විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක්

විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක්


විශාල නායයාමක් හේතුවෙන් බණ්ඩාරවෙල පාසල් 144 ක සේවයකරන අයට විශේෂ දැනුම් දිමක්

(05.11.2023 – lankadeepa.lk)

විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් 06.11.2023 දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු භවතුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට අපහසු වන්නේ නම් එවැනි නිලධාරීන් හෙට (06) දිනයේ යාහැකි ආසන්න පාසලක් වෙත සේවයට වාර්තා කරන ලෙස කලාපයේ පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන්වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය.

මෙම ප්‍රවේශ අපහසුතා මත පාසල් කිහිපයක ගුරු පැමිණිමේ අඩුවක් ඇති විය හැකි බැවින් එවැනි පාසල් වල සේවයට වාර්තා කරන විදුහල්පති ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල මහත් මහත්මින් පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා විදුහල්පතිවරුන් ගෙන් ඉල්ලා ඇත ෴

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (05) සවස පස්කන්දක්, ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති පොලිසිය කියයි.

ඒ ආසන්නයේ තිබූ නිවාස පහක (5) පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.කේ.ජේ. ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.

අද (05) දිනයේ දෙවන (2) වතාවටත් මෙම මාර්ගය අවහිර විය. සතිය දෙකක් (2) තුළ මෙම මාර්ගය 6 වන වතාවටත් අවහිරවී වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ වන විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ලෙසත් විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා හෝ මංතැන්න හෝ නිකපොත මාර්ග විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී .

විශාල ප්‍රමාණයේ පස්කන්දක් පාරට වැටී ඇති බැවින් ද තවදුරටත් පස්කඳු නායයමින් පවතින බැවින් ද මාර්ගය පිළිසකර කිරීමට යම් කාලයක් ගත විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු බව ද පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී ෴


හපුතලේ – රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

(05.11.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

පස් කන්දක් නායයාම හේතුවෙන් හපුතලේ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ 180 කණුව ප්‍රදේශයේදී සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ අනුව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ෴


බම්බලපිටිය ‘මැරීන් ඩ්‍රයිව්’ මාර්ගයේ කොටසක් වසා තැබේ

(05.11.2023 – 20:44 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති අබලන් වූ ගුවන් පාලම ඉවත් කිරීමේ කටයුතු අද (05) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ‘මැරීන් ඩ්‍රයිව්’ මාර්ගය බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයෙන් වසා තැබෙන බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා ෴


මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

(05.11.2023 – 16:11 +0530 – sinhala.adaderana.lk)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පෞද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අලුත් වැඩියා කිරීම සඳහා එම දේපොළ හිමි සමාගමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇත.

පොලීසිය පැවසුවේ, මෙම සැකකාර යුවළ විසින් ලබාගෙන ඇති මුදල රුපියල් 9,943,108.03 ක් බවයි.

එම වටිනාකමට ඉදිකිරීම් සිදු නොකර මෙම සැකකරුවන් විසින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පොලීසිය විසින් විමර්ශන කර තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් අංක 31/7, පැපිලියාන පාර, නැඳිමාල, දෙහිවල ලිපිනයේ ‘D marc solution (PVT) LTD’ නැමැති කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි හිමිකරුවන් ලෙස ද කටයුතු කර ඇති බවත්ය.

සැකකරු 31 හැවිරිදි ‘විග්නේස්වරන් ගනේෂන්’ වන බවත් සැකකාරිය 36 හැවිරිදි ‘රේවල් නිරෝෂනි රාජරත්නම්’ ලෙසත් පොලිස් පරික්ෂණ අනුව හඳුනාගෙන ඇත.

ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේ නම්, ‘විශේෂ අපරාධ විමර්ශන අංශයේ’ ස්ථානාධිපති – 071 813 7373 හෝ 011 285 2556 වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

එම සැකකරු ගේ සහ සැකකාරිය ගේ ඡායාරූප :

+


පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම්

(05.11.2023 – 16:34 +0530 – hirunews.lk/sinhala)

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත් එම මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සීනි බදු සංශෝධනය තුළින් අයුතු ලාභ ලැබීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවත් තමන් වැටලීම් සිදු කරන ලෙසට පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

සීනි බදු සංශෝධනය කිරීමත් සමග පසුගිය සෙනසුරාදා රජය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 275 කටත්, පැකට් කළ සුදු සීනි කිලෝවක් රුපියල් 295 කටත් අලෙවි කළ යුතුයි.

එමෙන්ම පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330 ක් වන අතර පැකට් කළ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 350 ක් ලෙස එහි දැක්වුණා ෴


ලංකාවෙන් බිහි වූ අනුක විඳ්‍යාඥයාගේ ලොවම මවිත වන සොයා ගැනීම – අකාලයේ මැරෙන අයගේ ගැලවීමට (03.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *