‘ඉමියුනෝග්ලොබියුලින්’ ගැන තවත් හෙළිදරව්වක්
(05.11.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)
ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කරනවා.
එහි සභාපති රවී කුමුදේෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුධිරය ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාද අවසර ලබාදී ඇති බවයි.
මේ අතර ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් කුප්පි රෝගීන්ට නිර්දේශ කළ කමිටුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු විශේෂඥයෙකු සිට නොමැති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව චෝදනා කරනවා ෴
++++++++
+
පසුගිය වසරේ (2022) සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
(05.11.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)
අහුංගල්ල ගල්වෙහර ප්‍රදේශයේදී පසුගිය වසරේ (2022) සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ පාතාල කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි.
අහුංගල්ල ඌරගහපාර ගල්වෙහෙර කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේ යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ පසුගිය වසරේ අගෝස්තු මස 24 වැනිදායි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි තැබීම සිදුකර පළා යන අයුරු ද සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
වෙඩි වැදීමෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘සුජිත් ප්‍රසංග ද සිල්වා’ නොහොත් ‘ඇන්ටන්’ නමැති පුද්ගලයෙක් තුවාල ලැබුවා.
ඔහු සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු වන ‘කොස්ගොඩ සුජි’ගේ හිතවතෙකු බව පසුව අනාවරණ වුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම වෙඩි තැබීම සම්බන්ධ සැකකරුවෙකු පසුගිය මස 28 වැනිදා අත්අඩංගුවට ගත්තා.
ඇහැලියගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඇහැලියගොඩ නුගහේනවත්ත ප්‍රදේශයේ පදිංචි ‘අජිත් තුසිත කුමාර’ නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.
අත්අඩංගුවට පත් එම සැකකරු අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබුණා.
ඒ අනුව ඔහු හෙළිකර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස 24 වැනිදා සිදුකළ වෙඩි තැබීමේදී යතුරුපැදිය ධාවනය කර තිබුණේ තමන් බවයි.
දැනට විදේශගතව සිටින අපරාධකරුවෙකු වන ‘ජයලත් සුද්දා’ගේ උපදෙස් මත රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50,000) කොන්ත්රාත්තුවකුට එම වෙඩි තැබීම සිදුකළ බවද ඔහු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
‘ජයලත් සුද්දා’ නමැති අපරාධකරු තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අහුංගල්ලේ පැටි’ගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු වන අතර, පොලීසිය සැකකරන්නේ
‘අහුංගල්ලේ පැටි’ විසින් එම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ‘ජයලත් සුද්දා’ට ලබාදෙන්නට ඇති බවටයි.
වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලින් අහුංගල්ල බෝගහපිටිය අමුණ පාලම අසළ සඟවා තිබු ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, පතොරමක් සහ හෙරෝයින් ග්‍රෑම් 7 යි මිලි ග්‍රෑම් 400 ක් ද සොයාගෙන තිබෙනවා.
රැඳවුම් නියෝග ලබාගෙන සිටි අදාළ සැකකරු ඊයේ (04) පස්වරුවේ බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මේ අතර, ‘මොහොමඩ් නියාස්’ නොහොත් ‘වත්තල සුද්දා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වු පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සමඟ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදියකින් යමින් සිටියදි ඔහු අත්අඩංගුවට ගෙන තිබු අතර, කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වි ඇත්තේ එම යතුරු පැදිය ද කටුනායක ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවයි.
වැඩිදුරටත් කරන ලද පරීක්ණවලින් ඔහු විසින් සොරා ගන්නා ලද ත්‍රිරෝද රථ සහ යතුරු පැදි කිහිපයක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.
පොලිසිය පැවසුවේ කටුනායක, පැලියගොඩ, මරදාන, රාජගිරිය, බත්තරමුල්ල, මාලඹේ, කලල්ගොඩ සහ කොට්ටාව යන ප්‍රදේශවලින් එම රථ සොරකම් කර තිබු බවයි.
ඔහුට සහාය දුන් තවත් සැකකරුවෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත් අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර, සිය බිරිඳට හිරමනයෙන් පහරදී ඝාතනය කළ සැමියෙකු පිළිබඳ පුවතක් අලුත්ගම පැනිබැන්ඩිගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ බිරිද ඝාතනය කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාද නිවස තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබු බවයි.
දෙදෙනා අතර, ආරවුල් පැවති බවත්, මෙම ඝාතනයට සහ සියදිවි නසා ගැනීමට එම ආරවුල් හේතු වී ඇති බවත් පොලිසිය පැවසුවා.
එලෙස මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකු (3) සිටින අඹු සැමි යුවළක්.
+
තෙල් ටැංකි ඉන්දියාව අත්පත් කරගෙන ඇති බවට චෝදනාවක්
(05.11.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි පවා බලහත්කාරයෙන් ඉන්දියාව අත්පත් කරගෙන ඇති බවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා.
උන්වහන්සේ මේ චෝදනාව එල්ල කළේ එම තෙල් ටැංකි සංකීර්ණයේ කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.
ජාතික භික්ෂු එකමුතුවේ නායක සහ මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු
භික්ෂුන් වහන්සේ පිරිසක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණය සඳහා ඊයේ (04) වැඩම කළා.
නමුත් අවසරයකින් තොරව තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු විය නොහැකි බව එහි ආරක්ෂක නිලධාරීන් භික්ෂූන් වහන්සේට දැනුම් දුන්නා.
කෙසේවෙතත් තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නිලධාරීන් පසුව භික්ෂූන් වහන්සේට අවසර ලබාදුන්නා.
+
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිතමය හැකියාව 15% දක්වා අඩු වෙලා
(05.11.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිතමය හැකියාව 15% දක්වා අඩුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ විදුහල්පති සේවයේ පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයේදීයී.
විදුහල්පති සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද නවක පත්වීම්ලාභීන් 4672 දෙනෙකු වෙත පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්වුණා.
+
අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් ඇළකට වැටීමෙන් මිය යයි
(05.11.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)
නිවස ඉදිරිපිට තිබූ ඇළකට වැටීමෙන් අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා.
මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම නිවසට අඩි 20 ක් පමණ දුරින් මෙම ඇළ මාර්ය පිහිටා ඇති අතර වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ දැරිය නිවසේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව දෙමාපියන් සිදුකළ සොයාබැලීමේදී ඇය ඇළේ වැටී සිටින බවට දැක තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි ෴
සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබෙනවා. එම මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසනවා ෴
හෙරොයින් ළඟ තබාගත් බන්ධනාගාර නියාමකවරයෙකු දිගනදී අත්අඩංගුවට
(05.11.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර – දිගන බස් නැවතුම්පල අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නියාමකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් නියාමකවරයා රත්නපුර – ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු අද (05) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
එකම පවුලේ සහෝදර සහෝදරියන් 03 කට අකුණු සැරින් බරපතල තුවාල
(05.11.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)
මුලතිව් උඩයාර්කට්ටුව ගුරුවිල ගම්මානයේ එකම පවුලක සහෝදර සහෝදරියන් 03 ක් අකුණු සැර වැදීමෙන් ඊයේ (04) රෝහල් ගත කර තිබෙනවා.
මේ අතරින් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතල වන බැවින් ඔවුන් දෙදෙනා (2) මුලතිව් රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු පවසන්නේ වර්ෂාව හේතුවෙන් විදුලි වයරයක් දිගේ නිවසට කාන්දු වූ අකුණු සැර හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
මොවුන් තිදෙනාම (3) වයස අවුරුදු 7 ත් 15 ත් අතර දරුවන් බවයි වාර්තා වන්නේ.
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
කාන්තාවක් අලෙවි කළ ලැගුම්හලේ කළමණාකරු අත්අඩංගුවට
(05.11.2023 – 10:16 +0530 – hirunews.lk/sinhala)
තම පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගිය පෙම්වතා දින දෙකක් (2) ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව් දෙනෙකුට (4) අලෙවි කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමණාකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
අගලවත්ත පොලිසිය පවසන්නේ කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ අතර අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබෙන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මෙරට ජනගහනයෙන් සියයට 23 කට දියවැඩියාව
(05.11.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)
මෙරට ජනගහනයෙන් සියයට 23 ක් දියවැඩියාවෙන් පෙළෙන බව ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
සියයට 30 ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙලෙන අතර සෙසු ආසියාතික රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාව පසුවන්න් පළමු අවදානම් රටවල් 10 අතරයි ෴
මත්වතුර බෝතල් 6000 ක් සමඟ දොම්පේ ප්‍රදේශයේ තිබූ නීතිවිරෝධී මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි
(05.11.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)
දොම්පේ ප්‍රදේශයේ නීතිවිරෝධී මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12 ක් සමඟ මත්වතුර බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය පවසනවා.
දොම්පෙ – කලුකොලදයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොරව නීතිවිරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදන ආයතනයක් වටලා එහි තුළ තිබූ මත්වතුර බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (05) දහවල් දොම්පෙ පොලිසියේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඒ අනුව එම ස්ථානයේ තිබී බෙදාහැරීමට සූදනම් කර තිබූ කාලේ බෝතල් විශාල ප්‍රමාණයක් ලොරි රථ දෙකක් (2), පිරවුම් යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල්, ස්ටිකර් ඇතුළු උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴