‘හිරු CIA’ : වඳ වී යෑමේ තර්ජනයට ලක්වී ඇති සතුන් අලෙවි කළ පුද්ගලයෙක් කොටුවෙයි

‘හිරු CIA’ : වඳ වී යෑමේ තර්ජනයට ලක්වී ඇති සතුන් අලෙවි කළ පුද්ගලයෙක් කොටුවෙයි


‘හිරු CIA’ : වඳ වී යෑමේ තර්ජනයට ලක්වී ඇති සතුන් අලෙවි කළ පුද්ගලයෙක් කොටුවෙයි

(26.06.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

වඳ වී යෑමේ තර්ජනයට ලක්වී ඇති සහ විශේෂ වර්ගීකරණයන්ට ලක් කර ඇති වන සතුන් සන්තකයේ තබාගැනීම මෙන්ම අලෙවි කිරීමත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.

එලෙස නීතිමය පසුබිමක් තිබියදීත් ජාවාරම්කරුවන් වනසතුන් මෙන්ම වනසතුන්ගේ ශරීර කොටස් අලෙවි කරන්නේ මුදල් ගැරීම පමණක් එකම අරමුණු කරගනිමින්.

දුර්ලභ පක්ෂි විශේෂ රහසිගතව අලෙවි කරන එවැනි ජාවාරමක් කඩවත ප්‍රදේශයේ සිදුවන බවට තොරතුරු ‘හිරු CIA’ වෙත වාර්තා වුණා.

ඒ අනුව එම ජාවාරම්කරු පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහා ‘හිරු CIA’ උපාය දූතයෙකු මාර්ගයෙන් ඔහු සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වුණා.

එහිදී ‘හිරු CIA’ ගම්පහ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමගද එක්ව මෙහෙයුමක් දියත් කළේ ජාවාරම්කරු නීතියේ රැහැනට හසු කර දීම සඳහායි.

‘හිරු CIA’ සමඟ උපාය දූතයෙකු ජාවාරම්කරුගේ කඩවත පිහිටි නිවස වෙත ළඟා වුණා.

ජාවාරම්කරුගේ නිවසට ඇතුළු වූ ‘හිරු CIA’ වෙත දැකගන්නට ලැබුණේ රාජාලියන්ට අමතරව ලබු ගිරව්, සැළලිහිණියන් ඇතුළු පක්ෂීන් රැසක් මුදලට අලෙවි කිරීම සඳහා සූදානම් කර ඇති ආකාරයයි.

උපාය දූතයා සමඟ ජාවාරම්කරු ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතරතුර ගම්පහ වනජීවි කාර්යාලයේ නිලධාරීන් මෙම නිවස වටලමින් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එම ස්ථානයෙන් පළා යෑමටද මෙහිදී උත්සාහ කළා.

කෙසේ වෙතත් අනතුරුව සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගම්පහ වනජීවී කාර්යාලය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

එහිදීත් සැකකරු පළා යාමට උත්සාහ කළ අතර එය දැඩි පරිශ්‍රමයකින් වළක්වා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා.

ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණේ කලක සිට මෙම ජාවාරම්කරු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් මෙම දුර්ලභ පක්ෂීන් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වුණේ මෙම ජාවාරම්කරු නීතිවිරෝධීව පක්ෂීන් අලෙවි කරන ජාවාරමක කොළඹ ප්‍රදේශය භාර නියෝජිතයෙකු බවද හෙළිදරව් වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *