරීක්ෂණ සඳහා දැරිය මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉංගිරිය පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


ටෙලිකොම් සේවකයින් වර්ජනයේ

(24.11.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එහි සේවකයින් අද (24) සංකේත වර්ජනයක නිරත වනවා.

මේ අතර, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොරට ඇතුළුවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එහි වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ට නියෝගයක් නිකුත් කළා.

ඒ කොටුව පොලිසිය අද (24) කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත්, සාමකාමීව උද්ඝෝෂණ සිදු කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

පොලිසියට දැනුම් දුන්නේ නීතිවිරෝධීව කටයුතු කළහොත් පොලිස් ආඥා පනතට අනුව ඔවුන්ට කටයුතු කළ හැකි බවයි ෴


උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(24.11.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස උසස් පෙළ විභාගයේ 2022 (2023) හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(24) දිනයේ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත සමීක්ෂණ සඳහා මෙවර අයදුම්පත් 60,336 ක් ඉදිරිපත්ව තිබෙනවා.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ හෝ http://www.results.exams.gov.lk/ වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුවේ සඳහන් කරනවා ෴


ඒඩ්ස් රෝගීන් අතර පාසල් සිසුනුත් වාර්තා වෙයි

(24.11.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2023) ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ජානකි විදානපතිරණ පවසා තිබෙනවා.

මෙම ආසාදිතයන් අතර පාසල් සිසුන් ද සිටින බැවින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15- 24 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

එසේම ඇය පවසන්නේ ඒඩ්ස් රෝගීන් සඳහා මේ වන විට ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බවයි.

එම ඖෂධය භාවිත කිරීමෙන් 2030 වසර වන විට ඒඩ්ස් ආසාදිතයන් ගණන 0.001% දක්වා අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට සඳහන්.

මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සියලු පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරන බැවින් ජනතාවට අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි ෴


මැණික් සොරාගත් චීන තරුණිය සොයා පොලිස් විමර්ශන

(24.11.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000ක් වටිනා මැණික් ගල් සොරාගත් බව කියන කාන්තාවක් සොයා විමර්ශන ක්‍රියාත්මක බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

මැය චීන ජාතික තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ මෙම තරුණිය මැණික් ගල් සොරකම සිදුවූ අදාල වෙළඳසැලේ සේවය කළ සේවිකාවක්ද වන බවයි ෴


ව්‍යාජ එන්නත් කුප්පි සිද්ධියට මහා භාණ්ඩාගාර ලේකම් ඇතුලු තවත් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ ගන්න අවසර

(24.11.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක තොගයක් මෙරටට ගෙන්වූ සිද්ධියට අදාළව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු පස් දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මාළිගාකන්ද මහසේත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

මහාභාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා, රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපතිවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජරාල්වරයා ඇතුළු හය දෙනෙකු (6) ඒ අතර සිටිනවා.

එසේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සහ මෙරටට ගෙන්වන ලද ඖෂධ 182 ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස අදාල ආයතන ප්‍රධානනින්ට නියෝග කලා.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි ෴

+


උපන්දිනය සැමරීමට මඟ බලා සිටි තරුණිය මාරක අනතුරකින් අවසන් ගමන් යයි

(24.11.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල නගර මධ්‍යයේදී සිදු වූ මාරක අනතුරකින් සුරූපී තරුණියක් ජීවිතක්ෂයකට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19 ක තරුණියක් බව‍යි වාර්තා වෙන්නේ.

ඇගේ උපන්දිනයද හෙටට (25) යෙදී තිබෙනවා.

ඇය සහ ඇගේ මව, පියා, සොයුරිය ගමන්ගත් ත්‍රීරෝද රිය තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔවුන් විවාහා මංගල්‍යයකට සහභාගී වීමට යමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා ඇත්තේ.

+


ගිනි පොලියට දෙන ONLINE ණයේ මගඩිය – “දුරකතනයේ සියලුම දත්ත – ඇප් එක හරහා ලබා ගන්නවා”

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *