‘හිරු CIA’ : ශරීරයේ පැහැය වෙනස් කරන, පිළිකාකාරක සහිත, එන්නත් අලෙවි කිරීමේ ජාවරමක් හසුවෙයි

‘හිරු CIA’ : ශරීරයේ පැහැය වෙනස් කරන, පිළිකාකාරක සහිත, එන්නත් අලෙවි කිරීමේ ජාවරමක් හසුවෙයි


‘හිරු CIA’ : ශරීරයේ පැහැය වෙනස් කරන, පිළිකාකාරක සහිත, එන්නත් අලෙවි කිරීමේ ජාවරමක් හසුවෙයි

(09.09.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

සම පැහැපත් වන බව අඟවා පිළිකාකාරක සහිත එන්නත් කාන්තාවන්ට අලෙවි කළ ජාවාරමක් නීතියේ රැහැනට හසු කරදීමට ‘හිරු CIA’ සමත්වුණා.

අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද එම එන්නත් අලෙවි කර තිබුණේ රුපියල් ලක්ෂ ගණනක මුදලකටයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු ඖෂධයක් හෝ එන්නතක් රට තුළ අලෙවි කළ නොහැකියි.

මහජන සෞඛ්‍යය පිළිබඳව සලකා එවැනි නීතිමය පසුබිමක් පැවතියද එය මායිම් නොකර විදේශ රටවලින් ගෙන්වූ බව පවසා ශරීරයේ පැහැය වෙනස් කිරීමේ එන්නත් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව ‘හිරු CIA’ වෙත තොරතුරක් ලැබුණා.

එලෙස අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද එන්නත්, රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන්ට අලෙවි කරන බව සනාථ කරගැනීමටත් ‘හිරු CIA’ සමත්වුණා.

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මෙම එන්නත් අලෙවි කිරීමේ ජාවාරම සිදුවෙමින් පවතින පසුබිමක එන්නත් අලෙවි කරන අයෙකු උපාය දූතයෙකු මාර්ගයෙන් අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

තහවුරුකරගත් තොරතුරු ඔස්සේ ‘හිරු CIA’ හලාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන අදාළ රූපලාවන්‍යාගාරය වෙත මෙලෙස ළඟා වුණේ එම එන්නත් සහ ආලේපන මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්.

එහිදී ඔවුන් අප වෙත එන්නත් 10 ක් අලෙවි කිරීමට සූදානම් වූයේ රුපියල් 558,000 ක මුදලකටයි.

නිසි අවසරයකින් තොරව එලෙස ශාරීරික පැහැය වෙනස් කිරීමේ එන්නත් අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අප පෙරදීම කළ දැනුම්දීම අනුව පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන වැටලීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානය වටලනු ලැබුවා.

විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් ආකාරයට පිළිකා කාරක එන්නතක් ලෙස හඳුනාගෙන ඇති මෙම ශාරීරික පැහැය වෙනස් කිරීමේ එන්නත් සමඟ එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනතාවගේ ජීවිත පවා අනතුරේ හෙළන මෙවැනි මෙවැනි වංචනික ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු රට හමුවේ ඉදිරියටත් හෙළි කිරීමට ‘හිරු CIA’ සූදානම්.

+


Channel 4 වාර්තාව ගැන කතෝලික සභාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් පුළුල් විමර්ශනයක් ඉල්ලයි

(09.09.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

Channel 4 නාලිකාව මගින් නිකුත් කළ වීඩියෝව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

එම විමර්ශනයෙන් අනතුරුව අදාළ වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ලොවට කරුණු හෙළි කරන ලෙසයි උන්වහන්සේ අද (09) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් චැනල්-ෆෝ නාලිකාව මගින් නිකුත් කළ වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

++++++++

+


එංගලන්ත පුරවැසි තරුණියක් ගල්කිස්සේ නිවාස සංකීර්ණයකින් බිමට වැටී මරුට

(09.09.2023 – 18:36 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයක අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙස ‘බ්ලූඕෂන්’ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ‘සින්නයියා අලගේෂ්වරන් රොමීනා’ නමැති තරුණියක්.

මෙම සිදුවීම අද (09) අලුයම 02:00 ට පමණ සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ මෙම තරුණිය හෙට (10) දිනයේ නැවත එංගන්තය බලා යෑමට නියමිතව තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණිය සමඟ මුහුණු පොත හරහා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයා සැකපිට පොලිස් බාරයට ගෙන ඇති අතර, ඔහු නීති ශිෂ්‍යයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

+

+


මොරොක්කෝවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 820 දක්වා ඉහළට

(09.09.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 820 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තුවාල ලැබූවන් සංඛ්‍යාවද 600 ඉක්මවා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ.

රික්ටර් මාපකයේ 6.8 ක ප්‍රභලත්වයකින් යුත් මෙම භූ කම්පනය හට ගෙන තිබුණේ ඊයේ (08) රාත්‍රී 11 ට පමණයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති මොරොක්කෝ රාජ්‍යයේ මරකේෂ් පැරණි නගරයටද භූ කම්පනයෙන් හානි සිදුව ඇති බව සඳහන් ෴

++++++++

Morocco earthquake live news : Three days of mourning after over 1,000 dead

+++++++++

Over 1,000 dead after quake strikes near Marrakech, Morocco


ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයි

(09.09.2023 – colombotoday.com)

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පාස්කු දින ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවට, මේ වනවිට අන්තර්ජාල මධ්‍යයේ චෝදනා එල්ල වෙමින් පවතී.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම තවමත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර නැති අතර මේ පිළිබඳව විමසා බැලීම සඳහා අප දුරකථනය ඔස්සේ ඔහුව සම්බන්ද කර ගැනීමට උත්සහ කල නමුත් එය අසාර්ථක විය.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6 ක සිර දඬුවම් නියම වූ නඩුවේදී උන්වහන්සේට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට ද නීතිඥ උපුල් කුමරප්පෙරුමට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ල විය.

යුධ සමයේදී කොටි ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයු බවට චෝදනා එල්ලවූ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම, පාස්කු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩ මොහොමඩ් ඊබ්‍රහිම් හෙවත් ඊබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇත.

එවකට රජය විසින් පැහැරගෙන ගිය බවට මහත් ආන්දෝලනයට පත්වූ, ස්වීස් තානාපති කාර්යාලයේ සේවය කල ගානියා බැසිස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේද නීතිඥ උපුල් කුමරප්පෙරුමයි. පසුව තමන් අසත්‍ය චෝදනා එල්ලකළ බවට ගානියා බැසිස්ටර් විසින් අධිකරණයේදී පිළිගන්නා ලදි.


“අසාද් මවුලානා ද මිනීමරු අපරාධකරුවෙකි…” (07.09.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *