දිනකට ළමා අපචාර සිදුවීම් 05 ක් වාර්තා වෙනවා – ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර

දිනකට ළමා අපචාර සිදුවීම් 05 ක් වාර්තා වෙනවා – ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර


දිනකට ළමා අපචාර සිදුවීම් 05 ක් වාර්තා වෙනවා – ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර

(01.10.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

දිනකට ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තා වන තත්ත්වයක් අද (01) වන විට පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසනවා.

මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ ළමා අපචාර සිදුවීම්වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරිය පෙන්වා දුන්නා.

මේ අතර, දරුවන් බහුල වශයෙන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීමට මගපෑදී ඇත්තේ සමාජ මාධ්‍යයේ අනිසි භාවිතය නිසා බව ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස පවසනවා.

“මවුපිය සෙනෙහස යනු දරුවන්ට කුඩා කාලයේ අත්‍යවශ්‍යම දෙයක්. නමුත් ඇතැම් අවස්ථාවල මවුපිය සෙනහස අහිමි වීම හමුවේ දරුවන් ජංගම දුරකථන භාවිතයට හා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා.

දරුවන් බහුල වශයෙන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීමට මගපෑදී ඇත්තේ සමාජ මාධ්‍යයේ අනිසි භාවිතය නිසා” යැයි ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස පැවසුවා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය අනිසි භාවිතයේ තවත් භයානක පැතිකඩක් ලෙස ඊ-සිගරට් භාවිතයට දරුවන් පෙළඹීම හඳුනාගෙන ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව :

+


කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අත්හිටුවයි

(01.10.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

අද (01) පෙරවරු 08:20 ට පමණ ගමන් කිරීමට සැළසුම් කර තිබූ ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා.

අදාළ ගුවන් යානය නේපාලයේ – කත්මන්ඩු නුවර දක්වාගමන් කිරීමට සැලසුම් කර තිබු බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානාවක ඇතිවූ කාර්මික දෝෂයක් හේතු වී තිබෙන බවට සඳහන්.

මෙම යූ.එල්. 181 දරණ ගුවන් යානය මගීන් 200 කට ආසන්න පිරිසක් සමඟ කත්මන්ඩු නුවර බලා ගමන් කිරීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද සිට ඇති බවයි.

අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් පිරිසක් උදෑසන 07:15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙන නමුත් මෙම ගුවන් යානය උදෑසන 11:00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතව නොගිය බවයි සඳහන් වන්නේ.

නේපාලයේ භූ විෂමතාව අනුව එය කදුකර රාජ්‍යයක් වන බැවින් සවස් කාළය වනවිට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ මීදුමෙන් වැසී යාමට හැකියාවක් පවතිනවා.

එබැවින් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේ ශ්‍රී ලන්කන් යූ.එල්. 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා බොහෝ විට අතහැර දැමීමට සිදු වන බවයි.

+++++++++

ශ්‍රීලන්කන් ගුවන් ගමන් දෙකක් (2) හදිසියේ අවලංගු කෙරේ

(01.10.2023 – 15:25 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් ගමන් දෙකක් (2) අවලංගු වීම හේතුවෙන් මගීන් දුෂ්කරතාවට පත්ව තිබේ.

කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් නේපාලයේ කත්මන්ඩු සහ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් දෙකක් (2) මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වේ.

මගීන් 200 දෙනෙකු රැගෙන නේපාලයේ කත්මන්ඩු බලා අද (01) පෙරවරු 08:20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 181 ගුවන් යානය පැය කිහිපයක් ප්‍රමාද වී තිබූ අතර පසුව ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට දැනුම් දී තිබූ බව සඳහන්ය.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ අනෙක් ගුවන් යානය ද අද (01) පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව වාර්තා වේ.

ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන් හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසුවේය ෴

+++++++++

+


හාල්මිටකට අම්මෙ උඹ මොනවාද වික්කේ – TALK WITH SUDATHTHA (01.10.2023)

+

https://www.youtube.com/@KasunmOpatha/videos

https://www.facebook.com/kasun.mangala.16


වන්දනාකරුවන් රැගත් බසයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

(01.10.2023 – 13:32 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර – තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් බස්රථයක් ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඊයේ (30) රාත්‍රියේ සිදුවූ එම ප්‍රහාරයෙන් බස්රථයට දැඩි හානි සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මෙසේ ඇතාගේ ප්‍රහාරයට ලක්වූයේ මාතර සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දළ ඇතා ප්‍රදේශයේ ජීවිත රැසක් බිලිගෙන ඇති බවත් නිවාසවලට ද දැඩි හානි සිදුකර ඇති බවය.

එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීහූ පවසති.

ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවට ද ගම්වාසීහූ චෝදනා කරති ෴


ගින්නෙන් තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාව මුළුමනින්ම විනාශයි

(01.10.2023 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ ත්‍රිකුණාමලයේ තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාව තුළ තිබූ සියලුම ඖෂධ තොග විනාශයට පත්වී ඇති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය ලේකම් සුමති මුරලිදරන් පවසනවා.

මෙම ගබඩාවේ තිබූ ජීවිත ආරක්ෂක, අත්‍යවශ්‍ය සහ සාමාන්‍ය ඖෂධ සියලු තොග මෙලෙස විනාශයට පත්ව ඇති බව සඳහන්.

ඒ අනුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල්වලින් ගෙන්වාගැනීමට පියවර ගෙන ඇති බවයි පළාත් සෞඛ්‍ය ලේකම්වරිය කිය සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික පරීක්ෂණයක් මෙන්ම විශේෂ පොලිස් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි.

අද(01) අලුයම 05:40 ට පමණ තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාව් මෙම ගින්න හටගත් අතර, රථ දෙකක් යොදවා ගින්න නිවීමට කටයුතු කළත් එය මුළුමනින්ම විනාශයට පත්වුණා ෴


ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානම තවදුරටත්

(01.10.2023 – 15:05 +0530 – sinhala.adaderana.lk)

පවතින වර්ෂාව හේතුවෙන් නිල්වලා, ගිං, කළු යන ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ පැවති මහා ගංවතුර මට්ටම තවදුරටත් එලෙසම පවතින අතර පුටුපවුල ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කෙසේවෙතත් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පානදුගම හා තලගහගොඩ ප්‍රදේශවල සහ ගිංගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම ප්‍රදේයේ පැවති සුළු ගංවතුර මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව සඳහන්ය.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දූනමලේ ප්‍රදේශයේ ඇතිවූ සුළු ගංවතුර තත්ත්වය ද අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

+

+


සීතා ගැන අලුත් කතාවක්… භාරකරුගෙන් බරපතළ චෝදනාවක් (01.10.2023)

+


කුමාරි අක්කේ ජැක්සන් නිසා ලෙඩ්ඩු මැරෙනවා; ගෙදර ගෙනියන්න නැත්තෙ … (01.10.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *