ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්


ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

(19.06.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.

2022 වසරේ දී ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 11.1% ක් වූ නමුත් මේ වසරේ මේ දක්වා කාල පරාසය තුළ එම අගය 8.4% ලෙස වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ රටක ලාදුරු පැතිරීම හොදින් පාලනය වී තිබේ නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු අතර එම ප්‍රතිශතය අඩු කිරීම එකවර සිදු කළ නොහැකි ඉතා අසීරු කටයුත්තක් බවයි.

විධිමත් හා ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හරහා 2030 වන විට ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අවශ්‍ය අවම ඉලක්කයට ලඟා වීම කළ හැකි බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ ෴


රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට මැර ප්‍රහාරයක්

(19.06.2023 – 22:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ කැලණිය පමුණුවිල සරත්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පෞද්ගලික නිවසට ඊයේ (18) රාත්‍රියේ පැමිණි නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී 10:45 ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකු නිවසේ නොසිටි බව වාර්තා වුණා.

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් බැන වදිමින් නිවසට අලාභ හානි කළ බවටයි එම අවස්ථාවේ නිවසේ සිටි ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

+


හම්බන්තොට මහ රෝහලෙන් විස්මිත සැත්කමක්

(19.06.2023 – 23:00 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මහ රෝහලේ දී (19) දින සිදු කල සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක (10) පමණ ගෙඩියක් ඉවත් කල බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර පවසනවා.

හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කල සැත්කමකින් මෙම ගෙඩිය ගර්භාෂයෙන් එළියට ගෙන තිබෙනවා.

සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා අදහස් දක්වමින්කි යා සිටියේ 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිනි බවත් උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටියා.

වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂන කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම අද (19) දිනයේ දි හම්බන්තොට මහ රෝහලේ දි සිදු කලා.

මෙම ගෙඩිය ගර්භාෂයේ පිහිටා ඇති බව පරීක්ෂණ වලින් හෙලි වීමෙන් පසුව සෙසු වෛද්‍යවරුන් හා කාර්යමන්ඩල සමග ඉතා සාර්ථකව මෙම සැත්කම හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර ගෙඩිය ඉවත් කිරිම සිදුකලා ෴


පේරාදෙණියේ මරණයට හේතු වූ නිර්වින්දන බෙහෙත – භාවිතයෙන් ඉවත් කරයි (19.06.2023)

+


වැලිමඩ රෝහලේ සත්කාරය – නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර (19.06.2023)

+


අලුත්වැඩියා වන පලාලි ගුවන්තොටුපොළ – ගුවන් ධාවන පථය දීර්ඝ කිරීමටත් තීරණයක් (19.06.2023)

+


සුන්දරත්වය වැඩි කරන්න වැව් තාවුල්ලට ආ සද්ධන්තයෝ – 19.06.2023

+


කොළඹ විශාකා විදුහල්පති හොර පාරෙන් පුරවලා.. පසුපස ප‍්‍රබලයෙක්…

(20.06.2023 – 10:40 +0530 – lankacnews.com)

කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිවරිය නියමිත පටිපාටියට පිටින් තනතුර සඳහා පත්කර ඇති බවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය චෝදනා කරයි.

හිටපු ප්‍රබල දේශපාලකයෙකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම දුෂිත කටයුත්තට සම්බන්ධ බවට සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පවසයි.

අදාළ විදුහල්පතිවරිය විශාකා විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ විදුහල්පති ධුරයේ නියමිත පලපුරුද්දවත් නොමැතිව බවටත් දැනටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයාපන අමාත්‍යාංශය මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ වැඩසහනකට එක් වෙමිනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *