කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ

කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ


කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ තිබූ ගසක් වාහනයක් මතට කඩාවැටේ

(30.10.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 3 ඩුප්ලිකේෂන් මාර්ගයේ අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.

ඩුප්ලිකේෂන් මාර්ගයේ බගතලේ මාර්ගය අසලදී වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් මෙසේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++

+


කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටෙයි

(30.10.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala)

කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබෙනවා.

මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටයි

පොලීසිය පවසන්නේ අනතුරින් මගීන් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බවයි.

+++++++

+


පිටකොටුවේ ගිනි අවදානම ගැන භයානක අනාවරණයක්

(30.10.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුවේ බොහෝ වෙළෙඳසැල් ගිනි ගැනීමට හේතුන් වන්නේ ‘පහන් දැල්වීම්’ සහ ‘අනාරක්ෂිත ගබඩා කිරීම්’ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

ශ්‍රී ලංකාවේ වාණිජ නගරය වන කොළඹ නගරයේ ප්‍රධානම ක්‍රියාකාරී මධ්‍යස්ථානය වන්නේ පිටකොටුවයි.

නිරන්තරයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පිරී ඉතිරී යන පිටකොටුවේ වීදී තොග සහ සිල්ලර වෙළෙඳාමේ හදවත ලෙස ද සැලකෙනවා.

පිටකොටුවේ වෙළෙඳසැල් සම්බන්ධයෙන් පසුගියදා වැඩි කතාබහට ලක්වුණේ දෙවන හරස්වීදියේ රෙදිපිළි අලෙවිසලක හටගත් ගින්නත් සමගයි.

දෙවන හරස්වීදියේ ඇතිවූ මේ ගින්න පැතිරීයාම කඩිනමින් වැළැක්වීමට ගිනි නිවීමේ නිලධාරීන් සහ අවට වෙළෙඳසැල්වල ජනතාව සමත් වුණත්
එම ස්ථානයට ළඟා වීම සඳහා ගිනි නිවීමේ නිලධාරීන්ට විශාල වෑයමක් දරන්න සිදුවුණා.

ගින්නක් හටගත් වහාම එම ස්ථානයෙන් ඉවත්වීමට හදිසි පිටවීම් දොරටුවක් පැවතීම ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙන්ම කළමනාකරණයේදී අනිවාර්ය අංගයක්.

නමුත් එම හදිසි පිටවීම් දොරටු නොමැති ගොඩනැගිලි රැසක් මේවනවිට පිටකොටුවේ වීදීවල පවතිනවා.

එමෙන්ම බොහෝ අලෙවිසැල්වල රාත්‍රි කාලයේ සේවකයින් නවාතැන් ගෙන සිටින අතර එම ගොඩනැගිලිවල දොරටු පිටතින් වසා තැබීම හේතුවෙන් හදිසි ගින්නක් වැනි ආපදාවකදී එය මාරයාට අත වැනීමක් ලෙස ද සැලකිය හැකියි.

එමෙන්ම ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍ය රසායනික වායු සහිත උපාංග ද මෙම ගොඩනැගිලිවල නැහැ.

දෙවන හරස් වීදියේ පසුගියදා ඇතිවූ ගින්නෙන් සේවකයින් විශාල පිරිසක් රෝහල්ගත කිරීමට හේතූ වූයේත් මෙම සාධකයි.

ගිනි ගැනීමට ලක්වූ පිටකොටුව ගොඩනැගිල්ලේ පවතින වෙළෙඳසැල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (30) එහි පැමිණියා.

මෙහිදී පිටකොටුවේ වෙළෙඳසැල් පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයක් ද ඔවුන් නිරීක්ෂණය කළ අතර ගිනි ගැනීම්වලින් ආරක්ෂා වීමේ නිසි ක්‍රමවේද නොතිබූ වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එම අඩුපාඩු සකස් කරගැනීම සඳහා උපදෙස් ලබාදුන්නා.

මේ අතර පිටකොටුවේ බොහෝ වෙළෙඳසැල් ගිනි නිවීම් පිළිබඳ නිෂ්කාශන සහතික ලබාගෙන ඇති නමුත් ඒවා ක්‍රියාත්මක නොවන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

+


මංගල උත්සවයක් අතරතුර හදිසියේ මිය ගිය අයෝද්‍යාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකට

(30.10.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම නගරයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයක් අතරතුර ආහාර ගැනීමෙන් පසු හටගත් සංකූලතාවයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ පුත්තලම රෝහල දී සිදුකළ කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

මෙලෙස මිය ගියේ ආනමඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෝද්‍යා දේශානි නැමති තරුණියක්. ඇය පසුගිය සිකුරාදා මෙම මංගල උත්සවයකට සහභාගි වී තිබූ අතර ඇය ඥාතී නිවසකට යමින් සිටියදී ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් අනතුරුවයි රෝහල් ගත කෙරුණේ.

කෙසේ වෙතත් ඒ වන විටත් ඇය මියගොස් තිබුණා. පසුව හෙළි වුණේ ඇය මංගල උත්සවයේදී ‘කිසියම් මස් වර්ගයක්’ සහ ‘පැණිබීම’ පානය කර ඇති බවයි. එහිදී ඇතිවූ ආසාත්මිකතාවයකින් මෙම මරණය සිදු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෑතක හොරණ පැවති මංගල උත්සවයකට සහභාගී වූ තරුණියක්ද ආහාර ගැනීමෙන් පසු හටගත් ආසාත්මිකතාවක් හේතුවෙන් මියගියා.

+


හෝමාගමදී යාචකයෙකු ගිනිතබා ඝාතනය කෙරේ

(30.10.2023 – 19:21 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම මූලික රෝහල අසල පිහිටි රසායනාගාරයක් ඉදිරිපිටදී පෙට්‍රල් දමා යාචකයෙකු ගිනි තබා ඝාතනය කර තිබෙනවා.

එම යාචකයා පෙරේදා (28) රාත්‍රීයේ නිදා සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ප්‍රදේශවාසීන් එම යාචකයා හෝමාගම රෝහලට ඇතුළත් කළ නමුත් ඔහු අද (30) අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඝාතනය සිදුකල බවට සැකකෙරෙන හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයා පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රසායනාගාරයට සම්බන්ධ නොවන පිටස්තර පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු මීට පෙර යාචකයාට ප්‍රකාශ කර ඇත්තේ, පිරිසිදුව නොසිටියහොත් ගිනි තබන බවටයි. ඒ අනුව සැකකරු මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ෴


මෞලවියෙකුගෙන් බාල වයස්කාර දරුවෙකුට පහර දීමක්

(30.10.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

කාත්තන්කුඩිය 06 ප්‍රදේශයේ පිහිටි පල්ලියකට ඉගෙන ගැනීමට ගිය දරුවෙකුට එම පල්ලියේ මෞලවියෙකු පොල්ලකින් පහර දී තිබෙනවා.

පොලිසිය පැවසුවේ පහරදුන් මෞලවියා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබු දරුවා කාත්තන්කුඩිය රෝහලට ඇතුළත් කිරිමේන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බවයි.

පහර දීම් සිදු කළ මෞලවියා අවුරුදු 40 ක කාතන්කුඩි 06 ප්‍රදේශයේ පදිංචි මෞලවියෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පාඩම් කිරීමට පවරන ලද පාඩම් කට පාඩම් නොමැති වීමෙන් පහර දී ඇති බවයි ෴


විදුලි සේවකයින් නොවැම්බර් 01 දා කොළඹට

(30.10.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා(01) දිනයේදී සියලු විදුලි සේවකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරතවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට අද (30) එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් ඊයේ (29) රාත්‍රියේදීත් විරෝධතා පැවැත්වුණා.

+


කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

(31.10.2023 – 07:01 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ සාදුමැරයා ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ සාදුමැරයා අද (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සෙසු සැකකරුවන් අද (31) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේය.

අදාළ ග්‍රාමයේ පුද්ගලයෙකුගේ නිවසකට සත්දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවීමට නම් රුපියල් 45,000 ක මුදලක් ගෙවිය යුතු බවත් ඒ සඳහා දායක සභාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් කුරුළුගම රජමහා විහාරයේ සාදුමැරයා නිවැසියාට දැනුම් දී තිබේ.

ඒ අනුව දායක සභාව විසින් අදාළ පුද්ගලයාට ගාස්තු වශයෙන් අවම වශයෙන් රුපියල් 15,900 ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවේය.

දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු රුපියල් 1,500 ක් දාන වේල් 04 ක් වෙනුවෙන් රුපියල් 10,000 ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3000 ක්, මාසික ගාස්තු සහ කොටස් මුදල් ඊට ඇතුළත් වන බව වාර්තා වේ.

මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා සත්දින ධර්ම දේශනය සඳහා ආරණ්‍ය වාසීහිමිනමක් වැඩම කරවා තිබේ.

එහිදී නිවසට පැමිණි කුරුළුගම විහාරයේ සාදුමැරයා ඇතුළු දායක පිරිස හිමිනමට පහරදී ඇති අතර එය මැඩ පැවැත්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) ද පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ (2) යතුරුපැදිය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීන් දෙදෙනා (2) ද රෝහල් ගතකර ඇති බව වාර්තා වේ ෴


1946 රාවණ පරීක්ෂණ කරලා ‘කොග්ගල නිළමේ’ පොත ලිව්ව මාකස් මහතාගේ අද්භූත බලය ගැන දුව ප්‍රථම වතාවට හෙළිකරයි (30.10.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *