‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට

‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට


‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට

(24.10.2023 – 22:08 +0530 – hirunews.lk/sinhala)

‘හරක්කටා’ බේරා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් විසින් කමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවයි.

ඊට සම්බන්ධ හිටපු කමාන්ඩෝ භටයින් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.

+


ශ්‍රී ලාංකික යුවළක් මැලේසියාවේදී මරුට

(24.10.2023 – 18:21 +0530 – sinhala.adaderana.lk)

මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළකි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේදී ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තාවෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ කුඩා දියණියද රථයේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නොමැත.

මියගොස් ඇති කාන්තාව 33 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ සැමියා 35 හැවිරිදි වියේ පසුවිය.

ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.

+


ශ්‍රී පදස්ථානයේ විදුලි බිල ගෙවන්නේ නැහැ – ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි

(24.10.2023 – 21:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසා තිබෙනවා.

ශ්‍රි පාදස්ථානාධිපති හිමි පැවසුවේ මෙලෙස සිදු කරන මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදු වී නොමැති බවයි.

එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ රත්නපුර දිස්ත්‍රීක් ලේකම් කර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කිරීමක් සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

+


කෙහෙළියගේ ඇමති පුටු මාරුවේ සැඟවුණු රහස එළියට – ගෙදර ගියත් වැඩේ අතාරින්නේ නෑ – වෛද්‍ය රුක්ෂාන් කියයි (24.10.2023)

+


“මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං – නැත්නම් මං උඹවත් මරල ගෙදර උන්වත් මරනවා” – කඩවතදී පාතාලයන් ඇල්ලූ SI ට ඩුබායිවලින් ආ මරණ තර්ජනය

(25.10.2023 – 00:32 +0530 – sinhala.asianmirror.lk)

‘උඹ නේද මගේ කේස් එක කරන්නේ. උඹ මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං. නැත්නම් මං උඹවත් මරල, උඹේ ගෙදර උන්වත් මරල, උඹේ යුනිට් එකේ උන්වත් මරල දානවා’ යැයි කියමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලි සාමාජික ‘ශක්ති ලක්රුවන්’ නමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකුට මරණීය තර්ජන එල්ල කර ඇති බව පුවත්පතක් වාර්තා කරනවා.

මෙම පාතාල අපරාධකරු මෙසේ තර්ජන එල්ල කර ඇත්තේ කඩවත නගරයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට යමින් සිටි පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු (2) ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක සිල්වා මහතාට බව පොලිස් ආරංචි මාර්ග පවසන බවද එහි දැක්වෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘ශක්ති ලක්රුවන්’ නමැති මෙම පාතාල සාමාජිකයා උප පොලිස් පරීක්‍ෂකවරයාට මෙසේ ද තර්ජනය කර තිබෙනවා.

‘උඹ මගේ මිනිස්සුන්ට කරදර කරන්න එපා. මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං. එහෙම නොකළොත් මං උඹගෙ ගෙදර මිනිස්සු පස්සෙ පන්නනවා. උඹ මොකෙක්ද මට. මං කොහොමත් උඹට ගහනවා. උඹ සිල්වා කියලා මම දන්නවා. මම ශක්ති. පුළුවන්නම් හැප්පිලා බලමු. උඹට තියෙන්නෙ ලයිෂන් තුවක්කු. මට තියෙන්නෙ ලයිෂන් නැති තුවක්කු. ඒ නිසා හොඳට මතක තියා ගනින් මගෙත් එක්ක හැප්පිලා නිකන් ජීවිතේ විනාශ කර ගන්න එපා’ යැයි කියමින් ‘ශක්ති ලක්රුවන්’ නමැති පාතාල මැරයා තවදුරටත් මෙම නිලධාරියාට තර්ජනය කර ඇති බවද එම පුවත්පතේ සඳහන් වෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ‘ශක්ති’ නමැති මෙම පාතාල මැරයා ‘ගණේමුල්ලේ සංජීව’ගේ සමීප ගෝලයකු බවයි. ‘සංජීව’ මෙහෙයවූ මිනිස් ඝාතන තුනකට (3) මොහු සම්බන්ධ වී ඇති අතර එම සිදුවීම්වලින් පසු මොහු ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇත්තේ ද ‘සංජීව’ විසින්ය.

‘ගණේමුල්ලේ සංජීව’ට අයත් ඩුබායි හි පිහිටි මහල් නිවාසයක සැඟවී සිටින මෙම පාතාල මැරයා මෙරට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් මුදල් ලබාගනිමින් සිටියි.

කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මොහු මරණ තර්ජන එල්ල කර රුපියල් දසලක්‍ෂයක (10,00,000) කප්පම් මුදලක් ඉල්ලා සිටිය ද ව්‍යාපාරිකයා එය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ඉන් උරණ වූ ‘ශක්ති’ නමැති පාතාල මැරයා, තම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු (2) ආයුධත් සමග පිටත් කර යවා, ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ කළේය. එම පාතාල සාමාජිකයන් දෙදෙනා (2) ආයුධත් රැගෙන කඩවත ව්‍යාපාරිකයා ඝාතනයට යමින් සිටියදී කඩවත නගරයේදී කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන්ට කොටු විය.

එම පාතාල සාමාජිකයන් දෙදෙනාට (2) එරෙහිව පුළුල් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර ‘ශක්ති’ නමැති පාතාල මැරයා එම ඒකකයේ නිලධාරීන්ට මෙසේ තර්ජනය කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියා සිටි බවද වැඩිදුරටත් සඳහන් වෙනවා ෴


‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ රට වනසන්න ආ අයෙක් හසුවෙයි

(25.10.2023 – 07:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න වටිනාකමක් ඇති ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ‘පානදුර සලිඳු’ගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි පානදුර දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු මෙලස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘පානදුර සලිඳු’ නැමැත්තාගේ පුධාන ගෝලයකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන ‘නිලංග’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සමීපතමයකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *