‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය

‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය


‘හිරු CIA’ අනාවරණයෙන් නැවතුණු හොර ලයිසන් කඩය

(17.06.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නීත්‍යනුකූලව පැවරෙන වගකීමක්.

නමුත් එම වගකීම තමන් අතට ගත් මත්ලෝලී ජාවාරම්කරුවන් ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කරමින් මුදල් ඉපයීමට සමත් වන්නේ නම් එය මෙරට නීතියටත් එම දෙපාර්තමේන්තුවටත් කෙරෙන අවමානයක් වනවා.

‘හිරු CIA’ අද (17) අනාවරණය එලෙස ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කරන ජාවාරමක් පිළිබඳවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දෛනිකව සිය ගණනක් වේරහැර පිහිටි එම දෙපාර්තමේන්තුවට පැමිණෙනවා.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු කාඩ්පත් මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම මේවනවිට මාස ගණනක් තිස්සේ ප්‍රමාදවී තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේවනවිට මුද්‍රිත රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරනු ලබන්නේ විදෙස්ගතවන පුද්ගලයින්ගේ අවශ්‍යතාව සපුරාලීම සඳහා පමණයි.

මෙවන් පසුබිමක යම් පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රයක් සදහා අයදුම්කිරීමෙන් අනතුරුව ඊට අදාල කාඩ්පත නිසි ක්‍රමවේදය යටතේ ලැබීම සදහා දින කිහිපයක් ගතවීම නොරහසක්.

මෙම තත්ත්වය දඩමීමා කර ගනිමින් රියදුරු බලපත්‍ර ලබාදීම සදහා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ‘ව්‍යාජ රියදුරු බලපත්‍ර’ නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබදව ‘හිරු CIA’ කණ්ඩායම වෙත තොරතුරක් ලැබුණා.

ඒ අනුව නුගේගොඩ කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී J.P.S ජයමහ මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ කොට්ඨාශ අපරාධ අංශ නිලධාරින් සමඟ ‘හිරු CIA’ කණ්ඩායම වේරහැර පිහිටි එම ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථානය වෙත ලගාවුණා.

මේ රියදුරු පුහුණුව ලබාදෙන මුවාවෙන් පවත්වාගෙන යන එම ස්ථානයයි.

ඒ වනවිටත් පුද්ගලයින් කිහිප දෙනෙකු එහි පැමිණ සිටියේ රියදුරු බලපත් වංචනික ලෙස ලබා ගැනීමේ අරමුණින්.

නුගේගොඩ කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අදාල ස්ථානයේ පිටුපස පිහිටි කාමරයක් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියේ මෙලෙසින්.

එම අවස්ථාවේදීම ජාවාරම්කරු සහ ඔවුන්ගේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම ජාවාරම් කරුවෙත දුරකතන ඇමතුම් පැමිණියේ විවිධ අවශ්‍යතා මත වංචනික ලෙස රියදුරු බලපත් ලබා ගැනීමට අදාළවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ විමර්ශන නිලධාරීන් විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගියා.

නිවස පරික්ෂා කිරීමේදී පරිගණකයක ගබඩා කර තිබූ ව්‍යාජ ලෙස සැකසූ දත්ත රැසක්ම පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

රියදුරු බලපත් කාඩ්පත ලැබෙන තුරු භාවිතය සදහා නිකුත් කෙරෙන ‘තාවකාලික රියදුරු බලපත්‍ර’ සඳහා ව්‍යාජව සැකසූ පිටපතක්ද පරිගණකයේ තිබී හමුවුණා.

ඉන් අනතුරුව ජාවාරම්කරු සහ ඔහුගේ සහයකයා වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන ආ අතර මෙම ජාවාරම පිළිබඳ නීතිමය කටයුතු ඉදිරියට ක්‍රියාත්මකයි.

රාජ්‍ය ආයතනවල සේවාවන් මුදලට වංචනික ලෙස ලබා දෙමින් මත් ලෝලීන් සිදු කරන මෙවැනි ජාවාරම් පිළිබඳව ‘හිරු CIA’ ඉදිරියටත් සුපරීක්ෂාවෙන්.

+


මිරිස්කුඩු, තක්කාලි සෝස්, සුදු සීනි වලට සිදු කරන මගඩිය

(17.06.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala)

මිරිස් කුඩු වලට පිටි, ලුණු හා වර්ණක බොහෝ ලෙස එක් කර විකුණන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සම්බන්ධයෙන් නඩු විශාල සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද එම සංගමයේ රෝෂන් කුමාර සටහනක්ද තබා තිබෙනවා.

‘තක්කාලි සෝස්’ බොහොමයකට වර්ණ එක් කර ඇති අතර සමහර ‘කේටරින් තක්කාලි සෝස්’ වර්ග වල තක්කාලි කිසිවක් අඩංගු නොවන අවස්ථාද වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ රෝෂන් කුමාර වැඩිදුරටත් සටහන් තබා තිබෙනවා,

සුදු සීනි රතු කිරීමේ ජාවාරම්ද බහුල බව ඔහු පවසා සිටින අතර ඒ සම්බන්ධව නඩු රැසක් ගොනු කර ඇති බව වැඩිදුරටත් අනාවරණය කරනවා ෴


අයගම අහිරහස් මනුෂ්‍ය ඝාතනයක්

(17.06.2023 – 23:26 +0530 – hirunews.lk/sinhala)

අයගම මුණිහින්කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස අසලදී තම පුතා ඝාතනය කර ඇති බවට අද (17) උදෑසන අයගම පොලිස් ස්ථානයට එම මියගිය පුද්ගලයාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය තැනැත්තා මුණිහින්කන්ද – ගවරගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක තරුණයෙක්.

මෙම තැනැත්තා විවාහයෙන් වෙන්වී තනිවම නිවසේ පදිංචිව සිට තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුගේ මව එම නිවසට ගොස් ඇති අතර එහිදී මෙම මරණකරු කැපුම් තුවාල සහිතව නිවස අසල වතුර කරාමයක් ආසන්නයේ වැටී සිටිනු දැක තිබෙනවා.

මෘත දේහය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අදාල මරණය සිදුවූ ස්ථානයේ ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

අපරාධය සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ ෴


මේ දරුවා සනීප කරන්න බැරිද? “අම්මා අඬන්න එපා මම ආයෙත් නැගිටිනවා” – Hiru Maanaya (17.06.2023)

+


15-06-2023

තෙල් සහිත කෑම ගැන ඔබත් දෙපාරක් හිතන්න | හෘද රෝගීන් ගණන වැඩි වෙයි | තරුණ පිරිස් පවා ගොදුරු වෙයි | 17-06-2023

+


කොළඹ විශ්වවිද්‍යාලය පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් නිපදවයි | Prof Sameera R Samarakoon (16.06.2023)

+++++++++

VERNOLAC

Rs. 8,400.00

Multifaceted healing powers stored in natural remedial herbal ingredients have been processed microscopically using the state-of-the-art technology adhering to ancient wisdom to produce an effective anti-carcinogenic pill , yet another rendition of nature – nurture formula redefined on the concept of Quality of Life that helps everyone enjoy the best in life. Well researched and developed by the Institute of Biochemistry, Molecular Biology and Biotechnology of the University of Colombo, this trailblazing nutraceutical capsule contains anti-cancer properties that help controlling and eliminating cancer stem cells.

VERNOLAC, a nontoxic herbal formulation developed as a therapeutic relief for cancer, is enriched with immense potentials required to open up new avenues for a healthy life.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *