ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක්

ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක්


ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක්

(05.10.2023 – 14:05 +0530 – sinhala.adaderana.lk)

වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ (04) සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 02:03:20 කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

මේ අතර තරුෂි දැක්වූ එම සුවිශේෂී දක්ෂතාවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය වෙත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ රන් පදක්කම ලක්මවට ලබාදුන් තරුෂි කරුණාරත්නට රුපියල් මිලියන 10 ක මුදලක් පිරිනැමීමටය.

ආසියානු ක්‍රීඩා උලෙළේදී තරුෂි කරුණාරත්න දැක්වූ දක්ෂතා පිළිබඳ තමන් ඉතාමත් සතුටට පත්වන බව තරුෂිගේ මාපියන් ‘අද දෙරණ’ට ප්‍රකාශ කළේය.

+++++++++

+++++++++

+


පොලිස් ලොක්කෙකුගේ පුතෙක් කොස්තාපල් යටකරයි

(05.10.2023 – 18:47 +0530 – sinhala.adaderana.lk)

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්ව රෝහල්ගතකර තිබේ.

අනතුර සිදුව ඇත්තේ කොළඹ නෙලුම්පොකුණ රඟහල දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි චතුරශ්‍රය ආසන්නයේදීය.

එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටුණු මෝටර් රථය වතුර මලේ ගැටී නතරවී තිබේ.

මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

++++++++

++++++++

සුපිරි රථයට යට වුණු පොලිස් නිලධාරියා මරුට

(06.10.2023 – 06:40 +0530 – sinhala.adaderana.lk)

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ.

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්චාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇත.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්වී ඇති බවද පොලීසිය පවසයි ෴


රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගත් ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයෙක් සහ රියදුරු අත්අඩංගුවට

(05.10.2023 – 23:19 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ තුන හමාරක (3,50,000) අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අම්බලන්තොට ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්තොටදී අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) අම්බලන්තොට පොලීසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා ෴


රැකියා දෙන්න අල්ලස් ගත් පුද්ගලයා අත්අඩංගුවට

(05.10.2023 – 22:22 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 80,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ක්‍රීඩා අධීක්ෂණ නිලධාරියෙකුව අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

හපුතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර රැකියාවක් ලබාදෙන බවට පවසා සැකකරු විසින් රුපියල් 80,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර එය ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ.

ඒ අද (05) බොරැල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2022 දෙසැම්බර් මස දිනක පැමිණිලිකරුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන පසුව පැමිණිලිකරුගේ සහෝදරයින් දෙදෙනෙකුට (2) ද කොන්දොස්තර රැකියා ලබාදෙන බව පවසා රුපියල් 75,000 බැගින් ඉල්ලා එම මුදලින් රුපියල් 35,000 බැගින් මුලින් ලබාගෙන, ඔවුන්ට කොන්දොස්තර රැකියා බලාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 40,000 බැගින් වූ ඉතිරි රුපියල් 80,000 ක මුදල ඉල්ලා ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත ෴


විමසිල්ල නිසා අකුරැස්සේ මහා විනාශයක් වැළකෙයි

(05.10.2023 – 18:27 +0530 – sinhala.adaderana.lk)

අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබේ.

කෙසේ වෙතත් නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

එම ආපදාවට ලක්වූ පවුල්වල 70 කට ආසන්න පිරිසක් මේ වනවිට දියලපේ පන්සලේ සහ දියලපේ පාසලේ රඳවා ඇත.

පොලීසියෙන් කළ විමසීමේදී සඳහන් කළේ විමසිලිමත්භාවය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවය.

මේ වනවිට අවදානමට ලක්වූ තවත් පවුල් 10 ක පිරිස් එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස අවතැන්ව සිටින පිරිස්වලට දියලපේ විහාරස්ථානය සහ අකුරැස්ස පොලීසිය එක්ව අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කර ඇත.

මෙම නාය යාම හේතුවෙන් ජීවිත හානි නොමැති අතර දේපළ රැසක් හානි වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

++++++++++

+


තල්ලු කිරීමකින් සිදුවූ මරණය

(05.10.2023 – 22:29 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාව තල්ලු කිරීමෙන් එම පුද්ගලයා මාර්ගයට ඇදවැටී රථයක ගැටී මියගොස් තිබේ.

මාර්ගයට ඇද වැටුණු පුද්ගලයා, ඒ මොහොතේ ධාවනය වූ බහාලුම් රථයක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (05) පස්වරුවේ එම අනතුර සිදුවී ඇත.

මියගොස් ඇත්තේ සහිදු මොහොමඩ් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බහාලුම් රථයේ රියදුරා වන බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයා තෝරයාය ප්‍රදේශයේ පදිංචි සංජු යන නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමග බහින්බස්වී ඇත.

සංජු නමැති පුද්ගලයා එක්වරම මොහොමඩ් නමැත්තාව ප්‍රධාන මාර්ගයට තල්ලු කිරීමේදී මාර්ගයේ ධාවනය කරමින් තිබූ බහාලුම් රථයේ පසුපස රෝදවලට හසුවී එම ස්ථානයේදීම ඔහු මියගොස් තිබේ.

මෙම සිද්ධියෙන් පසු සංජු නමැත්තා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *