ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්


ඉදිරියේදී වැසීයාමට නියමිත රෝහල් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

(08.11.2023 – 18:32 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට නියමිත රෝහල් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (08) විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් හරහා එම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

වැඩි විස්තර පහතින් :

+

+


ත්‍රිරෝද රථ රියදුරන්ටත් සමාජ ආරක්ෂන වැඩපිලිවෙලක්

(08.11.2023 – 23:01 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සදහා ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ රියදුරන් සමඟ සාකච්ඡාවක් අද (08) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

පුද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාධකයත්, රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපත් ලැබෙන නමුත් ත්‍රීරෝද රථ රියදුරන්ට අනතුරක් සිදුවුවහොත්, බලාකියාගන්නේ කවුරුන්දැයි යන්න මෙහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර ඇති අතර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේදී බදු ගෙවන ජනතාවට බරක් නොවී, තෙල් ටික පමණක් ඉල්ලා සිටි ත්‍රීරෝද රථ රියදුරන්ට ගතරුත්වයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඕනෑම වෘත්තියක් කරන කෙනෙක්ට අභිමානවත්ව ඒ වෘත්තියේ නියැලෙන්න පුළුවන් සමාජ වටපිටාවක් සහ වෘත්තීභාවයක් ඇති කිරීමට මෙම ගරු සරු වැඩසටහනේ මූලික අරමුණ බවයි මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ආර්ථිකයට සුවිශේෂී දායක්තවයක් ලබා දුන්නද මේ අයගේ වෘත්තියට නිසි ගරුත්වයක් නොලැබෙන බවයි.

මේ හේතුවෙන් මුලු රටේම සමස්ථ වෘත්තිකයින්ට සමාජ ආරක්ෂන වැඩපිලිවෙලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය විසින් විශේෂ අනුමැතියක් ලබා දීලා දී ඇති බවයි කම්කරු හා හා විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ රටේ මිලියන ගණනාවක් එක්ක සම්බන්ධ වෙන උපතේ සිට මරණය දක්වා නැතිව බැරි සේවාවක් තමයි ත්‍රීරෝද රථ සේවාව. මේ රටේ ත්‍රීරෝද රථ සේවාව ලබා නොගත්තු කෙනෙක් හොයන එක හරියට නොමල ගෙයකින් අබමිටක් හොයනවා වගේ වැඩක්. ඒකයි අපි තීන්දු කළේ, අනෙක් වෘත්තීන්ට අතහන්න කලින්, මේ මුළු සමාජයම වෙනස් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් වන ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීයභාවය ඇති කිරීම වැදගත් කියලා. ඒත් සමාජයේ ත්‍රීරෝද රථ කිව්ව ගමන්ම තියෙන්නේ චෝදනාවක්. පාරේ විනය කඩකිරීම් සම්බන්ධයෙන් වගේම විවිධ ජාවාරම්වලට ත්‍රිරෝද රථ සම්බන්ධ වෙනවා කියලා චෝදනා කරනවා. හැබැයි මම කියන්නේ ඒක පහත් තැනින් ජලය ගලා බහිනවා වගේ දෙයක් කියලයි. ගුවන් තොටුපොල හරහාත් මත්ද්‍රව්‍ය එනවා ඒත් කවුරුවත් කියනවාද අර ගුවන් සේවය තමයි හොරු කියලා. ලොකු ලොකු කාර්වල තමයි මත්ද්‍රව්‍ය එහාට මෙහාට අදින්නේ. හැබැයි කියනවාද කාර් කාරයෝ තමයි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට වැරදි වැඩ කරලා හැප්පෙන්නේ ත්‍රිරෝද රථ විතරද ? සමස්ථයම වෙනස් කරන් ඕනිකම තියෙද්දී තමන්ගේ හයියෙන් ජීවිතය ගෙන යන අහිංසක මනුස්සයින්ට චෝදනා කරලා හැමෝම නිදහස් වෙනවා.”

අමාත්‍යවරයා සඳහන් කරන්නේ අලුත් රැකී රක්ෂා පනත යටතේ සෑම වෘත්තියකටම ගරුත්වයක් ලබා දීමට කටයුතු කරන අතර එහි මූලික වගකීම ඇත්තේ පළාත් සභාව සහ ප්‍රවාහන අංශවලට බවයි.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යංශයෙත් මේ සඳහා වූ පනත සංශෝධනය කරන්න කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

+


දකුණ සහ බස්නාහිර සෙල වූ පාතාලයේ ප්‍රධාන වෙඩික්කරුවන් 08 ක් අත්අඩංගුවේ

(08.11.2023 – 22:46 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධින් 62 ක් වාර්තා වී තිබෙනවා.

ඉන්, 31 දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණේ එම වෙඩි තැබීම්වලට අදාළව වෙඩික්කරුවන්ද 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, පොලිස් නිලධාරීන් තම ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ පොලිස් නිලධාරීන්ට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් යොමු වු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

පසුගිය කාල සීමාව තුළ පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන්ට දුරකථනයෙන් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් මාධ්‍ය වර්තා කර තිබුණා ෴


අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14,558 ක් පීඩාවට

(08.11.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10 ක පවුල් 3,935 කට අයත් පුද්ගලයින් 14,558 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම අද (08) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 105.8 වාර්තා වී ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයෙන් බවයි වාර්තා වන්නේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ රැසක් වාන් දමමින් පවතින අතර රාජාංගණ ජලාශයේ වාන් දොරටු 06 ක් මේ වන විට විවෘත කර තිබෙනවා.

නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 කාලය සඳහා ද දීර්ඝ කර ඇති අතර, දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

මේ අතර, වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබූ අතර, ජල පහරකට හසුව ගසා ගෙන ගිය පුද්ගලයෙකු දොඹකරයක් ආධාරයෙන් මුදා ගැනීමට කටයුතු කර තිබුණා ෴


මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

(08.11.2023 – 16:50 +0530 – sinhala.adaderana.lk)

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට අද (08) නියෝග කර තිබේ.

ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට එම රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය ෴

++++++++++

+


පුද්ගලයින් බියගන්වා මුදල් ගැරූ තරුණයින් පොලීසියට හසුවෙයි

(08.11.2023 – 16:31 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථන යෙදවුමක් හරහා ලිංගික ක්‍රියාකාරකම් සඳහා ආරාධනා කර ඒ සඳහා එක්වන පුද්ගලයින්ට විවිධ අපරාධ සිදුකරන තරුණයින් 07 ක් සහ තරුණියක් (01) මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊට හසුවූ යුද හමුදා පුද්ගලයෙක් සිදුකර තිබූ පැමිණිල්ලකට සිදුකළ විමර්ශනයකදීය.

ජංගම දුරකථන යෙදවුමක් හරහා සමලිංගික ඇසුර ලබාදෙන බව පවසා නිවසට ගෙන්වාගෙන මෙම සංවිධානාත්මක අපරාධ සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16 ත් 20 ත් අතර තරුණයින් 07 ක් සහ තරුණියකි (01).

සැකකරුවන් සහ සැකකාරිය එකතුවී අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 02 ක් එලෙස මංකොල්ලකා තිබේ.

සමලිංගික ඇසුර ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් ඉලක්ක කරමින් මෙම ජාවාරම සිදුකර අතර ඔවුන්ව නිවසට ගෙන්වාගෙන මුදල් කොල්ලකෑම සිදුකරයි.

ඉකුත් 06 වනදා දහවල් 12 ට පමණ අදාළ පුද්ගලයා සමලිංගික ඇසුරක් සඳහා මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබේ.

වයස අවුරුදු 16 ක තරුණයෙකු එම පුද්ගලයාව නිවස තුළට කැඳවාගෙන ගොස් කාමරයක් තුළ රැඳීසිටින අවස්ථාවේදී අදාළ තරුණයාගේ සහෝදරයෙකු ලෙස පෙනීසිටිමින් තවත් තරුණයෙකු එම ස්ථානයට කඩාපැන ඔවුන් සිදුකරන ක්‍රියාවන් ප්‍රශ්න කිරීම සිදුකරයි.

ඊටත් පසු තවත් තරුණයින් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණෙන අතර ඔවුන් සොහොයුරාගේ මිතුරන් බව පවසමින් අදාළ සිද්ධිය රිසිසේ වීඩියෝ කරයි.

අදාළ පුද්ගලයාට පහරදී එම පහරදීම් ද වීඩියෝ කිරීමෙන් පසු සියලු වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්නාව ඔහුගෙන් මුදල් ඉල්ලා සිටී.

මෙලෙස තරුණයින් පිරිස අදාළ පුද්ගලයාගේ බැංකු කාඩ්පත රැගෙන ඉන් රුපියල් ලක්ෂ 02 ක් ලබාගෙන තිබේ.

එම සිද්ධියෙන් පසු අදාළ තරුණයින් යළිත් මුදල් ඉල්ලා සිටීම නිසා මෙම පුද්ගලයා ඒ පිළිබඳව මොරටුව පොලීසියට පැමිණිලි කර තිබුණි.

සිද්ධිය දැනගත් වහාම ක්ෂණිකව ක්‍රියාත්මකවූ මොරටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය ඇතිවූ නිවසට ගොස් ඊට අනුබල ලබාදුන් වයස අවුරුදු 20 සහ 18 හැවිරිදි අඹු-සැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සිද්ධියට සම්බන්ධ තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජංගම දුරකථන යෙදවුම භාවිත කරමින් සමලිංගික ඇසුර ලබාදෙන බව පවසා ඇති තරුණයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මීට පෙර මේ ආකාරයෙන් අපරාධයට හසුකර ගත් පුද්ගලයින්ගේ වීඩියෝ කිහිපයක් ද සොයාගෙන තිබේ.

අදාළ පුද්ගලයාගේ ATM කාඩ් පතෙන් ලබාගත් රුපියල් ලක්ෂ 02 ක මුදලෙන් 193,000 ක් ද මේ වනවිට මොරටුව පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 09 ක් වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *