විනාශ කිරීමට උත්සාහ දරන බෞද්ධ පුරාවිද්‍යා භූමි රැකගැනීමට සැවොම එක් විය යුතුයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලති

විනාශ කිරීමට උත්සාහ දරන බෞද්ධ පුරාවිද්‍යා භූමි රැකගැනීමට සැවොම එක් විය යුතුයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලති


විනාශ කිරීමට උත්සාහ දරන බෞද්ධ පුරාවිද්‍යා භූමි රැකගැනීමට සැවොම එක් විය යුතුයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලති

(14.06.2023 – 07:59 +0530 – lankaleadnews.com)

ජනවරමක් නැති ජනාධිපතිවරයා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය විනාශ කරන්නට වෙර දරන බවත්, මේ මොහොතේ එය රැකගැනීමට සැවොම එක් විය යුතු බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ.

මේ මොහොත වන විට ජනාධිපතිවරයාගේ බලපෑම මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙන බවත් මේ ඔස්සේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩකඩම් වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රටේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක ආර්ථිකය ගොඩනැංවීම පිණිස රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට තෝරා ගත්තා මිස ඔහුට කිසිසේත්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියට අත තබන්නට අයිතියක් නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. පුරාවිද්‍යා රක්ෂිතවල වගකීම පැවරී තිබුණේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැවින් මේ මොහොතේ රටේ ප්‍රෞඪත්වය රකිමින් සාක්ෂි සහිතව ඉතිරිව තිබූ ඉතිහාසය රැක ගැනීමට සියලු ජනතාව එක් රොක් විය යුතුයැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඊයේ (13) බැහැදැක ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ ප්‍රකාශ කළහ.

සමන්ති වීරසේකර – මතුගම සෙනවිරුවන්
(දිවයින)

++++++++++

+++++++++

++++++++++

+++++++++++

+++++++++++

++++++++++

+++++++++++

+++++++++++

+++++++++++

+


15-06-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *