රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට


රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

(22.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයේ ගැටුනු යතුරු යතුරුපැදියක සිටි හතර (4) හැවිරිදි දැරියක බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

දැරිය සිය මව සමග යතුරුපැදියේ යමින් සිටියදී බණ්ඩාරගම පොලීසිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනවා ෴

+++++++++

https://www.youtube.com/watch?v=aLbkJZ7Jfq8

+


සැරයන්ට පහරදුන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(22.06.2023 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය නවදගල මහ විදුහලට ආධාර පිණිස පැවැත්වෙන අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය සහ සංගිත සංර්ශණය නැරඹිමට පැමිණ සිටි දෙපිරිසක් අතර ඇතිවු පහරදිමක් වැළැක්විමට ගිය පොලිස් සැරයන්වරයෙකුගේ හිසට පොල්ලකින් පහරදිම නිසා තුවාල ලබා ඊයේ (21) රාත්‍රි ඇල්පිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.

මෙම අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණය භුමියේ පැවති සංගිත සංදර්ශණය නැරඹිමට පැමිණ සිටි දෙපිරිසක් අතර ඊයේ (21) රාත්‍රි 10:45 ට පමණ ගැටුමක් ඇතිවී ඇති අතර එය වැළැක්විමට ගිය සැරයන්වරයාගේ හිසටද පොල්ලකින් පහරදි ඇත.

පසුව එම ස්ථානයේ රාජකාරි යොදවා සිටි අනෙක් පොලිස් නිලධාරින් විසින් තුවාල ලැබු සැරයන්වරයා රෝහල් ගතකොට පහරදිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අත් අඩංගුවට‍ ගෙන ඇත.

ගැටුමෙදි එම සැකකරුවන්ද තුවාල ලබා සිටිම හේතුවෙන් ඔවුන්ද ඇල්පිටිය රෝහලට ඇතුලත් කොට ඇත ෴


ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

(22.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබා දී තිබූ කාලය පසුගිය 16 වැනිදා අවසන් වුණා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට තොරතුරු වාර්තා වෙනවා ෴


ඇඹුල් කෙසෙල්වලින් ඩොලර් ලක්ෂයක්

(22.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දිනක යාපනයේ දී පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළ වගා කරන ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක (100,000) මුදලක් උපා ගැනීමට යාපනයේ ගොවීන්ට හැකියාව ලැබී ඇති බවයි.

ඉදිරි වසර තුන (3) තුළ එම ආදායම ඩොලර් ලක්ෂ පහ (5) දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇති බව මෙහි දී අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන සඳහන් කරනවා.

එමෙන්ම ඔහු පැවසුවේ උතුරු පළාතේ ඉඩම් අක්කර 8000 ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාරතුමියගේ ද උපදෙස් ලැබී ඇති බවයි.

අඹ, පැපොල් හා පැෂන්ෆෘට් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් අක්කර 1000 ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී හෙළිදරව් වුණා ෴


මාරක ළිඳේ පඩිපෙලෙන් වැටී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට

(22.06.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

දඹගල්ල මඩුල්ල ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සැණකෙළි භූමියක මාරක ළිඳේ පඩිපෙළ නගිමින් සිටි අවුරුද්දක් (1) වයසැති දරුවෙකු බිමට වැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

දරුවාගේ පියා සැණකෙළි භූමියෙහි මාරක ළිඳෙහි සේවය කරන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා.

ඉදිරි විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදුකරනවා ෴


නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

(22.06.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගොනු කළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේදීයි නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ෴


වවුනියාවේ නිවාස හා කෝවිල් කැඩූ අයෙක් අත්අඩංගුවට

(22.06.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ නිවාස තුනකින් (3) හා කෝවිල් දෙකකින් (2) රුපියල් ලක්ෂ පහක (5) පමණ මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකන ලද තරුණයකු වවුනියාව පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 21 ක් වූ මේ තරුණයා වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ නිවාස දෙකකින් රුපියල් 4,40,000 ක ස්වර්ණාභරණ සොරකම් කිරීම සහ වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් 50,000 ක ස්වර්ණාභරණ සොරකම් කිරීමට අමතරව කෝවිලක තිබූ භාණ්ඩ රැසක් ද සොරකම් කළ අයෙක්.

අවසන් වරට වවුනියාවේ කෝවිලක ශබ්දවාහිනී යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විසින් නිල සුනඛයකු යොදා ගෙන සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලදී මෙම සැකකරු කොටු වී තිබෙනවා.

ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී සොරා ගන්නා ලද භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සැකකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


ඝාතන ගැන සොයන්න ඇමැති ටිරාන් අලස්ගෙන් නියෝග

(22.06.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කරයි.

දකුණ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩි වීමට විශේෂයෙන් බලපා ඇත්තේ එම පළාත්වල සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය බවයි පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එවැනි අකාර්යක්ෂම නිලධාරීන් වහාම ඉවත් කර සුදුසු නිලධාරීන් පත් කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එහිදී දන්වා තිබෙන්නේ ෴


කොටන තුවක්කුවක් පත්තු වී සිසුවෙක් මරුට

(22.06.2023 – 12:36 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේදී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් සිසුවකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

මිය ගිය අය ඔහුගේ පියා සහ මව සමඟ ආගරේ ප්‍රදේශයේ පොල් වගා කර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස් ඇති අතර මව සහ පියා ඒ අසල ඇති කුඹුරේ පැලට ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේ එම ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ පුතා තුවාල සහිතව කොටන තුවක්කුවක් ද සමඟ වැටී සිටියදී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අඹන්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


විහාරස්ථානයේ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් සොයා දිවුලපිටිය පොලිසියෙන් විමර්ශන

(22.06.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය ගනේවත්ත බෝධිමලු විහාරස්ථානයේ භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් සොයා දිවුලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විහාරස්ථානයට ඇතුළු වූ නාදුනන පිරිසක් එහි තිබූ ත්‍රීරෝද රථයක්, විහාරාධිපති හිමියන්ගේ ජංගම දුරකථනය සහ කාර් කැසට් යන්ත්‍රයක් සොරාගෙන ඇත.

සොරාගන්නා ලද භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ඉක්මවන බවද පොලීසිය වැඩි දුරටත් පවසයි ෴


අනුරාධපුර පූජා නගරයේ සුනඛ ගැටලුවක්

(22.06.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පූජා නගරයට පිට පළාත්වලින් සුනඛයින් ගෙනවිත් දැමීම නිසා පූජා භුමියට පැමිණෙන බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව අනුරාධපුර මහ නගර සභාව පවසනවා.

එහි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ අනුරාධපුරයේ දී ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පූජා නගරයේ සැරි සැරූ සුනඛයින් 4500 ක් පමණ එන්නත්කරණය කර ඇති බවයි ෴


අටපිරිකර සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට

(22.06.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

අටපිරිකර සොරකම් කළ පුද්ගලයකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර මහා විහාර මහා පිරිවෙන් කාර්යාලයට ඇතුළු වී මෙලෙස භාණ්ඩ සොරා ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් සිවුරු රෙදි පාර්සල් එකසිය දහයක් (110), අඳනකඩ හැටක් (60), අටපිරිකර දෙකක් (2) සොරකම් කර තිබෙනවා. සොරකම් කරන ලද භාණ්ඩ මිහිඳුපුර ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.

මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය විමර්ශන සිදුකරයි ෴


ගාල්ලේදී සංඥා නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිස් වෙඩි

(22.06.2023 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උළුවිටිකේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේදි පලාගිය සැකකරුවන් තුන් (3) දෙනෙකුට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට උත්සහ කර ඇත්තේ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය නවත්වා පරීක්ෂා කිරීමේදි කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වීම හේතුවෙන්.

මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරින් එලෙස ඔවුන් අත්අඩංගුව ගැනීමට යාමේදි සැකකරුවන් දෙදෙනෙකු (2) පලාගොස් ඇති අතර තවත් සැකකරුවෙකු (1) ත්‍රිරෝද රථය රැගෙන පලායාමට උත්සහ කිරිමේදි පොලිසිය වෙඩි තබා තිබෙනවා.

අනතුරුව එම ත්‍රිරෝද රථය බද්දේගම මාර්ගයට ප්‍රවේශ වන අවස්ථාවේදි තවත් ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර සැකකරු ත්‍රිරෝද රථය දමා පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරට ලක්වු ත්‍රිරෝද රථයේ පසුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් තර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *