පැලවත්ත නොතකා අමුතු (ජාතික) ආණ්ඩුවක්.. ව්‍යාපාරිකයෙක් කපුකමේ.. රනිල්ගේ නිලධාරින්ටත් අත වනයි..

පැලවත්ත නොතකා අමුතු (ජාතික) ආණ්ඩුවක්.. ව්‍යාපාරිකයෙක් කපුකමේ.. රනිල්ගේ නිලධාරින්ටත් අත වනයි..


පැලවත්ත නොතකා අමුතු (ජාතික) ආණ්ඩුවක්.. ව්‍යාපාරිකයෙක් කපුකමේ.. රනිල්ගේ නිලධාරින්ටත් අත වනයි..

(20.05.2026 – lankacnews.com)

පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් ද සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් හෝ ඒ හා සමාන නව පාලන ව්‍යුහයක් කරා ගමන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සූදානමක ඇති බවට දේශපාලන කරළියෙන් තොරතුරු වාර්තා වේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා මේ වන විට පැලවත්ත මූලස්ථානය කේන්ද්‍ර කරගත් වාමාසික දේශපාලන කණ්ඩායම් විසින් පනවා ඇති සීමාවන්ගෙන් මිදී නව ගමනක් යාමට තීරණය කර ඇති බවයි.

මෙම නව ගමන සඳහා සහාය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයේ සිටි නිලධාරීන්ට සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවා දුරකතන ඇමතුම් ලබා දෙමින් සිටින බව ඔහු අනාවරණය කරයි.

පාර්ලිමේන්තු වෙනස්කම්වලට අමතරව, විවිධ රාජ්‍ය සංස්ථා සභාපතිකම් සහ වගකීම් සඳහා විපක්ෂයේ දක්ෂයන් එක් කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇති බව ද පැවසේ.

මේ අතර, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා ද අවධාරණය කළේ, රජය මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින් තව මාස හතර පහක් ඇතුළත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එන්නැයි අනුර කුමාර දිසානායක මහතාට විපක්ෂයට ආරාධනා කිරීමට සිදුවන බවයි.

රජයේ නොහැකියාව හේතුවෙන් ආර්ථිකය විනාශ වෙමින් පවතින බවත්, ඉදිරි මාස පහ ඇතුළත ඩොලරයේ අගය රුපියල් 360 දක්වා ඉහළ යා හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

වරුණ රාජපක්ෂ මහතා පෙන්වා දෙන පරිදි, ජනාධිපතිවරයා මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා වැනි අයගේ සහාය ප්‍රතික්ෂේප කරමින් හිතුවක්කාර ගමනක් ගිය ද, දැන් එම මාවත වෙනස් කරමින් සිටියි.

මෙහි එක් පියවරක් ලෙස ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු හරහා විපක්ෂයේ පිරිස් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, රජය තුළ සිටින ඇතැම් කණ්ඩායම් (විශේෂයෙන් පැලවත්ත කණ්ඩායම) විපක්ෂයේ පිරිස් එක් කර ගැනීමට විරෝධය පළ කරමින් සිටින බවත්, මෙය ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ යම් පිපිරීමකට පවා හේතු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා පවා අනාගතය අවිනිශ්චිතයි යනුවෙන් පවසන පසුබිමක, රජය මුහුණ දී සිටින මෙම සුලියෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා ගන්නා මෙම නව ක්‍රියාමාර්ගය කෙතරම් දුරට සාර්ථක වේද යන්න ඉදිරි කාලයේදී තීරණය වනු ඇතැයි හෙතෙම කියා සිටී.


ආනයනික කිරිපිටි මිල ඉහළට

(20.05.2026 – hirunews.lk)

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇති.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් සහිත කිරි පිටි පැකට් තොග එළැඹෙන සතියේ වෙළදපළට පැමිණෙනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් කියා සිටියේ ෴


විමල් වීරවංශට තවත් නඩුවක් වැටෙයිද?

(20.05.2026 – 10:50 +0530 – sinhala.adaderana.lk)

රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධය ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට තමා සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය : රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් වැටෙයිද ?

හිටපු පාර්ලිමේන්තු විමල් වීරවංශ : “රණවිරුවන් සිහිකරලා මල් කළඹක් අරගෙන ගිහිල්ලා ඒ ගෞරවය ඔවුන්ට පුදකරන්න දරපු උත්සහායට කඩු දානවානම් එවැනි නඩුවකට මුහුණ දෙන්න කිසි ලෙසකින් අපි පැකිලෙන්නේ නැහැ.”

+


සිංහල අම්මෙකුට තාත්තෙකුට ජාතක වුණා නම් රට ගැන කැක්කුමක් තියෙන මිනිහෙකු වෙන්න ඕනේ (20.05.2026)

+


සුරේෂ් සලේ වෙනුවෙන් නව ජනතා පෙරමුණ – ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි (20.05.2026)

+


ජනපති අනුර ගුවනින් හදිසියේම මඩකලපුවට එයි – මඩකලපුවේ එකම බෞද්ධ පන්සල පොලීසියෙන් වටලයි (20.05.2026)

+


නුවරඑළිය තැපෑලේ අකුණු සන්නායකය අතුරුදහන් – අපි දැන ගත්තා පැලවත්තේ ගේමක් කියලා (20.05.2026)

+


ටිල්වින් සිල්වා අත්අඩංගුවට ? ගල් අඟුරු කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් (20.05.2026)

+


උතුරේ කරපු විරු සැමරුම් අද වැල්ලවත්තේ සමරනවා – රණවිරුවෝ සමරන්න ආපු විමල්ට පහර දෙනවා (20.05.2026)

+


ප්‍රබලයන් රැසක් එක්ක ගම්මන්පිල කුළියාපිටිය උසාවියට – මගෙන් ප්‍රශ්න කරේ අජිත් රෝහණ මහත්තයා (20.05.2026)

+


තමන්ගෙ අම්මව විකුණලා ජීවත් වෙන මේ වගේ එවුන් රටින් යන එකම හොඳයි (20.05.2026)

+

සිංහල කොටියාට සිංහලෙන් උත්තර දුන් අපේ කොල්ලෝ… මැයි 18 දා වැල්ලවත්තේ සාමය නැති කරන්නේ කවුද ? (20.05.2026)

+


පැලවත්තේ අච්චාරු කුක්කන්ට කුඩම්මාගේ සැලකිලි නිසා ඩෝබිලා කලකිරෙයි! (20.05.2026)

+


පැලවත්තෙ දුයිෂෙන්ලට උන වැඩේ (20.05.2026)

+

ඩීල් නම් ඩීල් රු. කෝටි 500ක් කාගෙ සාක්කුවටද ? (20.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *