‘කාපන් අම්මගේ …’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් බැල්ලි තිත්ත කුණුහරුපෙන් බනී …

‘කාපන් අම්මගේ …’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් බැල්ලි තිත්ත කුණුහරුපෙන් බනී …


‘කාපන් අම්මගේ …’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් බැල්ලි තිත්ත කුණුහරුපෙන් බනී …

(24.09.2023 – 22:02 +0530 – lankacnews.com)

= ‘කාපන් අම්මගේ …’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් තිත්ත කුණුහරුපෙන් බනී … =

මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුවකින් තම තැන්පතු මුදල් ලබාගැනීමට ආපු තැන්පතු කරුවන් පිරිසකට එම බැංකුවේ නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

එහි කළමණාකාරිනියක් ඇයි කියන තැනැත්තියක් විසින් අසභ්‍ය වචනවලින් බැන වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

තවත් නිළධාරීන් කිහිප දෙනෙකුම බැංකුවේ මුදල් නැති බව සඳහන් කරමින් පාරිභෝගික ගනුදෙනුකරුවන් එළවා දැමීමට කටයුතු කළහ.

+


‘හරක් කටා’ට සහය දුන් කොස්තාපල්වරයාට සම්බන්ධ දෙදෙනෙකු (2) ගෙන් පැය 72 ක් ප්‍රශ්න කෙරේ

(23.09.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ උත්සහයට සහය දුන් පොලිස් කොස්තාපල්වරයා සුඛෝපභෝගී වෑන් රථයකින් රැගෙන ගිය බව කියන දෙදෙනා (2) පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් එලෙස රඳවා ගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෙම සැකකරුවන් පොලිස් කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) විදේශගතව සිටින ‘මිදිගම රුවන්’ නැමති අපරාධකරුගේ ගෝලයන් දෙදෙනෙකු (2) බවද වාර්තා වුණා ෴


මේ වසර (2023) තුළදී පමණක් වෛද්‍යවරුන් දහසක් (1000) සේවයෙන් ඉවතට

(23.09.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මේ වසර (2023) තුළදී පමණක් වෛද්‍යවරුන් දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් සේවයෙන් ඉවත්වී ඇති බව ‘කෝප් කමිටුවේ’දී අනාවරණය වී තිබෙනවා.

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය පවසන්නේ මේ වසර (2023) තුලදී වෛද්‍යවරුන් 957 දෙනෙකු විවිධ හේතුන් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වන බවයි.

මෙවැනි තත්ත්වයක් මත පැය 24 පුරා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාම ගැටළුවක් බවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වීම සඳහා වෛද්‍යවරුන් වසර 05 ක නිවාඩුවක් ලබාගෙන විදෙස්ගත වීම, දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම යන කාරණා හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ වෛද්‍යවරුන්ගේ සේවයට නිසි වටිනාකමක් නොලැබීම ඔවුන් විදෙස්ගත වීමට ප්‍රධාන හේතුව බවයි ෴


ඔස්ට්‍රේලියාවේ ‘යුරේකා’ ත්‍යාගය ලාංකිකයෙකුට

(23.09.2023 – 10:33 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යුරේකා ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකු වන කරු එස්සැල්ලේට හිමිව තිබෙනවා.

ඔහුට මෙය ලැබී ඇත්තේ ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් බවයි සඳහන් වන්නේ.

කරු එස්සැල්ලේ විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් බවද වාර්තා වෙනවා.

මේ වනවිට University of Technology Sydney හි Electromagnetic & Antenna engineering පිළිබඳ කිර්තීමත් මහාචාර්යවරයෙක් බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව ඉතා වැදගත් බැවින් වසර 4 ක් පුරා මෙම සම්මානනීය පර්යේෂණ පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18 කින් ඇගයීමට ලක් කෙරෙන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් විද්‍යා සහ තාක්ෂණ සම්මාන උළෙලයි.

ඒ නිසාම මෙය Oscars of Australian Science ලෙස ද හඳුන්වනු ලබනවා.

+


වාහන හැර ආනයන සීමා ලබන මාසයේදී ඉවතට

(23.09.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

මේ අතර ලබන දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කරන භාණ්ඩ මාර්ගගත ක්‍රමයට වෙන්දේසි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ඔරුගොඩවත්ත ආර්.ටී.සී. රේගු පර්යන්තයේ ඊයේ (22) නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.

අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් බෝතල් 18,765 ක් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එමගින් රුපියල් කෝටි 14 ක් බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේදී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී තරගකාරී මිලකට ලබා ගැනීම සඳහා වෙන්දේසියේ විකිණීමට නියමිතයි ෴


බොරැල්ල කොටා පාර ‘කාගිල්ස් ෆුඩ් සිටි’ හිදී පහරකෑ තරුණිය අයිස් ගහනවාලු; වැලිකඩ, කොහුවල, කොල්ලුපිටියෙන් සොරකම් කර හසුවූ අයෙක්ලු

(24.09.2023 – gossiplankanews.com)

අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කරමින් බොරැල්ල කොටා පාර ‘කාගිල්ස් ෆුඩ් සිටි’ ශාඛාවේදී කළමණාකාරිය හා සේවක සේවිකාවන් අතින් පහරකෑමට ලක්වූ තරුණිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අනුව ඇයගේ පෙර වැරදි ගැන පොලිසිය වැඩිදුර පැහැදිලි කිරීමක් කර තිබේ.

ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර පසුව කාන්තාව විසින් හා සමාජ ක්‍රියාකාරීන් කළ පැමිණිලි වලින් දින කිහිපයකට පසු, 23 වනදා ඇයට පහරදුන් ‘ෆුඩ් සිටි’ සේවකයින් 7 ක් අත්අඩංගුවට ගන්නට බොරැල්ල පොලිසිය කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධ පරීක්ෂණයට 26 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි පහරකෑ තරුණියගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඇයගේ නම පරීක්ෂා කිරීමේදී මීට පෙර වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ තැනැත්තියක බව පොලිසිය ප්‍රකාශ කරයි. ඇය අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි.

තරුණියට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එහි කළමණාකාරවරිය, තරුණියන් තිදෙනෙකු (3), තරුණයින් තිදෙනෙකු (3) ඇතුළු හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වැඩි ප්‍රමාණයක් හැටන්, දෙහිඅත්තකණ්ඩිය, නොර්වුඩ් වැනි ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද හෙලි කර තිබේ.

කිසියම් කෙනෙකු වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ වුවහොත් , එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම බව පොලිසිය පෙන්වා දෙයි.

පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති අතර තරුණිය තමන් හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබූ බවද පොලිසිය පැහැදිලි කර තිබේ.

පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේම සේවකයකු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීමෙන් අනතුරුව එය සමාජය අතර දැඩි ආන්දෝලනයක් ඇති විය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිතය.

+


ගම්පොළ දී පැහැරගත් රියදුරා ඔරුගොඩවත්තේදී බේරී පලා එයි

(25.09.2023 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ – ජයමාලපුර ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලංගම බස් රථ රියදුරෙකු සැකකරුවන්ගෙන් මිදී ගම්පොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි ඔහු ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ කොත්මලේ කඩදොර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ගම්පොල ශ්‍රී ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක්.

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකින් අදාළ පුද්ගලයා සේවයට යමින් සිටියදී ඊයේ (24) ඊට ගොඩවූ නාඳුනන පුද්ගලයින් හතරදෙනෙකු (4) පහර දී තිබුණා.

පසුව ගම්පොළ – ජයමාලපුර ප්‍රදේශයේදී බස් රථය හරස් කළ වෑන් රථයක් මෙම පුද්ගලයාව අදාළ රථයේ නංවාගෙන පැහැරගෙන ගොස් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

පැහැරගත් පුද්ගලයින්ගෙන් බේරී පලා ආ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වෑන් රථයේ සිටි පිරිස තමාගෙන් කඩුවක් පිළිබඳ විමසූ බවයි.

පසුව මෙම පුද්ගලයා කොළඹ – ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී වෑන් රථයේ සිටි පිරිසගෙන් මිදී ඊයේ (24) ගම්පොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා ෴


නිලන්ත සිරි පතිරණගේ විශ්මිත හැකියාව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *