ශම්මි ඊයේ (11) මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් බව ESPNcricinfo වෙබ් අඩවිය හෙළි කරයි

ශම්මි ඊයේ (11) මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් බව ESPNcricinfo වෙබ් අඩවිය හෙළි කරයි


ශම්මි ඊයේ (11) මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් බව ESPNcricinfo වෙබ් අඩවිය හෙළි කරයි

(12.11.2023 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඉම්රාන් කවාජා ඇතුළු ප්‍රධානීන් පසුගිය වසරේ (2022) නොවැම්බර් මසදී මෙරටට පැමිණි අවස්ථාවේදීත් ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීමක් පිළිබඳව සාක්ෂි සොයාගැනීමට නොහැකි වූ බව සුප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණ කරනවා.

එම අනාවරණය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසු ජූලි මාසයේදි සුදානම් වු අවස්ථාවේදි සිය මැදිහත්වීමෙන් එය නතර කරගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ඊයේ (11) අදාල මාධ්‍ය හමුව පවත්වා තිබුණා.

කෙසේවෙතත් සුප්‍රකට ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ඇතුළු නිලධාරින් පිරිසක් 2022 වසරේ නොවැම්බර් මස මෙරට සංචාරයක නිරත වූයේ ද ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත් වීමක් ඇති බවට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා රජයෙන් දේශපාලන මැදිහත් වීමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබු බව එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඒ අනුව 2022 වසරේ නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙරට සංචාරයක නිරත වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ පැමිණිල්ලට අදාළ කිසිදු සාක්ෂියක් එම අවස්ථාවේ ඔවුන්ට සනාථ කර ගැනීමට හැකි නොවු බවයි බවයි ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ අතර, ලබන ජනවාරි මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත් ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන නොමැති අතර අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබාදීමට අවස්ථාව ලබා දෙනවාද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ එළඹෙන නොවැම්බර් 21 වැනිදා අහමදාබාද්හිදී පැවැත්වෙන එහි විධායක කමිටු රැස්වීමේදී බවයි.

++++++++++

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව

(12.11.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමෙන් අනතුරු ව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එම සජීවි විකාශය :

++++++++++

11-11-2023

++++++++++

12-11-2023

+

12-11-2023

+


ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(12.11.2023 – 07:11 +0530 – sinhala.adaderana.lk)

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් ද තිබුණු බව පොලීසිය වාර්තා කර ඇත ෴


බස් රථවලට සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්

(12.11.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබාදීමේදී අදාළ බස්රථවල ජී.පී.එස්. තාක්ෂණය පැවතීම අනිවාර්ය කිරීමට පියවරගෙන තිබෙනවා.

ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එමෙන්ම බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් පැවතීමද ඉදිරියේදී අනිවාර්ය කිරීමට එම කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මින් ඉදිරියට මෙරට ඉදිකරනු ලබන බස්රථ නැවතුම්පළවල් සඳහා අවශ්‍ය අවම නිර්ණායක සැළසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

අදාළ ධාවන වාරය එළඹෙන තෙක් බස්රථ පාරවල් දෙපස, මග අවහිර වන සේ ගාල් කිරීමට වෙනුවට ඒ සඳහා සුදුසු ස්ථාන හඳුනාගන්නා ලෙසයි කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

අධිවේගී මාර්ගවල ඉදිකිරීමේ ප්‍රගතිය හා ආදායම් තත්ත්ව පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබූ අතර, වර්තමානය වන විට සමස්තයක් ලෙස අධිවේගී මාර්ග පාඩු ලබන බව නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු අනාවරණය කළා.

ලාභ ලබන අධිවේගී මාර්ගවලින් පාඩු ලබන අධිවේගී මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බවද නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කාළා.

ඒ අනුව දැනට පවතින සියලු‍ම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම් සඳහා කිව් ආර් කෝඩ් භාවිතා කර වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් හැකි ඉක්මණින් සකස් කිරීමටද කටයුතු කරන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ෴


ගිනි අවියක් සමග මාලදිවයින් ජාතිකයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

(12.11.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයින බලා පිටත්ව යාමට පැමිණි විදේශිකයෙකුගේ ගමන් මල්ලක තිබී ගිනි අවියක් කටුනායක ගුවන් තොටුපලේදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලදිවයින් ජාතිකයෙක් වන අතර ඔහු රැගෙන ආ ගමන් මල්ල ස්කෑන් පරීක්ෂා කිරීමේදී රිවෝල්වරයකට සමාන ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු වයස අවුරුදු 58 ක පුද්ගලයෙක් ෴


14 හැවිරිදි තරුණියක් පැහැර ගත් තරුණයා හසුවෙයි

(12.11.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

උඩුපුස්සැල්ලෑවේ ඕල්ටිමාර් තුඹවත්ත ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් වවුනියාවේ ඉලුප්පායිකුලම් ප්රදේශයේ නිවසක සඟවා ගෙන සිටි 18 හැවිරිදි තරුණයෙකු වවුනියාව පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසා ඇත්තේ මේ වන විට අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

මෙම තරුණයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ දැරියගේ යෙන් වෛද්‍ය වාර්තා ලැබුණු පසුව එම වාර්තාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


නොමඟ යවන සුලු දුරකථන ඇමතුම්වලට හසු නොවන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

(12.11.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

නොමඟ යවන සුලු දුරකථන ඇමතුම්වලට හසු නොවන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිසිය පවසන්නේ වෛද්‍යවරුන් බව පවසමින් පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ දරුවන් රෝහල් ගතකර ඇති බව සහ වෙනත් හේතු පවසමින් බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙසට ඇමතුම් ලබාදෙන සිදුවීම් පෙළක් මේ වන විට වාර්තාවී ඇති බවයි.

මෙලෙස තම මුදල් හෝ දේපළ කිසිදු අවස්ථාවක නාඳුනන දුරකථන ඇමතුම් මත ලබා නොදෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


මත්ලෝලීන්ගෙන් බහලුම් ප්‍රවාහනයට බාධා

(12.11.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ආනයන අපනයන බහලුම් ප්‍රවාහනයේ යෙදෙන ලොරි රථ රියදුරන්ට පසුගිය කාලසීමාවේදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බව බහලුම් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත, ඔරුගොඩවත්ත ප්‍රදේශවල බහලුම් අංගනවලට බහලුම් ලබාගැනීමට යාමේදී හා භාරදීමේදී රේගු පරීක්ෂණ අංගනවලට බහලුම් රථ ඇතුලුවීමේදී එම රියදුරන්ට මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ආයුධ පෙන්වා තර්ජන කරන බවටයි වාර්තාවන්නේ.

එම සංගමයේ සභාපති සනත් කේ. මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට දිවා කාලයේදීද එවැනි ආකාරයේ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි ෴


උත්තර ලංකා සභාගයේ විරෝධතා සම්මන්ත්‍රණ මාලාව කොළඹින් ඇරඹේ!

(12.11.2023 – facebook.com/UttaraLankaSabhagaya)

වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද(11) සවස කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සංජීව ධම්මික යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද මෙම විරෝධතා සම්මන්ත්‍රණය ඇමතූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
2023.11.11

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *