කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්


කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ – ජනාධිපති ලේකම්

(15.06.2023 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික කුරුන්දි විහාරයට අයත් ඉඩම රජයේ ඉඩමක් බව ජනාධිපති ලේකම් විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම ඉඩම කිසිවකුට බෙදා දීමට තීරණයක් ගෙන නොමැති බවයි එයින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

පසුගිය ජූනි 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණා.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බවත්, එබැවින් මෙම ඉඩම් බෙදා දීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා සිටියා.

දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්න ද, නුදුන්න ද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත්, එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබෙනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින් අද (15) ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

+


ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(15.06.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

[එම ලැයිස්තුව]

+++++

අති විශේෂ ගැසට් පත්‍රය :

2336/53 – 2023-06-15 – National Medicine Regulatory – Amendment to Medicine (Ceiling on Price) Regulation – 2019

[Sinhala][English]


දේශපාලනයේ TV ආධිපත්‍ය ඉස්සරහට නැතිවෙලාම යනව – සම්මන්ත්‍රණය කණපිට ගහපු කතාව (16.06.2023)

+


අනියම් පෙම නිසා වෙඩි තබා ඝාතනය කරයි

(16.06.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය – මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ දී ගිනි අවියකින් වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 36 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක්.

මරණකාරිය තම ඉඩම ඉදිරිපස ඇති මවගේ නිවසේ සිට තමා පදිංචි නිවසට පැමිණෙමින් සිටියදී නිවසෙහි වැසිකිලිය අසල සැඟව සිටි පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා පගාගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම මරණය අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන පුද්ගලයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුකර ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි මැදිරිගිරිය පොලිසිය පවසන්නේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

+


මෙරට හොඳම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි පත්වෙයි

(16.06.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගතකිරිමේ නවතම වාර්තාවට අනුව මෙරට විශ්වවිද්‍යාල අතර හොදම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි පත්ව තිබෙනවා.

කාර්යසාධන දර්ශක 13 ක් භාවිතා කරමින් මීට අදාළ වර්ගීකරණය සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


කොළඹට පාරිසරික හා දේශගුණික සැලැස්මක්

(16.06.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය උදෙසා පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු පරිසර අමාත්‍යාංශයේ සහය ඇතිව කොළඹ නගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන කියා සිටිය් එහි පළමු සාකච්ඡාව පරිසර අමාත්‍යාංශය සමග පැවැත්වූ බවයි.

මෙතෙක් කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් නොතිබූ බව පෙන්වා දී ඇති කොළඹ සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, මෙවැනි සැලැස්මක් මගින්, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේ දී වාතාශ්‍රයේ ගුණාත්මක බව රැකගත හැකි බව ද පෙන්වා දී තිබෙනවා.

නැවත කොළඹ නගරය, ආසියාවේ හරිත පුරවරය ලෙස දියුණු කිරීම කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ, කැළණි නදියේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය සුරැකීම, කඩොලාන හා ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය රැකගැනීම, වන ගහණය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධානද මෙහිදී සලකා බැලෙන බවයි.

බේරේ වැව, ඇළමාර්ග හා කානු පද්ධති සෞඛ්‍ය සනීපාරක්ෂාව උසස් වන් අයුරින් කළමණාකරණය කරලීම, නගරයේ සනීපාරක්ෂාව, අලංකාරය හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීමට ද, කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික සැලැස්මෙන් ඉටු කරගත හැකි බව, භද්‍රානි ජයවර්ධන පැවසුවා ෴


තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

(16.06.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පනාමුර – කෝන්කටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මත්පැන් පානය කළ පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (15) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


පොහොර සහනාධාරය ලබා නොදුන් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග

(16.06.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

අඩු වූ පොහොර සහනාධාරය නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගොවීන්ට මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊට අදාළව නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ෴


දික්වැල්ලේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි

(16.06.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල – දෙමටපිටිය කුමාරතුංග මාවතේ පසුගියදා යතුරුපැදිකරුවෙකු ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, දික්වැල්ල – කිරිනෙලිආර – නෙළුම්වැව – රත්මලේ ප්‍රදේශයේ නිවසක් අසළ ගාල් කර තිබියදියි.

සිය දියණිය පාසලට රැගෙන යාම සඳහා නිවස ඉදිරිපිට යතුරුපැදියේ සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණේ පසුගිය 13 වනදායි.

වෙඩි තැබීම සිදුකළ 51 හැවිරිදි තිදරු පියා පසුව මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණා.

ඊයේ (15) සොයාගත් මෙම මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට හෙළිවී ඇති අතර, මෝටර් රථය තුළ තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද හමුවී තිබෙනවා.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘වලස්ගල සුපුන් බුද්ධික’ නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 27 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) දෙමටපිටිය මංසන්ධියේ බුලත් කඩයක් පවත්වාගෙන යන 47 හැවිරිදි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් ද මෙලෙස වෙඩි තබා තිබුණා.

ඊට යොදාගෙන තිබුණේද ටී-56 වර්ගයේ ගිනි අවියක් වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාරුකර යැවුණේ මාතර මහ රෝහලටයි.

එම වෙඩි තැබීමද පාතාල සාමාජිකයෙකු වන ‘වලස්ගල සුපුන් බුද්ධික’ නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴


විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු ඈවර කර වසා දැමේ

(16.06.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්.

වියදම් කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තිවය යටතේ රජයේ ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යෑම පිළිබඳව යළි සළකා බැලීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම ආයතන දෙක මගින් ඉටුවන සේවාවන් වෙනත් රජයේ ආයතන මගින් සිදුවන බැවින් එම කරුණු සළකා විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු වසා දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *