අධිවේගී මාර්ගවල රු. කෝටි 461 ක මුල්‍ය කාන්දුවක්, රු. කෝටි 38 ක ඩබල් පේමන්ට්..
අධිවේගී මාර්ගවල රු. කෝටි 461 ක මුල්‍ය කාන්දුවක්, රු. කෝටි 38 ක ඩබල් පේමන්ට්..
(20.05.2026 – lankacnews.com)
මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ පිවිසුම් සහ පිටවීම්වලදී පැහැදිලි මූල්‍ය කාන්දුවක් සිදුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
විගණන වාර්තාවලට අනුව, අධිවේගී මාර්ගවලට ඇතුළු වූ වාහන සංඛ්‍යාව සහ පිටවීමේදී ගෙවීම් සිදු කළ වාහන සංඛ්‍යාව අතර රුපියල් මිලියන 4614 ක දැවැන්ත පරතරයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මීට අමතරව, රුපියල් මිලියන 380 ක duplicate payments සිදුවී ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.
ටෝල් ගේට්ටුවලඅවශ්‍ය තරම් ටෙලර්වරුන් Tellers නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල වාහන ඇතුළු වුවද පිටවීමේදී ගෙවීම් නිසි පරිදි සිදු නොවීම, ටෝල් ගේට්ටු තුළ විවිධ උපක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවන් මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති ප්‍රධාන කරුණු වශයෛන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
මෙම මූල්‍ය කාන්දුවීම් අවම කර ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටින බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉදිරි විගණන කටයුතු හරහා මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴
‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! රු. කෝටි 4 ක නිවෙසත් තහනමට
(20.05.2026 – hirunews.lk)
= ඊසි කෑෂ් මත්ද්‍රව්‍ය සල්ලිවලින් මන්දිර හදලා =
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් උපයන ලද මුදල්වලින් මිලදී ගත් බවට අනාවරණය වූ අතුරුගිරිය, ශාන්තාලෝකගම, 8 වන පටුමගේ පිහිටි රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර (තහනමට ලක් කර), එහි හිමිකරුවන් වන අඹුසැමි යුවළක් අද (20) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරාසිංහ ආච්චිගේ ධනුෂ්ක පුෂ්පකුමාර හෙවත් ‘වනාතේ බොක්කා’ නමැති අයකු සහ ‘මැදවච්චියේ අක්කා’ නොහොත් ‘මොහොමඩ් සුෆාර් ෆාතිමා රෙජිනා’ නමැති ඔහුගේ බිරිඳයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර අඹුසැමියන් දෙදෙනා ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමය මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවයි.
එසේ ලබාගන්නා මත්ද්‍රව්‍ය ආදායම ඔවුන්ගේ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර වීමට සලස්වා, පසුව තැන්පතු කාඩ්පත් (ATM Cards) මාර්ගයෙන් එම මුදල් ලබාගෙන මෙම නිවස මිලදී ගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (21) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
ආනයන කරන වාහනවලට 50% අධිභාරය ගහන්න කළින් වාහන සෙට් එකකට LC ඕපන් කරලා (20.05.2026)
+
සිංහල බෞද්ධයෝ ජනාධිපතිවත් දණ ගැස්සුවා – ත්‍රස්තයෝ මේ රට දෙකට කඩන්න ලෑස්ති වෙනවා නම් බලාගමු (20.05.2026)
+
ආණ්ඩුවේ හිපාටුවන්ට රණවිරුවන් ඇලජික් – බල්ලෝ නාවන්න වගේ රණවිරු දිනේට ආවේ (20.05.2026)
+
බදු ගිරයට හසුවුන මෙරට මැද පංතිය | Aluth Parliamenthuwa| 2026.05.20
+
මහින්ද ගෝඨාභය නැති හුණ්ඩුවේ සොල්දාදු සැමරුම ? (20.05.2026)
+
යුද හමුදාව සමරන්න අපේ සමහර සහෝදරවරු කැමති නෑ… ලාල්කාන්ත එහෙම කිව්වලු ? (20.05.2026)
+
විමල්ට මේක තේරුණත්, ගොට්ටන්ට තාම තේරෙන්නෙ නෑ… මේ ආණ්ඩුවට මෙහෙම තව කොච්චර දුර යන්ඩ පුළුවන්ද? (20.05.2026)
+
මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණුනෙහිය – භික්ෂුව පාරාජිකා වීම ගැන ඇත්ත කතාව (20.05.2026)
+
බිලියන ගානක බැඳුම්කර මගඩිය මෙන්න. මාස හයෙන් Promotion 5 ක් දීල DGM කරපු එක ඩීල් නෙවෙයිද චමුදිත (20.05.2026)
+
සහරාන්ගේ මල්ලිට ඇප ගන්න බුද්ධි අංශයෙන් සල්ලි දීලා! තවත් රහස් එයි! දිලුම්ට් විරුද්ධව පොලීසි යයි! (20.05.2026)
+
විප්ලවේ නම් විප්ලවේ පොලීසිනම් පොලීසි කොහොමද ආස මල්ලි (20.05.2026)
+
ඔබේ ගෙදරටත් ආයුධ දායිද? සීඅයිඩීයේ ඇත්ත කතාව අභීත හෙළිකරයි (20.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴