කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි

කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි


කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි

(06.10.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මේ වන විට 05 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බවට වාර්තා වෙනවා.

ලිබර්ටි වටරවුමේ සිට මීටර 100 ක් පමණ දුරින් බම්බලපිටිය දෙසට වන්නට පිහිටි ගසක් මෙලෙස කඩාවැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිටකොටුවේ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

මෙම අනතුර හේතුවෙන් ආර්.ඒ. ද මෙල් මාවතේ රථවාහන ගමනාගමනය මුලුමනින්ම අවහිර වී ඇති අතර අවට මාර්ගවල තදබදයක්ද පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ බටලීය කජුපුරය ආසන්නයේදී පෞද්ගලික මගී බස් රථයක් බවුසරයක සහ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් විසි දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගත්තා ෴

+++++++++++

FB – Accident 1st

+++++++++++

බස්රිය මතට කඩාවැටුණු ගස :

++++++++++

++++++++++

Photos from gossiplankanews.com :

+++++++++++

++++++++++

++++++++++

ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ

(06.10.2023 – 11:41 +0530 – sinhala.adaderana.lk)

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

අද (06) අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබේ.

එම අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය ෴

+++++++++++

කොල්ලුපිටිය බස් අනතුරෙන් මියගිය අයට වන්දි

(06.10.2023 – 12:46 +0530 – sinhala.adaderana.lk)

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (06) අලුයම විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ සිටි මගීන් 05 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම සිද්ධියෙන් මියගිය අය සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් මහතා ප්‍රකාශ කළේය.

තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් යන මහත්වරුන් පැමිණ තිබුණි.

+

මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවරගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස්දී තිබේ ෴

+


හෙට (07) දිනයේ කොළඹට පැය 15 ක ජල කප්පාදුවක්

(06.10.2023 – 10:16 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පස්වරු 5 සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා ජාල සැපයුම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11, 12, 13 යන ප්‍රදේශවලට වන අතර කොළඹ 14 සහ 15 යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටු වීමට නියමිතයි.

මේ නිසා අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙස ජනතාව වෙත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා ෴


දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට යන රියදුරන්ට දැනුම්දීමක්

(06.10.2023 – 09:48 +0530 – sinhala.adaderana.lk)

අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී ඇත.

එබැවින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතී ෴


ජ්‍යෝතිෂවේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

(06.10.2023 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමික අපහාසයක් සිදු කිරීමේ චෝදනාවක් මත ලද පැමිණිලි 12 ක් අනුවයි.

ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

ඉන්දික තොටවත්ත රක්ෂිත බන්ධනාගාරයට

(06.10.2023 – 17:59 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගැනිණි.

ඒ, ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි ෴

+

+++++++++

+

https://www.youtube.com/watch?v=djblmDWApFo

+


නිල්වලා ගඟ දෙපස ජනතාවට රතු නිවේදනයක්

(06.10.2023 – 17:40 +0530 – sinhala.adaderana.lk)

නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය :


කැනඩාවෙන් එවූ තෑගි පෙට්ටි තුනක (3) රුපියල් මිලියන 122 ක මත්ද්‍රව්‍ය

(06.10.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ සිට කොලඹ ප්‍රදේශයේ පුද්ගලයකු නමට එවන ලද තෑගි අඩංගු ලී පෙට්ටි තුනක (3) ව්‍යාජ පතුල්වල සඟවා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16 ක් හා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ක් අද (06) පෑලියගොඩ ගමන්බඩු නිෂ්කාශන අංගණයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 122 ක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *