සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි

සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි


සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි

(15.10.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

එන්නතක් විදීමෙන් පසු දියණියකට අත් පා සෙලවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අදාළ සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක (2½) ඇල්පිටිය ප්‍රදේශයෙන් පදිංචි දැරියක්.

ඇගේ දෙමාපියන් පවසන්නේ ඇයට වයස මාස 9 දී පමණ ලබා දුන් සරම්ප එන්නතින් පසුව මෙලෙස අත් පා සෙලවීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට දැන්වූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම එන්නත ලබාදුන් පසු දරුවන් ලක්ෂ 4 කින් එක් (1) දරුවෙකුට මෙවැනි ආබාධ මතුවීමේ සම්භාවිතාවක් පවතින බවයි ෴


ව්‍යාජ ලේඛණ සකසා මුදල් වංචා කළ රජයේ සේවකයෙකුගේ වැඩ තහනම්

(15.10.2023 – 22:36 +0530 – hirunews.lk/sinhala)

මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවලින් මුදල් වංචා කල මහනුවර මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇය මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවල කඩකාමර සඳහා ව්‍යාජ ලේඛණ සකසා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක් (82,77,600) වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවා ඇති අතර එහි නිර්දේශයකට අනුව කළමණාකාරවරියගේ වැඩ තහනම් කර තිබෙනවා ෴


මුදල් කොල්ල කෑ ආධුනික පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

(15.10.2023 – 23:14 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මංහන්දිය හබරුගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ගිනි අවියක් රැගෙන ලෙස ඇතුළු වී නිවෙස් හිමියාගෙන් රුපියල් 32,000 මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කැලණිය කොට්ඨාසය අයත් සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වර‍යෙකුගේ යි.

මෙම සිද්ධියට අදාළ තොරතුරු ඌරගස්මංහන්දිය පොලිසිය විසින් කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දීමෙන් පසු මූලික විමර්ශනයක් පවත්වා ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ෴


හොර ඖෂධ ගැන අනාවරණයක් (13.10.2023)

+


“ජැක්සන් කතා කලා” සෝමරත්න හිරු සමග.. “ජැක්සන් කතා කලේම නෑ..” සෝමරත්න සිරස සමග…

(16.10.2023 – 00:02 +0530 – lankacnews.com)

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශයන් සමාජජාලාවල හුවමාරු වේ.

ඔහු ‘හිරු’ රූපවාහිනිය සමග සාකච්චාවකදී සඳහන් කරන්නේ අදාළ අනතුර සිදුවී මිනිත්තු කිහිපයකින් තමන් එම ස්ථානයට ගිය බවත් ඇන්තනී මහතා එහිදී තමන් සමග කතා කළ බවත්ය. තමන්ට අමාරු බවත් රෝහල් ගත කරන්නැයි ඔහු ඉල්ලා සිටි බවද සෝමරත්න මහතා එහිදී පැවසීය.

නමුත් ‘සිරස’ රූපවාහිනිය සමඟ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අදාළ අනතුර සිදු වූ අවස්ථාවේ ජැක්සන් ඇන්තනි මහතා කිසිදු වචනයක් කථා නොකළ බවක් ඇස් ඇරගෙන තමන් දෙස බලා සිටි සිටියා පමණක් බවයි.

++++++++++

“ස්තුතියි ප්‍රියන්ත” සෝමේ කියයි (17.10.2023)

+


මෙරටින් තවත් සය (6) නිවුන් දරු උපතක්

(17.10.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් සය (6) නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා.

ඒ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන්.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සදහන් කළේ.

බිළිදුන් හයදෙනාම (6) යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

අවසන් වරට මෙරටින් සය (6) නිවුන් උපතක් වාර්තා වුණේ, 2021 වසරේ ඔක්තෝම්බර් මස 21 වනදායි.

පිරිමි දරුවන් තුන් දෙනෙකු (3) සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු (3) එදින උපත ලබා තිබුණා.

++++++++

සය (6) නිවුන් දරුවන් සියලු දෙනා දැඩි සත්කාර ඒකකය

(17.10.2023 – 18:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (17) දින උපත ලද සය (6) නිවුන් දරුවන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර සඳහන් කරනවා.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ බිළිඳුන් හය දෙනාටම (6) කෘතිම ස්වසනය ලබාදෙන අතර ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් වී ඇති බවයි.

දරුවන් හය දෙනා (6) අඩු වයසින් ඉපදී තිබීම හා ඔවුන් සියලු දෙනාගේම බර අඩු වී තිබීම ඊට හේතුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එම දරුවන්ගෙන් පස්දෙනෙක් (5) මේ වනවිට කාසල් රෝහලේ හා එක් (1) අයෙක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍ය සමන් කුමාර සඳහන් කරන්නේ කෘත්‍රිම දරු උපත්වලදී කලලයක් (1) හෝ උපරිම වශයෙන් කලල දෙකක් (2) පමණක් තැන්පත් කිරීම සිදු කරන අතර ලංකාව තුළ නියාමනයක් නොමැති වීම හරහා කලල කිහිපයක් තැන්පත් කිරීම සිදු වන බවයි.

එවැනි අවස්ථාවකදී දරුවන් සියලු දෙනාම ජීවත් කරවීම ලොකු අභියෝගයක් බවද ඔහු පවසනවා.

මේ ආකාරයෙන් කලල කිහිපයක් තැම්පත් කිරීම නිසා විශාල ප්‍රමාණයක් දරුවන් බිහිවන බවද වෛද්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම මෙම අවස්ථාව සැමරිය යුතු අවස්ථාවක් නොවන බවයි වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ෴


ප්ලාස්ටික් පුටුවක රැඳවූ ඉටි පන්දම කාන්තාවකට මරු කැඳවයි

(17.10.2023 – 07:12 +0530 – sinhala.adaderana.lk)

අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් තිබේ.

ඊයේ (16) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් එක් තැන්ව සිට ඇති අතර රාත්‍රී කාලයේදී ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහනක් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක ඉටි පන්දමක් රඳවා එය දල්වා තබා තිබේ.

ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇය නිදා සිටි මෙට්ටයටද ගිනි ඇවිලි කාන්තාව පිළිස්සීමෙන් මියගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බරපතළ ගැටලුවක්

(16.10.2023 – 21:20 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම ගැටලු සහගත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එම සිද්ධියට අදාළව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවය.

මේ අතර ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ‘ඉමියුනොග්ලොබියුලින්’ ඖෂධ තොගයක් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ද පසුගිය 11 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ව්‍යාජ ලේඛන සකස් කර ඒවා සිය අධිකාරිය නිකුත් කළ ලේඛන වශයෙන් හුවා දක්වමින් මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වීමට අදාළ සමාගම කටයුතු කර තිබූ බවය.

සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය සිකුරාදා කරුණු වාර්තා කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ ව්‍යාජ ලේඛන සකසා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරි නිලධාරීන් අද (16) දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මේ අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයට අද කැඳවා තිබුණි.

+


පාසල් තාප්පයක් කඩාවැටී සිසුවෙක් යටවෙයි

(16.10.2023 – 14:49 +0530 – sinhala.adaderana.lk)

විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවය.

තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

+++++

+++++++

+


මිනිහෙක් වැටෙන්න තියෙන අන්තිම තැනට මම වැටුණා; ගෙවල් 14ක කුලියට හිටියා – කීර්ති පැස්කුවෙල් (16.10.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *