තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක්

තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක්


තරග පරාජය ගැන ප්‍රමෝද්‍ය ගෙන් විශේෂ අනාවරණයක්

(10.11.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

තරග පරාජය සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

ඒ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමකර අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලින් යළි දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්.

ඊට අදාළ සියලු තොරතුරු දින දෙකකින් හෙළි කරන බවද ඔහු සඳහන් කළා.

+

+


කොස්මල්ලීගේ සමීපතමයන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

(10.11.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ දී අපරාධයක් සිදුකිරීමේ අරමුණින් නිවසක රැඳී සිටි පුද්ගලයින් සිව් (4) දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියේ නිලධාරින් සැක කටයුතු නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහිදී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය සහ කඩුවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් ඩුබායි සැගව සිටින කොස්මල්ලී නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් බවයි ෴


පාසල් දරුවන්ගේ දිවා ආහාරයෙන් විදුහල්පති සාද දාලා

(10.11.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

පෝෂණ ඌණතාවය සහිත පාසල්වල දරුවන්ට ලබා දෙන දිවා අහාර වේලට අයත් දිනක වියදම ලබා ගෙන විදුහල්පතිවරයෙක් සාද පවත්වා තිබෙනවා.

අදාළ විදුහල්පතිවරයා එදින කෑම වේල තම නිවසින් රැගෙන එන ලෙසට දරුවන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ පවසන්නේ මෙම විදුහල්පතිවරයාට එරෙහිව දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි ෴


ශ්‍රී පාද වන්දනා සමය ලබන 26 වැනිදා සිට

(10.11.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළේ ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීම සිදු වුණා.

එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී එක්වරක් පමණක් භාවිතයට ගන්නා භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසයි ෴


‘හරක් කටා’ට, ‘කුඩු සළිඳු’ට සහ ‘ටිං ටිං’ට කෑම ලබා දීම ගැන රහස් පොලිසියට යළිත් චෝදනාවක්

(10.11.2023 – 07:12 +0530 – hirunews.lk/sinhala)

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිදු’ සහ ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ඇතුළු තුන්දෙනාට (3) ‘සැහැල්ලු‍ ආහාර’ ලබා ගැනීමට අධිකරණය ලබා දුන් නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක නොකරන බවට ඔවුන්ගේ නීතීඥවරුන්, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දී තිබෙනවා.

අධිකරණ නියෝග ප්‍රකාරව ‘කෙටි ආහාර’ ලබා නොදෙන බවත් ඔවුන්ව හමුවීමට ලබා දුන් මිනිත්තු 30 කාලය ලබා නොදෙන බව ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ මෝසමක් ගොනු කරමින්.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඉදිරි දින නිරීක්ෂණ සඳහා ගිය පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

‘කුඩු සළිදු’ සහ ‘හරක් කටා’ට අමතරව ‘අමිල සුසිර ප්‍රනාන්දු’ නොහොත් ‘පානදුර චුට්ටේ’ හෙවත් ‘ටිංටිං’ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා ෴


නීති විරෝධී දියර රත්‍රන් කිලෝ 02 ක් රේගු භාරයට

(10.11.2023 – 17:49 +0530 – sinhala.adaderana.lk)

නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්‍රන් කිලෝ 02 ක් සිය භාරයට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ රේගුව සමත් වී තිබේ.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්‍රන් රැගෙන යාමට සැලැසුම් කර තිබුණු බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ වැසිකිළියක තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම පාර්සලය හමු වී ඇති අතර, රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්

(10.11.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk)

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක (2) තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවය.

“උසස් පෙළ කල්යන්නේ නෑ. විභාග කාලසටහන් මුද්‍රණය කරලා ඉවරයි. දරුවෝ සුදානම්. පාර්ශව දෙකක් (2) විතර උසාවි ගිහින් තියෙනවා. අපි ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. උසස් පෙළ මාස තුනක් (3) ප්‍රමාද වීමෙන් මාර්තු, අප්‍රේල් තියන්න තිබුණ සාමාන්‍ය පෙළ මැයි, ජූනි වගේ වෙනවා. ඒ දරුවන්ට ‘ටර්ම්’ 6 ක් දෙන්න ඕනේ. මම ඕක පාර්ලිමේන්තුවේ පැහැදිලි කළා. සමහරුන්ට තේරුණේ නෑ. කොහොම වුණත් සාමාන්‍ය කාලසටහනට ‘සිලබස් කවර් කරන එක’ ලබන අවුරුද්දේ ඉවර කරනවා. නමුත් විභාගය ටිකෙන් ටික ඉස්සරහට ගන්නවා.”


මසක් තුළ ගැහැණු දරුවන් 131 ක් දූෂණයට ලක්වෙලා – පොලීසිය

(10.11.2023 – 15:59 +0530 – sinhala.adaderana.lk)

ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවය.

සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22 ක් ගැබ් ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය ෴


ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණය ගැන අලුත්ම සැකය

(10.11.2023 – 19:28 +0530 – sinhala.adaderana.lk)

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට අධිකරණය තීන්දු කළ නිසා එම ඝාතකයන් හෙළිදරව් කරගැනීමට මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ.

සිංගප්පූරුවේ හා එක්සත් රාජධානියේ ඔහුට අයත් දේපළ පිළිබඳ ද විමර්ශකයන් එම රටවල්වලින් කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ.

රුපියල් කෝටි ගණනක ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණ පාරිතෝෂිකය ලබාගැනීමේ අරමුණින් ඔහුගේ සමීපතමයෙක් ඝාතනය සිදුකළාදැයි යන්න පිළිබඳ මේ වන විට විමර්ශකයන් සැක පළ කරයි.

ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රක්ෂණ සමාගම්වල බලධාරීන්ට පසුගියදා නියෝග කළාය.

ෂාෆ්ටර් මහතාගේ මරණ සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අදාළ වාර්තාව පිළිබඳ මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දැනුවත් කර තිබේ ෴


විදෙස් රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ ආයතනයක් කොටුවෙයි

(10.11.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාව නොමග යවමින් රුපියල් මිලියන ගණනකින් මුදල් වංචා කළ ජාවාරමක් කොටු කර ගැනීමට ‘විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය’ සමත් වී තිබේනවා.

වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාජ ආයතනය වැටලීමේදී ප්‍රධාන සැකකරු පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

මෙම වැටලීම සිදුකිරීමේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම ජාවාරම්කරුවන් වෙත ජීව දත්ත පත්‍රිකා (CV) දහසකට (1000) අධික සංඛ්‍යාවක් එවා ඇති අතර ඒ සියල්ල පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


දෙදරු මව මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම

(10.11.2023 – 18:59 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ දැල්පිටිය දේවිට ජනපදයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර කාමරයක ඇඳක් යට දමා තිබියදී පොලිසියට හමුවී තිබේ.

ඝාතනය වී ඇත්තේ පද්මා ධර්මසේන නැමති 63 හැවිරිදි දෙදරු මවකි.

ඝාතනය වූ කාන්තාව මුදල් ගනුදෙනු කිහිපයක් සඳහා නගරයට ගොස් නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.

යම් අයෙකු ඇය ඝාතනය කර මුදල් ලබාගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි ෴


පළාතටම පිළිලයක් වූ පිහි පෙන්නා රන් භාණ්ඩ සොරකම් කල කල්ලිය මාට්ටු – වැරදුනේ පොලිසියේ බඩු උස්සලා (10.11.2023)

+


අන්තර් ජාල ගේම් ගහන්න, පානදුරේ ලෙඩ්ඩු බලන්න ආපු මිනිස්සුන්ගේ ත්‍රීරෝද රථ සොරාගනී (10.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *