මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු දෙදෙනකු (2) රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබා ගනිමේදී අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු දෙදෙනකු (2) රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබා ගනිමේදී අත්අඩංගුවට


මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු දෙදෙනකු (2) රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබා ගනිමේදී අත්අඩංගුවට

(10.11.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ‘සුපුන් එස්. පතිරගේ’ ඇතුළු දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව වාර්තා වෙනවා.

මෙහි විමර්ශන සිදු කර ඇත්තේ ‘අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ (CIABOC) විසින්.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක (1,00,00,000) අල්ලසක් ලබා ගනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ ෴

සුපුන් එස්. පතිරගේ (සභාපති – මධ්‍යම පරිසර අධිකාරිය)

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

(10.11.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි ICC විසින් තීරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ ෴

ICC සාමාජිකත්වය ගැන දැඩි තීරණයක් ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යෙන් ඉල්ලීමක්

(10.11.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (10) මෙරටට පැනවූ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ඉල්ලීම සිදුකර ඇත්තේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවට සුප්‍රසිද්ධ cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

එමෙන්ම ICC මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට අවසර දී ඇති බැවින් අහමදාබාද්හි පැවැත්වෙන ICC රැස්වීම් සඳහා ශම්මි සිල්වාද සහභාගී වීමට ඉඩ ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

දැනට ඉන්දියාවේ සිටින සහ සිකුරාදා රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තේරී පත් වූ නියෝජිතයා ලෙස ICC විසින් දිගටම පිළිගන්නා බවත් එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද (10) රැස්වූ කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව හුවා දක්වමින්.

කෙසේ වෙතත් අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කර දැනුම්දෙන බවයි ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන් ෴

+


මෙයා රෑට ඇවිත් සාක්ෂි විනාශ කරා. ඇතුළේ හුටපට වෛද්‍ය බෙල්ලන ගෙන් – අමාත්‍යංශේ හොරුගැන රමේෂ් තාම දන්නෑ. (10.11.2023)

+


දරුවාට හදිසි සැත්කමක් කිරීමට තිබෙන බව දුරකථනයෙන් පවසා මව්පියන් ගෙන් මුදල් කොල්ලකන ජාවාරමක්

(10.11.2023 – 22:27 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සහ කොළඹ නාගරික පාසල් කිහිපයක සිසුන්ගේ මව්පියන් නොමඟ යවමින් ඔවුන්ගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත තොරතුරු වාර්තා වුණා.

පාසලේදී දරුවා හදිසියේ අසනීප වු බව පවසමින් මව්පියන්ට දුරකථන ඇමතුම් ලබා දෙන එම පුද්ගලයින් කඩිනම් සැත්කම් සඳහා මුදල් ඉල්ලා මෙම ජාවාරම සිදුකරන බවටයි කරුණු අනාවරණ වන්නේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ඉලක්කර ගනිමින් මෙම මුදල් ජාවාරම ක්‍රියාත්මක වන්නේ සති කිහිපයක සිටයි.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව අනාවරණ වුණේ පාසලේදී දරුවා හදිසියේ අසනීප වු බව පවසමින් පිරිසක් විසින් එම දරුවන්ගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දෙන බවටයි.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලෙස පෙනි සිටිමින් නිවෙස්වලට ඇමතුම් ලබාදෙන ජාවාරම්කරුවන් පවසන්නේ පාසල තුළදි හදිසියේ අසනීප වු දරුවා මේ වන විට රෝහල්ගත කර ඇති බැවින් කඩිනමින් රෝහලට පැමිණෙන ලෙසයි.

ටික වේලාවකින් පසු යළිත් ඇමතුමක් ලබාදෙනජාවාරම්කරුවන් කඩිනම් සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඊට අදාළ මුදල් වහාම බැංකු ගිණුමක තැන්පත් කරන ලෙස දැනුම් දෙනවා

මේ සමග බියටත් කලබලයටත් පත්වන මව්පියන් කිහිප දෙනෙකුම ඔවුන් ලබාදෙන එම ගිණුමට මුදල් තැන්පත්කර ඇති අතර, පසුව අනාවරණ වී ඇත්තේ ඔවුන්ගේ දරුවා එලෙස රෝගී වී නොමැති බවයි.

නමුත් ඒ වනවිටත් මවුන්ගේ මුදල් අහිමි වි අවසන්.

එම ජාවාරම්කරුවන්ගේ ඇමතුම්වලට හසුවු මව්පියන් කිහිපදෙනෙකුම ‘හිරු ප්‍රවෘත්ති’ වෙත මෙම ජාවාරම සම්බන්ධයෙන් කරුණු හෙළි කළා.

ගම්පහ කඳාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බාලික පාසලක ඉගෙනුම ලබන දියණියකගේ මව්පියන්ට ද මීට දින කිහිපයකට ඉහතදි ඇමතුමක් ලැබි තිබුණේ හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් දරුවා රෝහල් ගත කළ බවත්, කඩිනම් සැත්කමක් සිදුකිරීම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක (2,50,000) මුදලක් අවශ්‍ය බවයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පාසල් මට්ටමින්ද මේවන විට දැනුවත් කිරීම් සිදුවෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මෙම ජාවාරම මේ වන විට පාසල් දරුවන්ගෙන් ඔබ්බට යමින් වෙනත් පුද්ගලයින් ඉලක්ක කරමින්ද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ඊට ආසන්නතම සිදුවීම ඊයේ (09) ජා ඇල ප්‍රදේශයෙන්ම වාර්තා වුණා.

ජා ඇලේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබා දි ජාවාරම් කරුවන් පවසා තිබුණේ රැකියාවට ගිය ඔවුන්ගේ දරුවා රිය අනතුරකට ලක්ව ඇති බැවින් කඩිනම් සැත්කමක් සඳහා රුපියල් 1,75,000 ක මුදලක් අවශ්‍ය බවයි.

මෙවැනි සිද්ධීන් රැසක් මේ වන විට පොලිස් ස්ථාන කිහිපයක් වෙතම වාර්තා වි තිබුණත්, ජාවාරමේ මහමොළ කරු තවමත් නිදහසේ තම ජාවාරම සිදුකරමින් සිටිනවා.

අප වෙත අනාවරණ වු කරුණුවලට අනුව ‘ප්‍රියන්ත කුමාර’ ලෙස පෙනි සිටින මෙම ජාවාරම්කරු මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් බැරකරන ලෙසට ඔහු ලබාදෙන බැංකු ගිණුම බිබිල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් නිකුත්කළ එකක්.

එම ගිණුමට තැන්පත් කළ මුදල් ඔහු අවස්ථා කිහිපයකදී ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ ඒ.ටි.ඒම්. යන්ත්‍රයකින් ලබා ගෙන ඇති බවට ද කරුණු අනාවරණ වනවා.

+


ජංගම දුරකථන සිම් කාඩ්පත් සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දීපව්‍යාප්ත වැඩසටහනක්

(10.11.2023 – 22:11 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවගේ තම ජංගම දුරකථන සිම් කාඩ්පත් නැවතත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා නමින් වෙනකෙකු සිම් පතක් භාවිතා කරන්නේ නම් එය වහාම එය අවලංගු කරන ලෙසටයි ඔවුන් පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳුදා (13) සිට සෙනසුරාදා (18) දක්වා පෙරවරු 09:00 සිට පස්වරු 04:00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කරන බවයි.

අපරාධ ක්‍රියාකාරකම් සඳහා තම ජංගම දුරකථන අංක භාවිතා කර ඇත්නම් එහි වගකීම භාර ගැනීමට, තම ජංගම සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට, සිදුවන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා ෴

+++++++++

+


Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කරයි

(10.11.2023 – 21:49 +0530 – hirunews.lk/sinhala)

Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා.

ලබන මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙනවා.

Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2 ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් අක්‍රීය කිරීමක් සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මෑතකදී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බවයි Google සමාගම විසින් වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ ෴


මේ වන විට මහා රාවණ සිටින තැන සහ ඉදිරියේ වෙන්න යන දේ | ඔබ මෙතෙක් නොඇසූ කතාව | මණ්ඩදීප 01 (11.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *