නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ ගැන ඔත්තු සපයන්නන්ට පොලිසියෙන් ත්‍යාග මුදල්

නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ ගැන ඔත්තු සපයන්නන්ට පොලිසියෙන් ත්‍යාග මුදල්


නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ ගැන ඔත්තු සපයන්නන්ට පොලිසියෙන් ත්‍යාග මුදල්

(24.06.2023 – 21:54 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මඟින් නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බව අනාවරණය වී තිබෙනවා.

එබැවින් මෙවැනි නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමට පොලිසිය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතයි.

මෙහි මුලික පියවර වශයෙන් ත්‍යාග මුදල් ගෙවීම, 2023.06.25 දින සිට 2023,07.31 දක්වා කාලය තුළ සිදු කරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සඳහා ලබා දෙන බවයි පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ.

ඒ අනුව ගෙවීමට නියමිත ත්‍යාග මුදල්වල වටිනාකම පහතින් :


දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

(25.06.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්න අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

සිය ඥාතීන් සමඟ දිය නෑමට මහවැලි ගගේ තැන්නේකුඹුර පාලම අසල දිය නෑමට යෑමේදී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


රට රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම ‘අද දෙරණ උකුස්සා’ හෙළිකරයි

(24.06.2023 – 20:00 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාව හා ජපානය ඇතුළු රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් නීතිවිරෝධී අයුරින් මුදල් ලබාගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැණුනි.

උකුස්සාගේ අද (24) අනාවරණය ඒ පිළිබඳවය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක පුද්ගලයෙකු විසින් නීතිවිරෝධී අයුරින් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල්ගරන ජාවාරමක් සිදුකරන බවට එලෙස තොරතුරු අනාවරණ විය.

ඒ අනුව, අදාළ තොරතුර තහවුරු කරගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයයේ නිලධාරීන් සමග එක්වී ‘අද දෙරණ උකුස්සා’ අදාළ ස්ථානය වෙත පැමිණියේය.

එහි සිටි කාන්තාවක් ඔහුන් සතුව ඇති විදෙස් රැකියා පිළිබඳව සැකයක් නොසිතෙන අයුරින් කරුණු පැහැදිලි කර තිබුණි.

ඒ අනුව, ජාවාරම සම්බන්ධයෙන් තහවුරු කරගැනීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් එම ස්ථානය වටලනු ලැබීය.

කෙසේවෙතත් ඊට සුළු මොහොතකට පෙර එහි සිටි හිමිකරු අදාළ ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.

පසුව ඔහුට පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු නොපැමිණ නීතීඥවරයෙකු අදාළ ස්ථානයට එවා තිබුණි.

කෙසේවෙතත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ටික වේලාවකට පසුව අදාළ පුද්ගලයා එම ස්ථානයට පැමිණි අතර එහිදී ඔහු තමන් කළ වරද පිළිගත්තේය.

මේ අතර අදාළ පුද්ගලයාගේ මෝටර් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී දැකගත හැකිවුයේ රාජ්‍ය ලාංඡනය ව්‍යාජ ලෙස භාවිත කර ඇති බවය.

එමෙන්ම අදාළ ස්ථානයේ තිබී විදෙස් ගමන් බලපත්‍ර, ඇතුළු ලියකියවිලි තොගයක් ද සොයාගැනීමට හැකිවිය.

අනතුරුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි.

+


ලංකාවේ හදන දිගම ත්‍රීවීල් එකේ රවුමක් යමු. ‘පිට රටෙනුත් ඉල්ලයි’ | Hiru Maanaya | 27.05.2023

+


ඇමති තොණ්ඩමන් මහ පාරේ නඩු අහයි.. පොලිසියට බැන වදී.. පොලිසියට ගුටි ලැබෙයි කියා කියයි..

(25.06.2023 – 10:40 +0530 – lankacnews.com)

බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන ඇමති ජිවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් 24 වන දින පස්වරුවේ බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් කැඳවා ඔවුනට බැන තර්ජනය කර ඇත.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කළමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් හමුවේ 22 වන දින කළමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විසින් සැකකරුව බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහත වෙත 23 වන දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සෙවුනු කලෙයිචෙල්වම් නම් 28 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර, එහිදි බැංකුවේ නිලධාරින් විසින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් පිලිබඳ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.

එම අවස්ථාවේ උරණ වු සැකකරු බැංකු සේවකයින් සහ කළමණාකාරවරයා සමග බහින් බස් විමක් ඇති වී පසුව එය දුර දිග යාමෙන් අනතුරුව කළමණාකාරවරයා ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වු ඇමති ජිවන් තොණ්ඩමන් බගවන්තලාව නගරය වෙත 24වන දින ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා (3) එම ස්ථානයට කැඳවා බැන වැදී තර්ජනය කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකල පොලිස් නිලධාරින් තිදෙනාට (3) වහාම ස්ථාන මාරුවිම් ලබාදෙන ලෙසත්, එම නිලධාරින් තිදෙනා (3) ගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසද ඇමති ජිවන් තොණ්ඩමන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියාගෙන් ඔහු පදිංචි ප්‍රදේශය විමසා පසුව ඇමතියා විසින් නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට එම ස්ථානයේදි දුරකථන ඇමතුමක් ලබාගෙන එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සියළුම තොරතුරු ලබා දි ඔහු පිලිබදව බලාගන්නා ලෙසද ජිවන් තොණ්ඩමන් ඇමතියා සෙන්දිල් තොණ්ඩමන්ට උපදෙස් ලබාදුන් බවයි එම ස්ථානයේ රැඳී සිටි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියේ.

තවද සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් බගවන්තලාව නගරයේ සිට පොලිස් ස්ථානය වෙත ඉතා පරිස්සමෙන් යන ලෙස ජිවන් තොණ්ඩමන් ඇමතියා පොලිස් නිලධාරින්ට පවසා ඇති අතර, එසේ යන අතුරතුර එම පොලිස් නිලධාරින් තිදෙනාට (3) කිසියම් පිරිසක් පහර දිමට පවා හැකි බවද තොණ්ඩමන් ඇමතියා පවසා ඇත.

බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දි ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට ඇමතියා පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර ඇත.

ඇමති ජිවන් තොණ්ඩමන් පොලිස් නිලධාරින් තිදෙනාට (3) බැන වැද තර්ජනය කිරිම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් තිදෙනා (3) ඔවුන්ගේ සටහන් පොත් වල සටහන්ද තබා ඇත.

ඇමතියාගේ දුරකථන ඇමතුමක් පරිදි බගවන්තලාව නගරය වෙත ගිය හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්. දෙහිගම හමුවේ ඇමති ජිවන් තොණ්ඩමන් පවසා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා (3) හැටන් පොලිස් කොට්ඨාශයෙන් ස්ථාන මාරු කිරිමට පියවර ගන්නා ලෙසයි.

එහිදි පොලිස් අධිකාරිවරයා ඇමතියා හමුවේ පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ෂණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

එම විමර්ෂණය අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරිමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා ඇමතියා හමුවේ පවසා ඇත.

ඇමති ජිවන් තොණ්ඩමන් බගවන්තලාව නගරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ මාධ්‍ය ඒකකයෙන් එම ස්ථානයේ රැඳී සිටි කිසිදු අයෙකු ජංගම දුරකථනවලින් දර්ශන පටිගත නොකරන ලෙසට පවසා ඇති අතර එය අධික්ෂණය කිරිමට එම ස්ථානයේ සිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ අධාරකරුවන් පිරිසකට උපදෙස් ලබා දි ඇත.

~ රංජිත් රාජපක්ෂ

+++++++++++

[ සේයාරූ සහ විඩියෝ ]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *