රුපියල් කෝටි 16 මන්දිරය රුපියල් කෝටි 19 කට අරන් : පාඩුව රුපියල් කෝටි 3 යි

රුපියල් කෝටි 16 මන්දිරය රුපියල් කෝටි 19 කට අරන් : පාඩුව රුපියල් කෝටි 3 යි


රුපියල් කෝටි 16 මන්දිරය රුපියල් කෝටි 19 කට අරන් : පාඩුව රුපියල් කෝටි 3 යි

(26.06.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය’ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් තොරව ගොඩනැඟිල්ලක් මිල දී ගැනීමෙන් රුපියල් කෝටි 3 ක පාඩුවක් සිදු වී ඇතැයී ජාතික විගණන කාර්යාලය පවසනවා.

2013 වර්ෂයේදී සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා එහි අරමුදලින් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් වැය කර රාජගිරියේ ගොඩනැඟිල්ලක් මිල දී ගෙන ඇති බවත් එම ගොඩනැඟිල්ලට අදාළ රජයේ තක්සේරු වටිනාකම රුපියල් කෝටි 16 ක් බව ද වාර්තා වෙනවා.

මේ නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 3 ක්.

මෙම මූල්‍ය වංචාව සිදු වී වසර ගණනාවක් ගත වුණ ද ඊට ඊට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ ෴


විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති වරයකු මරුට

(26.06.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

විදුලි සෝපානයක් කඩා කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් හිටපු සෞඛ්‍ය ඇමති වරයකු මියගොස් තිබෙනවා. හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 89 හැවිරිදි වෛද්‍ය පී.එන්.බී. සිරිල් මෙලෙස මියගොස් තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.

සිරිබෝපුර ඔහුගේ නිවසේ තුන්වැනි (3) මහලේ අලුත්වැඩියා කටයුතු සඳහා පිටතින් ඉදිකර තිබූ විදුලි සෝපානය ආධාරයෙන් සිය රියදුරු සමගින් ගමන් කරමින් සිටියදී සෝපානය කඩා වැටී තිබෙනවා. බිමට වැටීමෙන් තුවාල ලැබූ රියදුරු සහ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි. ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මියගොස් තිබෙනවා ෴


පෙම්වතිය ගිනිතබා ඝාතනය කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

(26.06.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් (23) හැවිරිදි තරුණයකු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය 47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ගිනි ගිනිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි ෴


යාපනයේ කථිකාචාර්යවරුන් තුන්දෙනෙකුට (3) මහාචාර්ය පදවි

(26.06.2023 – 10:43 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් තුන් (3) දෙනෙකු ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය ධුරවලට උසස් කොට තිබෙනවා.

ඒ අනුව ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්.කේ. අඛිලන් මහතා විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශයේ මහාචාර්යවරයෙක් ලෙස ද, කෘෂිකර්ම ජීව විද්‍යා අංශයේ ප්‍රධානී, කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කේ. භගීරතන් මහතා කෘෂිකාර්මික ජීව විද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙසත්, හින්දු අධ්‍යයන පීඨයේ හින්දු ශිෂ්ටාචාර අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විග්නේශ්වරී භවනේසන් මහත්මිය හින්දු ශිෂ්ටාචාර අංශයේ මහාචාර්යවරිය ලෙසත් උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ශ්‍රී සත්කුණරාජා ප්‍රකාශ කර ඇත්තේ ඉංජිනේරු, කෘෂිකර්ම සහ හින්දු අධ්‍යයන පීඨවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් තිදෙනෙකු (3) මහාචාර්යවරුන් ලෙස උසස් කිරීමට විශ්වවිද්‍යාල සභාව අනුමැතිය ලබා දී ඇති බවයි ෴


රෝහල තුල පිස්සු නැටූ සැරයන් අත්අඩංගුවට

(26.06.2023 – 10:49 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ රෝහල තුළ පොලිස් මුරපොළේ බීමත්ව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදු කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ගම්පහ පොලිසිය පවසයි ෴


අත්අඩංගුවෙන් පලාගිය සැකකරු සොයා කාතන්කුඩියේ මෙහෙයුම්

(26.06.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකරුවෙකු සොයා කාත්තන්කුඩිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

10 හැවිරිදි සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (24) මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් ගේ නිවසට ගෙන ගොස් තිබුණා .

මහේස්ත්‍රාත්වරයා 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හට සැකකරු බාරදීමට ගිය අවස්ථාවේදී පලාගොස් ඇති බව පොලීසිය පවසයි ෴


දේශබන්දුට එරෙහිව නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බල රහිත කරයි

(26.06.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට (1,78,00,000) අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රිට් ආඥාවක් නිකුත් කළා.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තින්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී සොයාගත් මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

එමෙන්ම අදාළ මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, අදාළ තීන්දුවේ දැක්වෙනවා.

ඒ අනුව මෙම පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා පෙත්සම්කරුට සැකකරුවෙකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාව නිකුත් කරන බව ප්‍රකාශ කළා.

ඊට අමතරව පෙත්සම්කාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළා.

මේ අතර ඉකුත් වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නිතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක්ද අභියාචනාධිකරණය අද (26) බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළා.

මෙම රිට් ආඥාව නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා කියා සිටියේ ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට පෙත්සම්කරු ආධාර අනුබලදුන් බවට ප්‍රමණවත් සාක්ෂි අනාවරණ වී නොමැති බවයි.

ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316 සහ 343 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරු මඩුල්ල එලෙස චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහුට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවන බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව පෙත්සම්කරු සැකකරු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මස 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපිය තුළින් පෙත්සම්කරුට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.

එය නීතිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලය අභිබවා ගොස් කටයුතු කිරීමක් බව අභියාචනාධිකරන සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අදාල සිද්ධියේ තවදුරටත් සැකකරුවෙකු නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙන ලෙසත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළවක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තවත් රිට් ආඥාවක්ද නිකුත් කරනු ලැබුවා ෴


ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ යුරෝපා සංචාරය ගැන ජනපතිගෙන් පැහැදිළි කිරීමක්

(26.06.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ යුරෝපා සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.

විශේෂයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු පැහැදිළි කරනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

එමෙන්ම අස්වැසුම සහන වැඩසටහනේ අවසන් වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

+


පහර කෑමෙන් තුවාල ලැබූ සැරයන් රෝහලට

(26.06.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ජංගම මුර සංචාරයේ නිරත වූ සැරයන්වරයෙකුට පහරදී තුවාල සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (2) කෑගල්ල පොලිසිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ලේ යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස පහර දී තිබෙන බව පොලීසිය පවසයි. පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


බිරිදගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

(26.06.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ මූලවෙඩ්ඩි ප්‍රදේශයේ නිවසකදී සිය භාර්යාවට ගිනි තබා ඝාතනය කල සැකකරුවකු චුන්නාකම් පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ දරුවන් දෙදෙනෙකුගේ (2) මවක් වූ රෙජි නිශාන්තන් නිශාන්දිනී නැමති මෙම කාන්තාවගේ ස්වාමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් ඉල්ලා කරදර කළ අවස්ථාවේදී ඇය ඊට මුදල් ලබා නොදීම නිසා ඇයගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

ඇදුම්වලට ගිනිගත් කාන්තාව කෑ මොර දෙද්දී අසල්වාසීන් පැමිණ ඇගේ සිරුරේ ගින්න නිවා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇයව ඇතුළත් කොට තිබෙනවා.

ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇති අතර ඇය එහිදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට ලැබුණු තොරතුරු මත කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *