ස්තූතියි චැනල් 4 ස්තූතියි ! චැනල් 4 හෙළිදරව්වත් සමග කාදිනල් හිමියන් අලුත් වටයකින් සටන අරඹයි

ස්තූතියි චැනල් 4 ස්තූතියි ! චැනල් 4 හෙළිදරව්වත් සමග කාදිනල් හිමියන් අලුත් වටයකින් සටන අරඹයි (06.09.2023)


ස්තූතියි චැනල් 4 ස්තූතියි ! චැනල් 4 හෙළිදරව්වත් සමග කාදිනල් හිමියන් අලුත් වටයකින් සටන අරඹයි (06.09.2023)

+++++++++++

චැනල්-4 නාලිකාව අනාවරණ කළ කරුණු ගැන කියන්න පිල්ලෙයාන් CID එයි

(06.09.2023 – 21:17 +0530 – hirunews.lk/sinhala)

චැනල්-4 නාලිකාව අනාවරණ කළ කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට රාජ්‍ය අමාත්‍ය සිව‍නෙසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ චැනල්-4 නාලිකාව තමන් සම්බන්ධ කරමින් එල්ලකරන චෝදනා අසත්‍ය බවයි.

අද (06) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පැයක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටියා.

පසුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දුන් බවයි.

රාජ්‍ය අමාත්‍ය සිව‍නෙසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් :

“මාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරලා චැනල්-4 නාලිකාව විඩියෝවක් නිකුත්කරලා තියෙනවා. ඒ ප්‍රහාරයට මා සම්බන්ධයි කියලා කියනවා. මේ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු කවුද කියලා තවමත් හොයනවා. චැනල්-4 නාලිකාවෙන් එල්ලකරලා තිබුණ ඒ චෝදනාවලට එරෙහිව තමයි මම මේ පැමිණිල්ල කරන්නේ. මෙහේ ඉන්න නිලධාරීන් කිව්වා මේ ගැන පොලිස්පතිවරයාත් එක්ක සාකච්ඡා කරලා පැමිණිල්ල යොමුකරන්න කියලා. පොලිස්පතිවරයා හමුවන්න හෙට (07) වේලාවක් ලබා දුන්නා.”

මාධ්‍යවේදීන් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඔහුට චෝදනා කරන්නේ ඔහුගේම හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා නේද යනුවෙනි, මෙම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වුයේ :

“මම ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි. එයා මුස්ලිම් කෙනෙක්. එයාගේ ආගම එයා හරියට පිළිගන්නවානම් එයා ඇත්ත කියන්න ඕන. එයා රට ගිහින් අවුරුද්දක් වෙනවා. එයාට එහෙම නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට කියන්න තිබ්බා. නැත්තම් අධිකරණයට කියන්න තිබ්බා. එහෙම නැතුව රටින් පැනලා ගිහින් මෙහෙම කියනවා. එයාගේ අරමුණ තමයි ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගැනීම. ඒකට තමයි මේ ප්‍රහාරයට මාව සම්බන්ධ කරගෙන තියෙන්නේ.”

ඉන් අනතුරුව තවත් මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමිසා සිටියේ ඔහු සිරගතව සිටින විට රාජපක්ෂවරු සමග දැඩි හිතවත්කමක් පැවැත්වුවා නේද යනුවෙන්, එයට ඔහුගේ පිළිතුර :

“සමාජ මාධ්‍යවල ඕන විදිහට ලියන්න පුලුවන්. මම මහඇමති වෙලා හිටිය කාලේ ඉඳන්ම රාජපක්ෂ පවුලත් එක්ක සම්බන්ධතා තියෙනවා. මම අවුරුදු පහක් (5) හිරේ හිටියේ ගොඩක් අපහසුතා මැද. ඒ කාලේ රාජපක්ෂ පවුලේ අය මාව හමුවුණා. මම අහනවා හිරේ ඉඳලා එළියේ ප්ලෑන් කරලා මොකක් හරි කරන්න පුලුවන් ද කියලා. මහින්ද රාජපක්ෂ පවුලට බලයට එන්න කොහොමත් අවස්ථාව තිබුණා. 2018 පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුව තමයි දිනුවේ. ඒ නිසා ජනාධිපතිවරණයේ දී ඒ අයට තමයි අවස්ථාව තිබුණේ ” ෴

+++++++++++

ප්‍රහාරය පිටිපස්සේ හිටියේ සලේ – අපි හෙළිදරව් කලේ Channel 4 එකට කලින් (06.09.2023)

++++++++++++

++++++++++++

චැනල් 4 වීඩියෝව ගැන මර්වින් කට අරී. සලේ වැලේ එල්ලෙන්නෙපා! හිමිවරුන්ගේ අපවත්වීම් ගැන මර්වින් කියයි (06.09.2023)

+


අමරපුර හා රාමඤ්ඤ නිකායික මහා නායක හිමිවරුන්ගේ ප්‍රකාශ ජනාධිපතිවරයා නොසලකා හැරලා… 13 ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැහැ – අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව පවසති

(06.09.2023 – 10:24 +0530 – lankaleadnews.com)

13 වැනි සංශෝධන ක්‍රියාත්මක නොකරන ලෙසට හා එහි අනිසි ප්‍රතිඵල විස්තර කර අමරපුර හා රාමඤ්ඤ නිකායවල මහ නායක හිමිවරුන් ඒකාබද්ධ ලිඛිත ප්‍රකාශයක් ජනාධිපතිවරයා වෙත ලබාදුන්නද එය නොසලකා හැර ඇති බව පෙනීයන බව අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව පවසති.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංඝ සභාව පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ අසරණ වී සිටින ජනතාවට 13 ගැන අවබෝධයක් නැති බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වගකීමක් ලෙස සලකන බවත් ය.

1987 දී උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුමක් ලෙස ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් 13 වැනි සංශෝධනය ගෙන ආ බවද, ආණ්ඩුකාරවරුන්ගේ හා පළාත් සභා විසුරුවා හැරීමේ බලය මධ්‍යම ආණ්ඩුවට ඇති බැවින් 13 වැනි සංශෝධනයේ ගැටලු යටගොස් ඇති බවද එම සංඝ සභාව පෙන්වා දෙති.

1989 දී ඉන්දු-ලංකා ගිවිසුමට ජනතා සහාය නොලැබුන බවද, එකල පාලනයේ සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඔවුන්ගේ මතය විමසා සිටි බවද, ඔවුන්ගේ මතය වූයේ ජනමත විචාරණයක් හෝ විධායක බලතල උපයෝගීකර ගනිමින් ගිවිසුම අත්සන් කළ යුතු බව යැයිද එම සංඝ සභාව පවසති.

අවසානයේ විධායක බලය යොදා ගිවිසුම අත්සන් කළ බවත්, ජනමත විචාරණයක් නොපැවැත් වූ නිසා එය අසාර්ථක වූ බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව,

“13 ගැන විමසා බැලුවොත් දෙමළ අන්තවාදී දේශපාලඥයන්ගේ වුවමනාවන් හොදින්ම තිබෙන බව පේනවා. 13 දුන්නොත් දෙමළ ජනතාවගේ දුක නිවන්න පුලුවන් කියලයි ඔවුන් කියන්නේ. 1949 දී ඉලංගෛයි තමිල් අරුසු කච්චි පක්ෂය පිහිටුවද්දී ඔවුන් ඉල්ලීම් 4 ක් ඉදිරිපත් කළා.

දෙමළ ජාතිය වෙනම ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර පළාත්වලට නිජබිම් සංකල්පය ලබාදීම, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීම ඒවායි.

මේ ඉල්ලීම් 1957 දෙමළ පක්ෂ සම්මේලනයේ දී සම්මත කළා. 1976 දෙමළ එක්සත් විමුක්ති සංවිධානය ද මෙම යෝජනා සම්මත කළා. මෙයින් පේනවා මෙම යෝජනා කාගේ වුවමනාවට සිදුවෙනවා ද කියලා.

අන්තවාදී දෙමළ නායකයෝ අහිංසක දෙමළ තරුණයන්ට ඉගැන්නුවා සටන් කරලා හරි මේ අයිතීන් දිනාගන්න ඕන කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාකරන්ලා බිහිවුනා. ඔවුන් සටන් කළා. ඔවුන්ගේ ජීවිත නැති වුණා. එහෙත් අන්තවාදී දෙමළ දේශපාලනඥයෝ තාම අවිදින්න බැරි වුනත්, පාර්ලිමේන්තුවේ රජ සැප විඳිනවා. මේවා ගැන සාමාන්‍ය දෙමළ ජනතාව දැනුවත් වෙන්න ඕන. මෙතන තියෙන්නේ රජ සැප විඳීමේ ප්‍රශ්නයක් මිස දෙමළ, සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි.

1986 පැවති තිම්පු සාකච්ඡාවේදී ඉහත ඉල්ලීම් 4 පිළිබඳව කරුණු ඉදිරිපත් වුනා. ඒ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වේ මෙම මාතෘකා කතා කරන්නවත් සුදුසු දේවල් නොවන බවයි. එතුමා ප්‍රතික්ෂේප කළ මෙම 13 ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය ජනාධිපතිවරයා දක්වා විධායක ජනාධිපතිවරු 07 දෙනෙක් මේ රට පාලනය කළා. ඒ අය නොකළ 13 ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කොහොම ද කියලා අපි ඇහුවා.

13 දුන්නොත් රටට වෙන අවාසි අපි හඳුනගන්න ඕන. 13 බලාත්මක වුනොත් වෙනම ඉඩම් බලතල, පොලිස් බලතල, මහ ඇමැති අරමුදල් පිහිටුවීමේ බලතල, මහ ඇමැතිට ලැබෙනවා. එම අරමුදල් පිළිබදව ලංකාවේ මහ බැංකුවට වගකියන්න ඕන නැහැ. පොලිස් නිල ඇඳුම පවා වෙනස් වෙන්න පුලුවන්.

පළාත් එක්වීමෙන් වෙනම පරිපාලනයක් උතුරේ වගේම දකුණේත් හැදෙන්න පුලුවන්. ජාත්‍යන්තර ගැටලු මතු වෙනවා. සුඩානය වෙන් වූ රාජ්‍යයක්. එහි ගැටලු පවතිනවා.

ඉන්දියාවට අවශ්‍ය ලංකාව යටත්කරගැනීමටයි. ඉන්දියාවේ සැලසුමක් තියෙනවා ලංකාව සමග භූ ගෝලීය සම්බන්ධතා ඇතිකර ගන්න. මහා මාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුමක් තියෙනවා.

මෙහෙම බෙදුනොත් පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවා. රට බෙදෙනවා.

මේ වන විට කොළඹ ඇතුළු රටේ සෑම ප්‍රදේශයකම දෙමළ ජනතාව ව්‍යාපාර කරගෙන ඉතා සාමකාමීව ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. 13 ක්‍රියාත්මක වුනොත් දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීම වළක්වන්න බැහැ. සිවිල් යුද්ධ ඇති වෙනවා.

මුස්ලිම්වරුන්ද වෙනම අයිතීන් ඉල්ලන්න පුලුවන්. ඇයි නැති ප්‍රශ්න ඇති කරන්නේ. පැය 7-8 ඇතුළත ලංකාවේ එහා මෙහා යන්න පුලුවන්. බෙදන්න ඕන නැහැ. අන්තවාදී අමනෝඥ දේශපාලනඥයන්ගේ වැඩ නිසා රට විනාශ වෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතරම කියන කතාවක් තමයි 13 දීමේ යෝජනාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පමණයි, සම්මත කිරීමේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. ඒ නිසා අපි රටට හිතැති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා බැරිවෙලාවත් මේ යෝජනා ආවොත් රට විනාශ කරන මේ යෝජනාවලට සහාය දෙන්න එපා කියලා.”


වැක්සින් 3 ම ගහපු අය ගැන විමල් වීරවංශ කථාකරයි (06.09.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *