“ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ

“ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ


“ක්‍රිකට් අනුකමිටුව ඉවත් කරන්නේ නැහැ” – ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ

(07.11.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන අක්‍රමිකතා නිසා ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන බව පවසමින් දිගින් දිගටම ආ ජනතා විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

නමුත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ තමන් පත් කළ අතුරු පාලක කමිටුව කිසිසේත්ම ඉවත් නොකරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් පත් කළ ක්‍රීඩා අනුකමිටුව පිළිබඳව හෙට (08) විශේෂ ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

+++++++++

ක්‍රිකට් අතුරු කමිටුවට සහ ගැසට්ටුවට අතුරු තහනමක්

(07.11.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14 කට වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) වාරණ නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම ඊට අදාළව අන්තර් පාලන මණ්ඩලය ක්‍රියාත්මක වීමත් අභියාචනාධිකරණය මගින් දින 14 කට අත්හිටුවා තිබෙනවා.

අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුණා.

එහිදී මෙම කමිටුව පත්කරනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමෙන් අනතුරුව වන අතර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලබනවා.

තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා තිබෙනවා.

+++++++++

07-11-2023

+

07-11-2023

+

මට ලැබිලා තියෙන බලතල ක්‍රියාත්මක කරන්න ජනාධිපතිගෙන් අවසර මට ඕනේ නෑ (07.11.2023)

+


අද (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක් තැපෑල නවතී

(07.11.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා.

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසන්නේ ෴

+++++++

07-11-2023

+++++++

05-11-2023

දින තුනක් (3) යනතුරු තැපැල් දෙපාර්තමේන්තු සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඒ අනුව 08, 09 සහ 10 දිනවල මෙම නිවාඩු අවලංගු කළ බවයි වාර්තා වෙන්නේ ෴


ගසක් කඩාවැටී කොළඹ නුවර පාර නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී අවහිරවෙයි

(07.11.2023 – 17:38 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ ෴


මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයකට ගසක් කඩාවැටෙයි

(07.11.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද (07) ධාවනය වන සියලුම දුම්රියයන් මේ මොහොතේ සිට ප්‍රමාද වේ ෴

වර්ෂාව හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි දුම්රිය දේපාර්තමේන්තුව පවසන්නේ ෴


කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ජලයෙන් යටවෙයි

(07.11.2023 – 17:11 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ජලයෙන් යටවී රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

+++++++++

බම්බලපිටිය ප්‍රදේශයේදී විශාල ගසක් ප්‍රධාන මාර්ගයට (?) කඩාවැටීමෙන් අද (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදරථයකට හා මෝටර් රථයකට හානි සිදුවූනා.

+


නායයෑමක් නිසා කොළඹ – බදුල්ල මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී අවහිර වෙයි

(07.11.2023 – 16:51 +0530 – sinhala.adaderana.lk)

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී යළිත් අද (07) පස්වරුවේ නායයෑමක් සිදුවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මාර්ගයේ 179 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ ස්ථානයක මෙම නායයෑම සිදුවී ඇති බවය.

පොලීසිය සඳහන් කළේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස පස් කන්දක් නායගොස් ඇති බවය.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

මෙම ප්‍රදේශයේදී ඊයේ (06) ද නායයෑමක් සිදුවී තිබුණි.

මේ අතර හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී ද අද (07) පස්වරුවේ ප්‍රධාන මාර්ගයට පස් සහ විශාල ගලක් පෙරළී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවය.

පවතින අධික වර්ෂාවත් සමග කාසල්රී ජලාශය පිටාර මට්ටමට අගල් 08 ක් දක්වා ආසන්නවී ඇති බවත්, විමලසුරේන්ද්‍ර ජලාශය අද (07) දිනයෙත් වාන්දමන බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

තවදුරටත් ඇදහැලෙව අධික වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට ගස්, පස්කඳු සහ විශාල ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත්ව වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී ෴

(07.11.2023 22:33 +0530)

බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් අද (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *