අන්තර්ජාලයෙන් අසත්‍ය තොරතුරු සහ ප්‍රචන්ඩත්වය බෙදීම වළක්වන පනත් කෙටුම්පත අනුමතයි

අන්තර්ජාලයෙන් අසත්‍ය තොරතුරු සහ ප්‍රචන්ඩත්වය බෙදීම වළක්වන පනත් කෙටුම්පත අනුමතයි


අන්තර්ජාලයෙන් අසත්‍ය තොරතුරු සහ ප්‍රචන්ඩත්වය බෙදීම වළක්වන පනත් කෙටුම්පත අනුමතයි

(05.09.2023 – 19:36 +0530 – hirunews.lk/sinhala)

නැවත සංශෝධනය කරන ලද ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ නව සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

+++++++

(From sinhala.adaderana.lk)


රට හැර යන වෛද්‍යවරු

(05.09.2023 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය රෝහල් බලධාරීන්ටද නොදන්වා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද (05) හිටපු වෛද්‍යවරියගේ පියා බව පවසමින් කිසියම් පුද්ගලයෙකු විසින් ‘වට්ස්ඇප්’ පණිවුඩයක් හරහා රෝහල් බලධාරීන්ට දන්වා ඇත්තේ අදාළ වෛද්‍යවරිය නැවත සේවයට වාර්තා නොකරන බවයි.

මෙම පසුබිම යටතේ එහි ශල්‍යාගාර දෙකක් (2) සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන් කරාපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වලට සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබෙනවා ෴


Channel-4 වීඩියෝවට තොරතුරු දුන් මවුලානාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්ෂ 700 ක් ගැනත් හෙළිදරව්වක්

(05.09.2023 – 23:06 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අළලා බ්‍රිතාන්‍යයේ ‘චැනල්-ෆෝ’ නාලිකාව විසින් විකාශය කිරීමට නියමිත විඩීයෝව මේ වනවිට පාර්ශව රැසක දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (05) රාත්‍රී 11 ට මෙම වීඩියෝව විකාශය කිරීමට සූදානම් කර ඇති අතර මෙම මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක්ද මේ වන විට නිකුත් කර අවසන්.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව කියන හමුවක් පිළිබද සදහන් කරමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇති බවයි බ්‍රිතාන්‍ය ‘ද ටයිම්ස්’ පුවත්පත සදහන් කර තිබුණේ.

එමෙන්ම, මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ක්‍රියා කළ ‘අසාද් හන්සීර් මවුලානා’ දුන් තොරතුරු මත බව ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ ‘චැනල්-ෆෝ’ නාලිකාව මෙරට දැඩිලෙස කතාබහට ලක්වුණේ මානුෂීය මෙහෙයුම් සමයේ මෙරට යුද අපරාධ සිදුවූ බවට මතභේදාත්මක වීඩියෝ විකාශ කිරීමත් සමගයි.

එම ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ කරුණු ශ්‍රි ලංකා රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී ද දැඩි සංවාදයකට ලක්වූ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඊයේ (04) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී සදහන් කළේ.

මෙම වීඩියෝව සදහා තොරතුරු ලබාදුන් බව කියන අසාද් හන්සීර් මවුලානාගේ බැංකු ගිණුමක් වෙත 2018 සිට 2020 දක්වා කාලය තුලදී විදේශ රටවලින් රුපියල් ලක්ෂ 700 ක මුදලක් ලැබී ඇති බවද අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විමර්ශනයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) මෝසමක් ගොනු කළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් මෙතෙක් අපොහොසත් වී ඇති බව සඳහන් කරමින්.

+++++++++

+++++++++

+


පිරමීඩයෙකුගේ දේපළ තහනම් කෙරේ

(05.09.2023 – 19:33 +0530 – sinhala.adaderana.lk)

= පිරමීඩ ලොක්කෙකුගේ දේපළ තහනම් කෙරේ =

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ‘ඔන්මැක්ස් ඩී.ටී.’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ‘සම්පත් සඳරුවන්’ යන අයට හිමි රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04) මෙම නියෝගය නිකුත් කළේ, මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙතයි.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ‘ඔන්මැක්ස් ඩී.ටී. පුද්ගලික සමාගම’ සම්බන්ධයෙන් මෝසමක් මගින් ඊයේ (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දැක්වීමක් සිදුකර තිබුණි.

එහිදී අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62 කට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නියෝග නිකුත් කෙරුණි.

එලෙස ඉඩම් 20 ක ප්‍රමාණයක් තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

සැකකරුට අයත් ඉඩම් විස්සක් (20), එකම දිනයකදී ඔහුගේ බිරියට ඉඩම් 8 ක් සහ ඔහුගේ මිතුරකුට ඉඩම් 12 ක් වශයෙන් පවරා ඇති බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙසේ ඉඩම් පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

මාතර ප්‍රදේශයේ ඉඩම් හයක් (6) ද, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් දෙකක් (2) ද, කළුතර ප්‍රදේශයේ ඉඩම් දහයක් (10) ද, කඩවත ප්‍රදේශයේ ඉඩම් දෙකක් (2) ද මෙසේ තහනම් කෙරුණු අතර එම පළාත්වල ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත මෙම නියෝගය දැනුම් දුනි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79 ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන ‘සම්පත් සඳරුවන්’ යන අයගේ බැංකු ගිණුම් 16 ක රුපියල් කෝටි 55 ක් ද, ‘අතුල ඉන්දික’ යන අයගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 2 ක් ද, ‘ධනංජය ජයනාත්’ගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 11 ක් ද, ‘සාරංග ජයනාත්’ගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 18 ක් ද, ‘ගයාෂාන්’ යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 2 ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම මහ බැංකු මූල්‍ය ඒකකය සමඟ එක්ව ‘බ්ලොක් චේන් ඇනලයිසින්’ නමැති විමර්ශනය සිදුකළ බවත් එහිදී මෙම මුදල් ගලා යන අවසාන ගිණුම හෙවත් ‘වොලට්ටුව’ ඕස්ට්‍රේලියානුවකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ ගිණුමට මෙම මුදල් බැර වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

මෙම සමාගම ඩිජිටල් මුදල් ඒකකයක් වන USDT නම් වර්ගයෙන් ඩොලර් කෝටි 10 ක් නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනුවලින් උපයාගෙන ඇති අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් කෝටි 10 ක් පමණ වන බවද මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළා.

+


තැපැල් මගින් එවූ රුපියල් මිලියන 14 ක මත්ද්‍රව්‍ය කොටුවෙයි

(05.09.2023 – 21:22 +0530 – sinhala.adaderana.lk)

තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406 ක තොගයක් සොයාගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත.

මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) බව හෙළිවී තිබේ.

ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ලිපිනයන්ට එවා ඇති බව අනාවරණය වී ඇත.

දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසර තුළ මේ දක්වා තැපැල් තක්සේරු කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් රුපියල් මිලියන 86 වටිනාකම ඉක්මවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව ඇති බවටය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *