තට්ට හිසේ සතියෙන් කෙස් එන බෙහෙතක් කොළඹ සරසවිය සොයාගනී

තට්ට හිසේ සතියෙන් කෙස් එන බෙහෙතක් කොළඹ සරසවිය සොයාගනී


තට්ට හිසේ සතියෙන් කෙස් එන බෙහෙතක් කොළඹ සරසවිය සොයාගනී

(31.08.2023 – 15:00 +0530 – lankacnews.com)

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් හිස කෙස් හැලී යාම වැලැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.

අකලට හිස කෙස් වැටීම නවතා දැමීමට සහ හිස කෙස් නැවත වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්ත බව මෙම සංයෝගය නිර්මාණය කළ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එය 90% ක් ප්‍රතිඵල දායක බව තහවුරු වී ඇති බවය.

මීට පෙර පිළිකා සෛල නාශක හැකියාවෙන් යුත් ඖෂධයක් නිර්මාණය කරනු ලැබුවේ ද මහාචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමය.

+

ඉහත වැඩසටහනෙන් අවධානය යොමු කළ හිසකෙස් වර්ධක ආලේපනය SATINY සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් :

  • +94 70 678 6000
  • +94 70 200 0400

++++++++++++++++++

ලොවම අවධානය දිනු පිළිකා නසන ඖෂධය නිසා කලබලයක් (26.07.2023)

Vernolac ඖෂධය පිළිබඳ විස්තර සඳහා අමතන්න :

  • 070 540 0500
  • 077 804 2108

Fadna ආයතනයේ වෙබ් අඩවිය :

https://fadnals.lk/product/vernolac/

+++++++++++++++

පිළිකා නාෂක ඖෂධය නිෂ්පාදනය භාරගත් දේශීය ව්‍යාපාරිකයා මුල්වරට මාධ්‍යට කතා කරයි (31.07.2023)

+


කූට ව්‍යාපාරිකයින්ට හසු නොවන්නැයි වාහනහිමියන්ගෙන් ඉල්ලයි

(31.08.2023 – 13:59 +0530 – sinhala.adaderana.lk)

කූට ව්‍යාපාරිකයින් විසින් වාහනහිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා :

“ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත්භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෑතකදී නිකුත් කරනු ලැබුවා.”

“ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. ඒ වගේම ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නැහැ. මේ වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් වෙන්න තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා.”

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සංවිධාන කරනු ලබන “සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක්” නම් වැඩසටහනේදී මේ පිළිබඳව දැනුවත් කෙරුණි.

එම දැනුවත් කිරීමේ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව ඊයේ (30) එලෙස පැවැත්වුණේ වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

+++++++++++++

++++++++++


අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

(31.08.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සහ IOC සමාගම සතු ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 361 ක් වෙනවා.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 417 ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ද වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 341 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 01 කින් ද වැඩි වී තිබෙන අතර, එහි නව මිල රුපියල් 359 ක් ලෙස සඳහන්.

එමෙන්ම භූමිතෙල් ලීටරක මිල රුපියල් 5 කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 231 ක්.

+

+


අමෙරිකානු තානාපතිනිය රටේ ස්වෛරීභාවයට බරපතළ තර්ජනයක්… ඇය ගැන වහාම පියවරක් ගන්න – ජාතික සංවිධාන එකමුතුව විදේශ ඇමැතිවරයාට ලිපියක් භාරදෙයි

(31.08.2023 – 20:49 +0530 – lankaleadnews.com)

මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චංග් මහත්මිය විසින් හැසිරෙනු ලබන්නේ විදේශ තානාපතිවරියක් ලෙස නොවන බවත්, ඇය මෙරට ස්වෛරීභාවට දැඩි තර්ජනයක් එල්ල කරන බවත් පෙන්වා දෙමින් ‘ජාතික සංවිධාන එකමුතුව’ අද (31) විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇය පිළිබඳව චෝදනා සහිත ලිපියක් භාර දීමට විදේශකටයුතු අමාත්‍යංශයට පැමිණියහ.

එහිදී එම සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ ගෝල්ෆේස් අරගල සමයේ සිටම ඇමරිකානු තානාපතිනිය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතළ ලෙස බලපෑම් කළ බවත්, ඇය විසින් වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝණය කර ඇති බවත් ය.

ඇයට එරෙහිව චෝදනා විශාල ප්‍රමාණයක් තිබුණ ද විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ ඇමැතිවරයා ඇයට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොමැති බවද ඒ මහතා මෙහිදී පැවසීය.

ඇමරිකානු තානාපතිනිය කටයුතු කරන්නේ මෙරට යටත් විජිත ලේකම්වරිය ලෙසින් බවත්, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ආණ්ඩුකාරවරයා ලෙසින් බවත් පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, වහාම ඇයව කැඳවා මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට විදේශ ඇමැති අලි සබ්රි මහතා කටයුතු කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාව නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය අනුලා විජේසුන්දර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, අනුරාධ තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරන ලදී.

සවිස්තරාත්මක වීඩියෝව :

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *