‘අස්වැසුම’ ප්‍රතිලාභී නාමලේඛනයෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධතා

‘අස්වැසුම’ ප්‍රතිලාභී නාමලේඛනයෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධතා


‘අස්වැසුම’ ප්‍රතිලාභී නාමලේඛනයෙන් ඉවත් කිරීමට එරෙහිව විරෝධතා

(26.06.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන හරහා සහන ලැබිය යුතු එහෙත් එම ලැයිස්තුවට නම ඇතුළත් නොවූ බොහෝ පිරිසක් අද (26) සිය අභියාචනා ඉදිරිපත් කිරීමට ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත පැමිණ සිටියා.

අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනයෙන් තමන්ව ඉවත් කර ඇති බව පවසමින් ඇතැම් ප්‍රදේශවල ජනතාව අදත් (26) උද්ඝෝෂණවල නිරත වුණා.

කෙසේවෙතත් දේශපාලන උසි ගැන්වීම්වලට නතු නොවී ලබන මස 10 වනදා දක්වා ලබාදී ඇති කාලසීමාව තුළ කඩිනමින් අදාළ අභියාචනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක අස්වැසුම සුබසාධන වැඩසටහනට බොහෝදෙනාගේ විරෝධය එල්ල වුණේ සහන ලැබිය යුතු පුද්ගලයින් සහන ලැයිස්තුවට ඇතුළත් නොකර සහන ලැබීමට නුසුදුසු පුද්ගලයින් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසමින්.

කෙසේවෙතත් දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ලබන මස 10 වනදා දක්වා ලබාදී ඇති අභියාචනා කාලසීමාව තුළ කඩිනමින් අස්වැසුම ප්‍රතිලාභ සදහා අභියාචනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වෙමින් එම අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේ.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4 ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

+


එකම අංක තහඩුවකින් ත්‍රිරෝද රථ දෙකක් (2) මහ පාරේ

(26.06.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

එකම අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථ දෙකක් (2) පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක තහඩුව පිළිබඳව සැක සිතු පොල්පිටිය පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරින් ඊයේ (25) එම ත්‍රිරෝද රථය නතර කර පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ අංක තහඩුවක් බවට තහවුරු විමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ රියැදුරා සහ ත්‍රිරෝද රථය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කර තිබු අංකය පිලිබදව මොටර් රථ ලියාපදිංචි දෙපාර්තුමේන්තුවෙන් පරික්ෂා කර බැලිමේදි එම අංකයටම තවත් ත්‍රිරෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තහවුරු වි තිබෙනවා.

ඒ සමඟම පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් එම ත්‍රිරෝද රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි අනාවරණය කර ගෙන ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය ව්‍යාජ ලියකියවිලි සකස් කර ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇති බවයි.

ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථයේ රියැදුරා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්. දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ පොල්පිටිය පොලිසිය ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා ෴


රාජකාරියට බාධා කළ කණ්ඩායම සොයා මහනුවර පොලිසියෙන් විමර්ශන

(26.06.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන්ට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගෙන ගිය කණ්ඩායමක් සොයා මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බෝගම්බර ප්‍රදේශයේ දී රථ වාහන නඩුවකට වරෙන්තු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේදී පහළොස් (15) දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර පහර දී සැකකරු මුදා ගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි ෴


ව්‍යාජ ලිපි ලේඛන සැකසූ SI ට ඇප

(26.06.2023 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලිපි ලේඛන සකසා දික්කසාදය ලබා ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ බව කියන කාන්තාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත ගම්පොල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනවලට අදාළව පසුගිය දෙවැනිදා (02) උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත ෴


අධිකරණ කාර්යාල කාර්ය සහයක ගිනි අවි සමග අත්අඩංගුවට

(26.06.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දැරණියගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ බිරිඳට ගිනි අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කිරීමක් සම්බන්ධව ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි. ගිනිඅවියට අමතරව සැකකරු සතුව තිබී කිනිසි හතක් (7) ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


වැස්සත් එක්ක එන පාංශු උණ

(26.06.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජලය සහ පස් ආශ්‍රිතව තිබෙන බැක්ටීරීයාවක් හේතුවෙන් ඇති වන රෝගයක් ලෙස ‘පාංශු උණ’ (මෙලියොයිඩෝසිස් – Meliodosis) හඳුන්වනවා.

වැසි සහිත කාලගුණයත් සමඟ ව්‍යාප්ත වන මෙම රෝගය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.

මෙම බැක්ටීරීයාව ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට ආසාදනය විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මෙම බැක්ටීරීයාව ශරීරගත වන අවස්ථා කිහිපයක් තිබෙන අතර වැඩි වශයෙන් ශරීරගත වන්නේ පස්වල තිබෙන බැක්ටීරීයාව කකුලේ යටි පතුලේ ඇති කුඩා තුවාල මඟින් හෝ යටි පතුල් පැලී ඇති විටයි.

එමෙන්ම බැක්ටීරියාව සහිත අපිරිසුදු ජලය පානය කීරීමෙන් ද දූවිල්ල ආඝ්‍රාණය කිරීමෙන් ද පාංශු උණ හැදෙන්න පුළුවනි.

දියවැඩියාව, වකුගඩු රෝග සහ තැලසීමියාව වැලඳී ඇති රෝගීන් මෙන්ම දුම්පානය කරන්නන් සහ අධික මත්පැන් පානය කරන්නන්ට ද මේ රෝගයේ අවදානම වැඩි බවයි වෛද්‍යවරු පවසන්නේ.

මේ වන විට පාංශු රෝහයට ගොදුර වී ඇති රෝගීන් අතර නියුමෝනියාව, පෙනහලු සහ අක්මාවේ සැරව ගෙඩි වැනි විවිධ ආසාදන ඇති රෝගීන් බහුල බව වාර්තා වෙනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝදුරට මී උණ හා ක්ෂය රෝගයට සමාන වෙනවා. මේ නිසා වෛද්‍යවරු පත්වන්නේත් මහත් අපහසුතාවයට.

මෙහි ප්‍රධාන ලෙසම ඇති වන රෝග ලක්ෂණ වන්නේ උණ ඇති වීමයි.

රසායනාගාර පරීක්ෂණ මඟින් රෝගය ඉක්මණින් හඳුනාගැනීම සහ පෙර පැවති නිදන්ගත රෝගවලට ද ප්‍රතිකාර කිරීමෙන් ද පාංශු උණ රෝගය සාර්ථකව සුව කළ හැකියි.

නියමාකාරයෙන් රෝගය හඳුනාගෙන නියමිත ප්‍රතිජීවක ලබා දී ප්‍රතිකාර නොකළහොත් මෙම රෝගය විටින් විට මතුවෙන්න පුළුවනි.

පාංශු උණ රෝගය වැලඳී ඉන් අපහසුතාවට පත් වීමට පෙර ඉන් වැළකී සිටීම ඉතා වැදගත්.

මෙහිදී දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම, නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම, මඩ හෝ අපිරිසුදු ජලයට දෙපා නිරාවරණය කර නොගෙන සිටීම, පා ආවරණ පැලඳීම අත්‍යවශ්‍යයි.

එමෙන්ම, යටිපතුල් පැලී ඇති විට සහ දෙපාවල තුවාල ඇති විට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොදා ඉන් ආරක්ෂා වීම ද වැදගත් ෴


බස් රථ අනතුරකින් 20 දෙනෙකුට තුවාලයි

(26.06.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

රක්වාන – කුරුවිට මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පුස්සැල්ලාව ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු (2) යටකර තවත් බස් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ ෴


ජූලි මස මුල දී ගෑස් සිලින්ඩරයක මිල අඩු වෙයි

(26.06.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

අඛන්ඩව හතරවන (4) වරටත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන මස (ජූලි මස) මුලදී යළිත් අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ඉදිරියේදී නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

පසුගිය පස්වනදා ලිට්රෝ සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ අතර, ඒ අනුව මේ වනවිට එය රුපියල් 3,186 ක්ට අලෙවි වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවුණා. එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි කෙරෙන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයේ මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා ෴


ඩෙංගු රෝගීන් පිළිබඳ තොරතුරු ආවේක්ෂණ පද්ධතියේ ගැටළුවක් නැහැ

(26.06.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් ඩෙංගු රෝගීන් පිළිබද තොරතුරු ආවේක්ෂණ පද්ධතියට ලබාදීමේදී කිසිදු තාක්ෂණික හෝ වෙනත් ගැටළුවක් මතුව නොමැති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයන් පිළිබද ප්‍රතිචාර දක්වමින්.

ඩෙංගු අවේක්ෂණ ක්‍රියාවලිය තවත් පුළුල් හා කාර්යක්ෂමව සිදුකිරීමට ඉදිරියේ දී සාධනීය වෙනස්කම් කිහිපයක් සිදුකරන බවයි ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ සඳහන් කළේ ෴


ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ තීරණය පාර්ලිමේන්තු සංවාදයකින් පසු ගන්නැයි ගම්මන්පිල පවසයි

(26.06.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තුව තුළ පුළුල් සංවාදයකින් පමණක් බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

අද (26) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැඩිදුරටත් කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කාලය ලබාගැනීමට බව පවසමින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම ගැටළු සහගත බවයි.

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *