පාර අයිනේ වාහනය නතර කර සිටි නීතීඥයාට පිහි පෙන්නා කොල්ල කාලා

පාර අයිනේ වාහනය නතර කර සිටි නීතීඥයාට පිහි පෙන්නා කොල්ල කාලා


පාර අයිනේ වාහනය නතර කර සිටි නීතීඥයාට පිහි පෙන්නා කොල්ල කාලා

(23.06.2023 – 10:30 +0530 – gossiplankanews.com)

එගොඩ උයන – කොරළවැල්ල ප්‍රදේශයේ මාර්ගයක් අසල කාර් රථයක් නතර කර ගෙන එම රථය තුළ සිටි නීතිඥවරයාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර රුපියල් එක්ලක්ෂ පනස්දාහක් (1,50,000) වටිනා ස්මාර්ට් වර්ගයේ අත් ඔරලෝසුවක් සහ රුපියල් 50,000 ක මුදලක් නාඳුනන පුද්ගලයින් තිදෙනකු (3) විසින් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

අත් ඔරලෝසුව පැහැර ගැනීමට කලින් මෙම පුද්ගලයන් තිදෙනා (3) නීතිඥවරයා ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසලට රැගෙන ගොස් ඔහුගේ බැංකු කාඩ් එකෙන් රුපියල් පනස් දහසක (50,000) මුදලක්ද බලහත්කාරයෙන් ලබාගෙන එම මුදල රැගෙන පලා ගොස් ඇතැයි වාර්තා විය.

නීතිඥවරයා මේ බව පැමිණිලි කිරීමෙන් පසු එගොඩ උයන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම නීතිඥවරයා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේම පදිංචි අයෙකි ෴


FB එකේ පෙම පෑ ‘නවෝද්‍යා අක්කා‘ බලන්න ගිය 17 සිසුවාට සමලිංගික අපරාධයක්

(23.06.2023 – 13:00 +0530 – gossiplankanews.com)

රූමත් තරුණියකගේ ඡායාරූපයක් මුහුණ පොතේ පළ කර තරුණයෙකු එම තරුණිය ලෙස පෙනී සිටිමින්, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකුට ප්‍රේමය පෙන්වා රැවටීමට ලක් කර, පසුව එම සිසුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුවතක් ගම්පහින් වාර්තාවේ.

සිද්ධියට මුහුණ පෑ සිසුවා මේ බව මවට හා පියාට දැනුම් දී ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

කෑගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවකු මුහුණු පොතෙන් මීට මාසයකට පමණ ඉහතදී තරුණියක හඳුනාගෙන ඇයත් සමග චැට් කර ඇතැයි කියති.

මෙම තරුණිය මුහුණු පොතේ ‘නවෝද්‍යා අක්කා’ යන නමින් පෙනී සිට ඇත. පසුව මෙය ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් ඇතැයි පැවසේ.

අධ්‍යාපනික කටයුතු කරගෙන යෑම සඳහා මවුපියන් සිසුවාට ලබාදී තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනය මේ සඳහා යොදාගෙන ඇති බව ද කියති.

තමන් හමුවිම සඳහා ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයට පැමිණෙන ලෙසට ‘තරුණිය’ කළ ඉල්ලීමක් මත සිසුවා මව්පියන්ට හොර රහසේ බස් රථයක නැගී කිරිඳිවිට ප්‍රදේශයෙන් බැස ඇය එනතෙක් බලා සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මුහුණු පොතෙන් හඳුනාගත් ‘නවෝද්‍යා අක්කා’ පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවේ යතුරු පැදියකින් ආ තරුණයකු ‘නවෝද්‍යා අක්කා’ ගෙදරට කැඳවාගෙන එන්නට යැයි කියා පැවැසූ බව කියා සිසුවා යතුරු පැදියට නංවාගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පැවසීය.

එහිදී තරුණයා සිසුවාට අරක්කු පානය කිරීමට සලස්වා ඔහු ද අරක්කු පානය කර සිසුවාට වෙරි වූ පසු මෙම තරුණයා සිසුවාට ලිංගික අපයෝජනයක් සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය කීය.

බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සහ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයුම යටතේ ගම්පහ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

සිසුවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී ෴


ටයිල් ගෙන්වීම බිඳවැටිමත් එක්ක ලක්ෂයකට රැකියා අහිමිවෙලා | ටයිල් ව්‍යාපාරිකයෝ හොඳටම අනාථයි…. (23.06.2023)

+


‘මුතුරජා’ට කුළුගෙඩි පහර දී කකුලක් කඩලා… යලි තායිලන්තයට දී රන් කිලෝ දෙකක (2) බරට මුදල් අරගෙන…

(23.06.2023 – 22:02 +0530 – lankacnews.com)

‘මුතුරාජා’ නම් ඇතා ලංකාවට නැති කලේ කන්දේවිහාරයේ හාමුදුරුවන් විසින් බව ‘රෙයා ශ්‍රී ලංකා’ සංවිධානයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටිට මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී ඇය සඳහන් කරන්නේ ඇතා තායිලන්තයට භාර දෙන්නෙ රත්ත්‍රන් කිලෝ දෙකක (2) බරට සමාන මුදලක් ගෙන බවයි.

ඇතා ලෙඩ සනීප කර ආපසු ශ්‍රී ලංකාවට බාරදෙන කතාව අසත්‍ය බවද පවසන ඇය වන ජීවී අධිකාරිය එම සත්වයා ගැන කිසිදු සොයාබැලීමක් සිදුනොකළ බවට ද චෝදනා කරයි.

මුතුරාජා හස්තියාගේ කකුලක් කැඩිලා නොව කුළුගෙඩි පහර දී කඩා ඇති බවටත් චෝදනා කරන ඇය හාමුදුරුවන්ට අවශ්‍ය වන්නේ මුතු රාජා ආපසු ගෙනවිත් හම්බකරගැනීමට බවද කියා සිටී.

සංවිධාන විසින් සොයා නොබැලුවානම් හස්තියා මේ වනවිටත් මියගොස් බවද පවසන ඇය වනජීවී අධිකාරියට මේ ගැන පැවසූ විට නීති ගැන කථා කිරීම පමණක් සිදුකල බවද පැවසුවාය.

+


ගුවන් මගීන් දෙදෙනා (2) ගේ මුඛයේ රත්තරන්

(23.06.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ හතළිහකට (40) අධික වටිනාකමින් යුතු වූ රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ශාඛාව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑම් 200 ක පමණ බරින් යුක්ත මෙම රන් කැබලි ගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනා (2) මීගමුව සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය ෴


මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(23.06.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධයකින් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක්කළ හැත්තෑ (70) හැවිරිදි පුද්ගලයෙකු ඌවපරනගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ උඩු පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ශ්‍රී ලංකා පොලීසියේ නම කැත කළ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

(23.06.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පොලීසියට අපහාස වන අයුරින් නිල ඇඳුමින් සිටියදී සමාජ මාධ්‍යයට වීඩියෝ මුදාහරින ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

පොලිස් සැරයන්වරයා පසුගිය සතියෙ දින තුනකදී (3) අන්තර්ජාලයට වීඩියෝ මුදා හැර ඇති බව පොලීසිය පවසයි ෴


ආනයනික ඖෂධ ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් චෝදනාවක්

(23.06.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වල ප්‍රමිතිය සොයා බැලීමට පිළිගත් රසායනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයක් කටයුතු කර නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව කියා සිටියේ අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රෝහල් වලට ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් පිළිගත් දත්ත පද්ධතියක් නොමැති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීයි.

පොලොන්නරුව – මනම්පිටිය රෝහලේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක තිබී ඹෟෂධ තොගයක් විනාශ කිරීමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, බදුල්ල මහරෝහල ඉදිරිපිට දී අද (23) නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක නිරත වුණා ෴


පසුගිය වසර දෙකක (2) සහල් ආනයනය නිසා සතොසට බිලියන 06 ක පාඩුවක්

(23.06.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

2014 සහ 2015 වසර වලදී මෙරටට සහල් ආනයනය කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 06 ක පාඩුවක් සිදු වූ බව කෝප් කමිටුව හමුවේ අනාවරණය කෙරුණා.

ඒ ලංකා සතොස ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේදී විමර්ශනය කෙරුණු අවස්ථාවෙදීයි.

කෝප් කමිටු සාමාජිකයින් එහිදී චෝදනා කළේ එවන් තත්ත්වයක් හමුවේ වුවත් 2017, 2018 වසරවලදී පිටරට සහල් නැවතත් ගෙන්වා ඇති බවයි ෴


මහජන උපයෝහීතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්‍ය මංජුල ප්‍රානාන්දුට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

(23.06.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහජන උපයෝහීතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්‍ය මංජුල ප්‍රානාන්දු පත් කිරීමට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා ෴


දඹුල්ලට එළවළු ලැබීමේ අඩුවක්

(23.06.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

මිල අධික වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ සහ අලෙවියේ පහත වැටීමක් දක්නට ලැබෙන බව ව්‍යාපාරිකයින් සහ ගොවීන් පවසනවා.

ආර්ථික මධ්‍යස්ථානයට යම් ප්‍රමාණයකට එළවළු තොග ලැබුණ ද ඒවායේ තොග මිල පෙර දිනවලට වඩා ඉහළ අගයක පවතින බවයි වාර්තා වන්නේ.

අද (23) උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 200 ත් 280 ත් අතර මිලකට අලෙවි වූ අතර, මිරිස් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 600 ත් 650 ත් අතරයි.

පසුගිය දිනවල රුපියල් 50 ට අලෙවි වූ කැකිරි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 100 දක්වා වැඩි වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *