13 වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක කිරීම දුටුගැමුණු යුගයේ සිට පැවති ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසානයයි – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

13 වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක කිරීම දුටුගැමුණු යුගයේ සිට පැවති ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසානයයි – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම


13 වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක කිරීම දුටුගැමුණු යුගයේ සිට පැවති ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසානයයි – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(06.09.2023 – 07:18 +0530 – lankaleadnews.com)

ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

13 වන ව්‍යවස්ථා සංශෝධනය සමිපූර්ණයෙන් ක්‍රියාත්මක කර උතුරු-නැගෙනහිරට පූර්ණ බලතල බෙදීමක් සිදු කොට දෙමළ ජාතික ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කිහිප වරක්ම පාර්ලිමේන්තුව අමතා ප‍්‍රකාශ කළේ ය.

උතුරු-නැගෙනහිර දෙමළ ජාතික ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදිය හැක්කේ උතුරුනැගෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අඛණ්ඩ ඉල්ලීම් ඉටු කිරීමෙන් පමණකි.

උතුරු-නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අඛණ්ඩ ඉල්ලීම් මොනවාද?

ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම – පූර්ණ පෙඩරල් රාජ්‍යයක්

1949 දී චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් පෙඩරල් පක්ෂය පිහිටුවන ලද දිනයේ සිටම එහි ඉලක්කය වූයේ උතුරු-නැගෙනහිරට ස්වයංතීරණ අයිතිය සහිත පූර්ණ පෙඩරල් පාලනයක් ලබා ගැනීමයි.

මේ ඉල්ලීමට කරුණු 4 ක් ඇතුළත් විය :

  1. දෙමළ ජනතාව සිංහල ජාතියෙන් වෙනස් වෙනම ජාතියක් වශයෙන් පිළිගැනීම
  2. උතුරු-නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගැනීම
  3. උතුරු-නැගෙනහිර පලාත් එකතු කර එහි භූමි ප‍්‍රාදේශීය අඛණ්ඩතාව සහතික කිරීම
  4. දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගෙන උතුරු-නැගෙනහිරට පූර්ණ පෙඩරල් පාලනයක් ලබාදීම

1957 දී ති‍්‍රකූණාමලයේ පැවති තමිල් අරසු කචිචි පක්ෂයේ සම්මේලනයේදීත් 1976 මැයි මස යාපනේ වඩුක්කොඩේදී පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආරමිභක සමුළුවේදීත් 1985 තිමිපු සාකච්ඡාවලදීත් 2012 මඩකලපුවේ පැවති ද්‍රවිඩ ජාතික සංධාන සමුළුවේදීත් 2016 නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ පැවති පාර්ලිමේන්තු සාකච්ඡාවලදීත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ මේ යෝජනා මේ ආකාරයටම ඉදිරිපත් කර තිබුණි.

ඉකුත් 74 වසර තුළ ද්‍රවිඩ දේශපාලන පක්ෂ සියලු අරගල දියත් කරන ලද්දේ මේ ඉලක්කය මුදුන් පමුණුවා ගැනීම සඳහා ය.

එදා සිට මේ දක්වා ඔවුන්ගේ මේ ඉලක්කය, ඔවුන්ගේ ඉල්ලීම් අංශු මාත‍්‍රයකින් වෙනස් වී නැත. ඔවුන් එක අඩියක් පස්සට ගැනීමට සූදානම් නැත. ඉලක්කය එසේම තබා ගෙන ඉලක්කය මුදුන් පත්කර ගැනීමේ උපායමාර්ගය බහුතරයට බලපෑම් කළ හැකිවන පරිදි සූක්ෂ්ම ලෙස වරින්වර වෙනස් කරයි.

දෙමළ ජනතා ප‍්‍රශ්නයට විසඳුම් පතා මේ දක්වා මේ රටේ පැවති සියලු ආණ්ඩු උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමග පවත්වන ලද සියලුම සාකච්ඡා වලදී , ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1980 දශකයේ පැවති තිමිපු සාකච්ඡා වලදී, සර්වපාක්ෂික පාර්ලිමේන්තු සාකච්ඡා වලදී, යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පැවති සාකච්ඡා වලදී ඔවුන්ගේ කිසිදා නොවෙනස්වන ප‍්‍රධාන ඉල්ලීම වූයේ උතුරු-නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගෙන, එහි භූමි ප‍්‍රාදේශීය අඛණ්ඩතාව සහතික කොට, උතුරු-නැගෙනහිරට පූර්ණ පෙඩරල් පාලනයක් ලබාදිය යුතු බවයි.

2016 වසරේ පාර්ලිමේන්තුවේ පැවති ව්‍යවස්ථා කෙටුමිපත පිළිබඳ සාකච්ඡාවේදී සම්බන්ධන් මහතා ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඉල්ලා සිටින බලය බෙදීම ක‍්‍රියාත්මක විය යුතු ආකාරය මෙසේ පැහැදිලි කළේ ය :

  • ශ‍්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිමය යන කාරණය, බලතල ක‍්‍රියාත්මක කිරීමේදී කිසිසේත් අත්හැරිය නොහැකි කාරණයකි.
  • කිසිදු බාධාවකින් තොරව අපේ ඉඩම් පාලනය කිරීමේ බලය, අපේ ජනතාව ආරක්ෂා කිරීමේ බලය, අපේ ආර්ථිකය, සංස්කෘතිය හා සම්ප‍්‍රදායයන් සංවර්ධනය කිරීමේ බලය අපට තිබිය යුතු ය.
  • මේ ව්‍යවස්ථාව එක්සත්, නොබෙදුනු හා නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක රාමුව තුල ක‍්‍රියාත්මක වේ. මේ රට බෙදීමට අපට උවමනා නැති අතර ප‍්‍රාන්ත අතර බලතල බෙදා වෙන්කර ගැනීමට අපට අවශ්‍ය වේ.
  • රටේ භූමි ප‍්‍රාදේශීය අඛණ්ඩතාව හා එක්සත්කම පවත්වා ගැනීමට අවශ්‍ය වන බලතල එනම් ආරක්ෂාව, යුද, ගුවන් හා නාවුක හමුදා මධ්‍යම ආණ්ඩුව යටතේ පවතී. විදේශ සමිබන්ධතා, ආගමන විගමන කටයුතු, මුදල් හා මූල්‍ය කටයුතු මධ්‍යම ආණ්ඩුව යටතේ පැවතිය යුතු ය. එක්සත්කම හා රට නොබෙදීයන රටක් ලෙස පැවතීම සඳහා මෙම බලතල මධ්‍යම ආණ්ඩුව වෙත පැවතිය යුතුය.
  • අනෙක් බලතල සියල්ල පලාත් ආණ්ඩුවට ලැබිය යුතු ය.

මේ අනුව මහ ආණ්ඩුවට ඇත්තේ ති‍්‍රවිධ හමුදාව පවත්වාගෙන යාමත්, මුදල් නෝට්ටු හා පාස්පෝට් නිකුත් කිරීමත්, තානාපතිවරුන් පත් කිරීමත් පමණි. අනෙක් සියලු බලතල පලාත් ආණ්ඩුවට පැවරේ. එය දැන් පලාත් සභාවක් නොව පලාත් ආණ්ඩුවකි. ඒකීය රාජ්‍යය අවසන් වී ඉන්දියාවේ වත් නැති ආකාරයේ පූර්ණ පෙඩරල් පාලනයක් ඇතිවේ.‍

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට දෙමළ පක්ෂ ඉදිරිපත් කළ ඉල්ලීමි 13

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය ලබා දීම සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කළ ඉල්ලීමි 13 ට අඩංගුව තිබූ ප‍්‍රධාන ඉල්ලීමි 8 විග‍්‍රහ කර බැලීමේදී මෙතුලින් ඔවුන් මුදුන්පත් කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට හැකිවේ.

1. ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීම

  • එක්සත්, නොබෙදුනු හා නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් යෝජනා කරන්නේ ඒ සඳහා ය. එය තවදුරටත් ඒකීය රාජ්‍යයක් නොවේ. ව්‍යවස්ථාවේ ‘ඒකීය’ යන වචනය තිබුණාට ප‍්‍රශ්නයක් නැත. ව්‍යවස්ථාවේ එය එසේම තිබියදී පරිපාලනමය වෙනස්කම් තුළින් ප‍්‍රායෝගිකව පූර්ණ පෙඩරල් පාලනයක් ඇතිකර ගැනීමට හැකිවේ. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවේ.

2. දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබා දීම

  • මේ කියන්නේ උතුරු-නැගෙනහිර පාලනයට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමේ පූර්ණ අයිතිය පලාත් සභාවට ලැබිය යුතු බවයි. මධ්‍යම ආණ්ඩුවට හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට උතුරු-නැගෙනහිරට බලපාන නීති පැනවීමේ බලයක් නොතිබිය යුතු බවයි.
  • ජාතික ආරක්ෂාව, විදේශ සම්බන්ධතා, ආගමන විගමන කටයුතු සහ මුදල් හා මූල්‍ය කටයුතු හැර අනෙක් බලතල සියල්ල පලාත් ආණ්ඩුවට ලැබිය යුතු බවයි.
  • අවශ්‍ය නම් බෙදී වෙන්වී යාමේ අයිතිය ද ඊට ඇතුළත් වේ.

3. ජාතික ගැටලුවට පෙඩරල් විසඳුමක් ලබා දීම

  • මෙය පැහැදිලි ය.

4. උතුරු-නැගෙනහිර පලාත්වල රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවතින සියලු සිංහල බෞද්ධ ජනාවාසකරණය වහාම නැවැත්වීම

5. මහවැලි ව්‍යාපාරය යටතේ උතුරු-නැගෙනහිර පලාත්වල සිංහල ජනාවාස ඇති කිරීම නවතා දැමීම

6. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ වන්නි ප‍්‍රදේශයේ පිහිටුවා ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම

4 ,5, 6 යන මේ ඉල්ලීම් තුන (3) ම ඉදිරිපත් කර ඇත්තේ උතුරු-නැගෙනහිර පලාත් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ බිම ය, එහි ජීවත් වීමේ අයිතිය ඇත්තේ දෙමළ කතා කරන ජනතාවට පමණි, සිංහල ජනතාවට එහි ජීවත් වීමේ අයිතියක් නැත යන පදනම මත ය.

7. පුරාවිද්‍යා, වනජීවී හා වනරක්ෂණ දෙපාරතමේන්තු යටතට ගෙන ඇති ආගමික සිද්ධස්ථාන සහිත ඉඩම් වහාම රජයේ පාලනයෙන් නිදහස් කිරීම

  • සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යටතේ පවතින ඉඩම පලාත් සභාව යටතට ගැනීම
  • උතුරු නැගෙනහිර පවතින පෞරාණික බෞද්ධ උරුමයන් විනාශ කර දැමීමට ඉඩ සලස්වා දෙමළ නිජ බිමි සංකල්පය තහවුරු කිරිම

8. යුද අපරාධ සිදුකර ඇති හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර මැදිහත් වීමක් තුලින් පරීක්ෂණ පවත්වා දඩුවම් කිරීම

  • එමගින් පෙඩරල් පාලනයක් ලබා ගැනීමේ ක‍්‍රියාවලියට ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය ලබා ගැනීම
  • තිස් අවුරුදු යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය ඇතිව ලබා ගැනීමට කටයුතු කරන බව 2012 දී සිටම සම්බන්ධන් මහතා මෙසේ ප‍්‍රකාශ කර තිබුණි :
    “ඉන්දියාවේ සහාය ඇතිව එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමේ ක‍්‍රියාවලියට අපේ පක්ෂය බැස ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය ඇතිව අපේ අරගලය නොකඩවා කරගෙන යාමේ මාර්ග සොයාගත යුතු ය.”

2019 ජනාධිපතිවරණයේදී උතුරු-නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතුවී මේ ඉල්ලීමි 13 ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට ඉදිරිපත් කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඉල්ලීම් නොපිළිගත් බව රහසක් නොවේ. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මේ ඉල්ලීමි වලට එකඟවී ඇති බව උතුරු-නැගෙනහිර ජනාධිපතිවරණ ප‍්‍රතිඵල වලින් පෙනේ. උතුරු-නැගෙනහිර සෑම ඡන්ද කොට්ඨාශයකින්ම සජිත් ප්‍රේමදාස මහතාට සියයට 83 කට වඩා ලැබී තිබුණ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබුණේ සියයට 6 ක් හෝ 7 ක් පමණකි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ ස්ථාවරය

ඉන්දීය ආණ්ඩුවේ තර්ජන හා බලපෑම් යටතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට 13 වන සංශෝධනය ගෙනවිත් පලාත් සභා ඇති කළ ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා දෙමළ දේශපාලන පක්ෂ වල මූලික ඉල්ලීම් 4 ලබාදීම තරයේ ප‍්‍රතික්ෂේප කළේය. 1986 පෙබරවාරි 20 වන දින හැන්සාඩි වාර්තාවේ දැක්වෙන පරිදි එදින එතුමා පාර්ලිමේන්තුව අමතා ප‍්‍රකාශ කළේ මේ ඉල්ලීමි 4 පිළිගන්නවා තියා ඒ ගැන සාකචිඡා කිරිමට වත් තමා සූදානම් නැති බවයි. එතුමාගේ මතය වූයේ මේ අසාධාරණ කපටි ඉල්ලීම් පිළිගැනීමේ ඒකාන්ත ප‍්‍රතිඵලය වන්නේ රට බෙදී ගොස් උතුරු-නැගෙනහිර පමණක් නොව උතුරු මැද පලාත හා මධ්‍යම කඳුකරය ද ඇතුළත් ඊලාම් රාජ්‍යයක් බිහිවන බවයි.

අද රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තුමා සැරසෙන්නේ එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා පිළිගැනීමට තබා සාකච්ඡා කිරිමට වත් සූදානම් නොවූ ඉල්ලීම් සියල්ල ලබා දීමටයි.

එහි ඒකාන්ත ප‍්‍රතිඵලය වන්නේ අපේ රටේ ඉතිහාසය පුරා පැවති ඒකීය රාජ්‍යය අවසන්ව රට බෙදී ගොස් උතුරු-නැගෙනහිර ඊලාම් රාජ්‍යය බිහිවීමයි;

දුටුගැමුණු රජ දවස පටන් වසර 2500 ක් තිස්සේ ඉතිහාසය පුරා සියලු විදේශීය ආක‍්‍රමණිකයන්ට එරෙහිව සටන් කොට ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, අපේ ජීවිත කාලයේදී 27,000 ක් රණවිරුවන් ජීවිත පරිත්‍යාග කොට තවත් රණවිරුවන් 30,000 ක් පමණ රට හා ජනතාව වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දී සදාකාලික ආබාධිතයන් බවට පත්වෙමින්, තිස් (30) අවුරුදු යුද්ධය නිමවා බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් අපේ රටේ ‘ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යය’ බන්දේසියක තබා ද්‍රවිඩ බෙදුමිවාදීන්ට පරිත්‍යාග කිරීමයි ෴

++++++++++

’13 දුන්නොත් රටට මොකද වෙන්නෙ?’ : මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 17 දා මාතර නූපේ සණස මන්දිරයේ දී

(05.09.2023 – 14:06 +0530 – lankaleadnews.com)

‘13 දුන්නොත් රටට මොකද වෙන්නෙ? – මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක් ද?’ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 17 දා සවස 03:00 ට මාතර නූපේ සණස මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රුහුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික සංවිධාන නායකයන් සහ නියෝජිතයන් මෙන්ම විද්වතුන් සහභාගි වන මෙම මහජන විනිශ්චය සභාව, එහි කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ සංවිධානය කරනු ලබයි.

‘රුහුණු රට භික්ෂු පෙරමුණ’ මෙම අවස්ථාව සංවිධානය කරන අතර, මෙහෙයවීම සිදුකරනු ලබන්නේ ‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ විසිනි.

මෙහි සංකල්පය හා අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපායමාර්ගික පර්යේෂණ ආයතනය සිදුකරනු ලබන අතර, සම්බන්ධීකරණය ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධතා සංවිධානය සිදුකරනු ලබයි ෴


මෙවර උසස් පෙළ විභාගයෙන් සිසුන් 23,178 කට සරසවි වරම් – විෂයයන් තුනටම (3) ‘ඒ’ සාමාර්ථ ගත් අය 9904 ක්

(06.09.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවල සාධනීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කරනවා.

මෙම විභාගය පැවැත්වීමට සිදු වූයේ විවිධ අභියෝග මැද බවත් එහෙත් සාර්ථකව පවත්වන්නට හැකි වූයෙන් 2021 වසරට සාපේක්ෂව හොඳ ප්‍රගතියක් ඇති කර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පැවසුවා.

2021 වසරේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබා ගත් සිසුන්ගේ ප්‍රතිශතය සියයට 62.9 ක් වන අතර මේ වසරේ එය සියයට 63.3 ක් බවයි ඔහු කියා සිටියේ.

ඊයේ (05) විභාග දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මෙවන්නක් :

“2022 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. මේ විභාගය පසුගිය වසරේ (2022) අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පද්ධතිය නිසි පරිදි පවත්වන්න නොහැකි වීම නිසා විභාගය කල් දමන්න වුණා.

පාසල් වසා දමන්න සිදු වුණා. ඒ තත්ත්වය තුළ දරුවන් මාර්ගගත ක්‍රමයට අධ්‍යයන කටයුතු ආරම්භ කළා. වසර කීපයක් සාමාන්‍ය පරිදි පාසල් පද්ධතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අගෝස්තු මාසයට පවත්වන්න නියමිතව තිබූ විභාගය විවිධ ඉල්ලීම් අනුව ජනවාරි මාසයේ 23 සිට පෙබරවාරි මාසයේ 17 දා තෙක් පවත්වන්න පියවර ගත්තා.

පසුගිය උසස් පෙළ විභාගය සැලකිල්ලට ගත් විට මෙවර විභාගය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. අපේක්ෂකයන් 331,709 ක් විභාගයට අයදුම් කර තිබෙන නමුත් විභාගය සඳහා පෙනී සිට ඇත්තේ අපේක්ෂකයන් 263,933 ක් පමණයි.

මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 80.2 ක්. විභාගයට පෙනී සිටි අය අතරින් සියයට 63.3 ක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මේ තත්ත්වය සාපේක්ෂව ගත් විට ඉතා හොඳ තත්ත්වයක්.

2021 ප්‍රතිඵල අනුව මෙවර ප්‍රතිඵලය සියයට 0.4 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. ජෛව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ්‍යය, කලා, ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව සම්පත් තාක්ෂණවේදය ඒ අතර වෙනවා.”

මෙවර ජෛව විද්‍යා සඳහා අපේක්ෂකයන් 50,312 දෙනෙකු අයදුම් කර තිබුණු අතර විභාගය සඳහා පෙනී සිටියේ අපේක්ෂකයන් 40,329 ක්. ඒ අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 23,178 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. ‘ඒ’ සාමාර්ථ තුනම ගත් අය 817 ක් සිටිනවා.

භෞතික විද්‍යාව සඳහා 42,015 දෙනෙකු අයදුම් කර තිබුණු අතර ඉන් 35,197 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට, 20,138 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

මේ දරුවන් සම්පූර්ණ උසස් පෙළ අධ්‍යයන කාලයේම යම්කිසි අර්බුදයන්ට මුහුණ දුන් දරුවන් බවත් ඒ අභියෝග ජයගෙන සාධනය ඉහළ මට්ටමක තබා ගැනීම අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ගුරුවරුන් ඉහළ සේවාවක් ඉටු කර තිබෙන බවත් ඒ සියලු දෙනාටම ගෞරවය පිරිනමන බවත් ඔහු පැවසුවා.

විෂයයන් තුනටම (3) ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසුන් ගණන 9904 ක්.

ඒ අතරින් ජීව විද්‍යා අංශයේ සිසුන් 817 ක්, ගණිත අංශයෙන් සිසුන් 1088 ක්, වාණිජ අංශයෙන් සිසුන් 4198 ක් කලා අංශයෙන් සිසුන් 3622 ක් ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 90 ක්, ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 73 ක් සහ විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 ක් වශයෙනුයි මෙය බෙදී යන්නේ ෴

++++++++++

උසස් පෙළ සිසුන් 10% ක් වැඩ තුනම (3) අසමත්

(06.09.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,158 දෙනකු විෂයයන් තුනම (3) අසමත් වී තිබෙනාවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 10.29 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *